• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලයිකා මොබයිල් හිමිකරු අල්ලිරාජා සුබාෂ්කරන් EAP මාධ්‍ය ජාලය ඇතුලු මාධ්‍ය ආයතන රැසක් අත්පත් කරගැනීම නීති විරෝධියි! ඉදිරිපත් වූ පෙත්සම යළි කැඳවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! නීති උල්ලංඝනය කරලා! මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් කරලා! Sri Lanka Latest News

February 23, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
ලයිකා මොබයිල් හිමිකරු අල්ලිරාජා සුබාෂ්කරන් EAP මාධ්‍ය ජාලය ඇතුලු මාධ්‍ය ආයතන රැසක් අත්පත් කරගැනීම නීති විරෝධියි! ඉදිරිපත් වූ පෙත්සම යළි කැඳවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! නීති උල්ලංඝනය කරලා! මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් කරලා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ලයිකා මොබයිල් සමාගම විසින් මෙරට ජනමාධ්‍ය ආයතන අත්පත් කර ගැනීමේ ක්‍රියාවලිය තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත්, එම සමාගම විසින් මෙරට අත්පත් කරගෙන තිබෙන දේපල යළි රජයට පවරා ගන්නා ලෙසත් නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා අල්ලස හා දූෂණයට එරෙහි පුරවැසි සංවිධානයේ සභාපති ජාමුණි කමන්ත තුෂාර විසින් ඉදිරිපත් කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සළකා බැලීම සඳහා මාර්තු මස 27 වැනිදා එම පෙත්සම කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය 20වැනිදා නියෝග කළේය. Sri Lanka Latest News

මෙම පෙත්සම ගාමිණී අමරසේකර, කුමුදුනී වික්‍රමසිංහ සහ සෝභිත රාජකාරණා යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවන ලදී.

එහිදී ඉදිරිපත් වූ කරුණු සළකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා මාර්තු මස 27 වැනිදා කැඳවන ලෙස නියෝග කළහ.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස විදුලි සන්දේශ නියාමන කොමිසම, විදුලි සංදේශ අමාත්‍යාංශයේ ලේකම්වරයා, ශ්‍රී ලංකා මහ බැංකුව, අල්ලස් කොමිසම ඇතුළු පාර්ශව කිහිපයක් නම් කරනු ලැබ ඇත.

පෙත්සම්කරු කියාසිටින්නේ, ලයිකා මොබයිල් සමාගම විසින් මෙරට ඊඒපී මාධ්‍ය ජාලය ඇතුළු ජනමාධ්‍ය ආයතන කිහිපයක් නීතිවිරෝධී ලෙස අත්පත් කරගෙන තිබෙන බවයි.

එම ජනමාධ්‍ය ආයතන අත්පත් කර ගැනීමේදී අදාළ සමාගම මෙරට නීතිය උල්ලංඝනය වන ආකාරයෙන් කටයුතු කර ඇති බවත්, මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකර ඇති බවත් පෙත්සමේ චෝදනා කර තිබේ.

මෙම වගඋත්තරකාර සමාගමේ ක්‍රියා කලාපයන් හේතුවෙන් ජාතික ආරක්ෂාවට ද තර්ජනයක් එල්ල වී තිබෙන බව පෙත්සම්කරු සඳහන් කරයි.

මෙම ක්‍රියාව තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් අදාළ ජනමාධ්‍ය ආයතන අත්පත් කර ගැනීමේ ක්‍රියාදාමය පිළිබඳව විමර්ශනයක් සිදුකරන ලෙස අල්ලස් කොමිසම වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා සිටී.

ඊට අමතරව, අදාළ සමාගම විසින් අත්පත් කරගෙන තිබෙන මෙරට දේපළ රජයට පවරාගන්නා ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.

මෙහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා පෙනීසිටින අතර, වගඋත්තරකාර සමාගම වෙනුවෙන් ජනාධිපති නීතිඥ සංජේ රාජරත්නම් ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙනීසිටිති.

SendShareShare
Previous Post

ජම්බුගහපිටියේ ගෙදර රෝහිණී කුමාරි විජේරත්න වන මම කවිරත්න වුණේ මෙහෙමයි! ජේ.ආර්.‌-ගාමිණී ගැන කියමින් රෝහිණී ඇමැති නලින් හේවගේට මුලු ඉතිහාසයම කියලා දෙයි! Sri Lanka Latest News

Next Post

අනුර අලුත් අවුරුදු මාසයේදී විශේෂ දළදා ප්‍රදර්ශනයක් තියන්න ලෑස්ති වෙයි!Sri Lanka Latest News

MORE NEWS

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

Load More
ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව ලබන සිකුරාදා (24) විවාදයට ගැනීමට නියමිතය.Sri Lanka Latest...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.