පාර්ලිමේන්තු මන්ත්‍රීන් නිලන්ති කොට්ටචි මහත්මිය සම්බන්ධයෙන් එල්ල වන චෝදනා පෞද්ගලික ගැටළු බව කෘෂිකර්ම ඇමති කේ.ඩී. ලාල් කාන්ත මහතා සඳහන් කරයි.Sri Lanka Latest News
ඒවා මාධ්‍යවලට හෝ රටේ ජනතාවට ඇති ඵලක් නැති බවද හෙතෙම සඳහන් කළේය.
එමෙන්ම එම ගැටළුව පොදු දේවල අව භාවිතාවක් සම්බන්ධයෙන් චෝදනා එල්ල නොවන බවද පැවසු ඔහු ඔවුන්ගේ පෞද්ගලික ගැටලු ඔවුන් විසදාගනු ඇති බවද කියා සිටියි.
මෙවන් පෞද්ගලික කාරණා පුවත්පත්වල මුල් පුවත්වල වාර්තා කිරීමේ කිසිදු උවමනාවක් නැති බවද පුවසූ ඔහු ජනතාවටද මෙවන් පුද්ගලික ප්‍රශ්නවලින් වැඩක් නැති බව ද සඳහන් කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රිනී නිලන්ති කොට්ටච්චි සම්බන්ධයෙන් එළවන චෝදනාවන් පිළිබඳව මාධ්‍ය කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කරන ලදී.
‘මම නම් කියන්නේ ප්‍රේම කරන අය ප්‍රේම කරගත්තාවේ. ඒවා මේ රජයේ දේපල පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයිනේ.
සමාජ මාධ්‍ය කියලා කිව්වට සමාජ මාධ්‍ය වගකීමෙන් වැඩ කරන්නේ නෑ. වැඩ කරන අයත් ඉන්නවාග හරියට.
එක කෙනෙක් නාන්නේ කොහොමද කන්නේ කොහොමද එයාගේ මොකක්ද ප්‍රේම සම්බන්ධතා
පොදු දේවලුයි පුද්ගලික දේවලුයි පටලගෙන තියෙන්නේ මේ ඔක්කොම. සමාජ මාධ්‍යයක් එහෙමයි. සමහර මාධ්‍යයත් එහෙමයි.
මිනිස්සුත් එහෙමයි මිනිස්සුන්ටත් කාටවත් වැඩක් නෑනේ කොට්ටච්චි ඉන්නෙ කා එක්කද යන්නෙ කා එක්කද කියන එක. ඒක කොට්ටච්චියි ඒ පවුල්වල අයයි බලාගනී’










