• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තවත් හෙණ ගහන ඖෂධ ජාවාරමක තොරතුරු උසාවියේදී එළියට! ලැක්ටියුලෝස් සිරින්ජරය රුපියල් 1408කට දෙන්නම් කියද්දී 2490 ගානේ සිරින්ජර් 90000ක් මිලට අරන්! වංචාව මිලියන 97ක්! එක සැකකරුවෙක් ලක්ෂ 1444ක් අරන් ගිහින් තියෙන්නේ ටියුලිප් බෑග් එකකට දාගෙන! ඒ සල්ලිවලට වෙච්ච දේ අදටත් හොයාගන්න නෑ! VIDEO I Sri Lanka Latest News

October 9, 2024
in Exclusive
Reading Time: 4 mins read
A A
රුපියල බහින බැහිල්ලෙන් බෙහෙත් 20%කින් නගී!
Share on WhatsAppShare on Facebook

2023 වර්ෂයට අදාළව වෛද්‍ය සැපයුම් අංශය සිදුකළ එන්නත් මිලදී ගැනීමකදී රජයට රුපියල් මිලියන 97ක පාඩුවක් සිදුව ඇති බවට නීතිපතිවරයා ඊයේ (08) මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළේය.Sri Lanka Latest News

ඒ අනුව, මාලිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය අල්ලස් කොමිසමට නියෝග කළේ, පැමිණිල්ලට අදාළව ඉදිරි පියවර ගන්නා ලෙසය.

ප්‍රශ්නගත හියුමන් ඉමියුනෝගොබියුලින් එන්නත් මිලදී ගැනීමේදී වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂවරයාව සිටි කපිල වික්‍රමනායක මහතාගේ පාලන සමයේ සිදුවූ තවත් වංචාවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කළේය.

එම කොට්ඨාසය වෙනුවෙන් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මීණී ගිරිහාගම මෙනෙවිය සඳහන් කළේ, “ලැක්ටියුලෝස්” නම් ඖෂධය මිලදී ගැනීමේදී මෙම වංචාව සිදුව ඇති බවය.

“ස්වාමිනී, ලැක්ටියුලෝස් 120 mlකියන සිලින්ජරය වෛද්‍ය සැපයුම් අංශයට සපයන්න මෙඩිකොම් කියන ආයතනය වසර 05කට ගිවිසුම්ගත වී තිබෙනවා. නමුත් එම ආයතනය සතු ඖෂධ සැපයීමට අදාළ ලියාපදිංචි සහතිකය කල් ඉකුත්වීම නිසා, 2023 වසරේ යම් කාලයකට ඖෂධය සැපයීමට ඔවුන්ට නොහැකි වනවා. එම සමාගම එවකට වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂවරයාව සිටි කපිල වික්‍රමනායකට දැනුම් දී තිබුණේ අදාළ ඖෂධ සිලින්ජර කුප්පියක් රුපියල් 1,408කට ලබාදිය හැකි අතර, ලියාපදිංචි සහතිකය හැකි ඉක්මණින් සකස් කරගන්නා බවටය. එසේ තිබියදීත් වෛද්‍ය සැපයුම් අංශය එක් එන්නත් සිලින්ජරයක් රුපියල් 2,490 බැගින් ලබාගැනීම සඳහා ටෙන්ඩරය නිව්ජන් නැමැති වෙනත් සමාගමකට ලබාදෙනවා. එලෙස එන්නත් සිලින්ජර 90,000ක් සඳහා ටෙන්ඩරය ලබාදීමෙන් රජයට සිදුව ඇති පාඩුව රුපියල් මිලියන 97.3ක්. මේ සම්බන්ධයෙන් වූ පැමිණිල්ල අල්ලස් කොමිසමට යොමුකර විමර්ශනයක් ආරම්භ කරන ලෙස මා ඉල්ලා සිටිනවා.” 

කරුණු සලකා බැලූ මාලිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය මෙම පැමිණිල්ලට අදාළව ඉදිරි පියවර ගන්නා ලෙස අල්ලස් කොමිසමට නියෝග කළාය.

මේ අතර ප්‍රශ්නගත ප්‍රමිතියෙන් තොර එන්නත් සම්බන්ධයෙන් වූ නඩුව අද යළි මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවනු ලැබීය.

එහිදී මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින ප්‍රශ්නගත ප්‍රමිතියෙන් තොර ඖෂධය සැපයූ සැපයුම්කරු වෙනුවෙන් නීතීඥවරුන් ඉදිරිපත් කළ ඇප අයැදුමට නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනෙවිය සිය විරෝධය පළ කළාය.

“ස්වාමීනි, මෙම සැකකරුට ඇප ලබාදීමට මම තරයේ විරුද්ධයි. ඉකුත් සැප්තැම්බර් 24 වැනිදා බන්ධනාගාර නිලධාරීන් පිරිසක් අංගොඩ ජාතික මානසික රෝග විද්‍යා ආයතනයට ගොස් ඒ වනවිට එහි ප්‍රතිකාර ලබමින් සිටි සැකකරු, කිසිඳු නීත්‍යානුකූල නියෝගයක් නොමැතිව බන්ධනාගාර රෝහල වෙත රැගෙන ගොස් තිබෙනවා. ස්වාමීනි,මෙය දැඩි සැකයට තුඩුදෙන හේතුවක්. මොකද, මෙම සැකකරු නිදහස් කරගැනීමට විශේෂ උනන්දුවක් දක්වන කිනම් හෝ පුද්ගලයෙක් සිටින බව පේනවා. සැකකරු ටියුලිප් බෑග්වලින් අරගෙන ගිය ලක්ෂ 1444කට සිදුවූ දෙය තවම හොයාගන්න බැහැ. අපි ඒ ගැන තවදුරටත් විමර්ශනය කරනවා. සැකකරු අංගොඩ මානසික රෝග විද්‍යා ආයතනයෙන් පිටතට ගැනීම ගැනත් විමර්ශනයක් කළ යුතුයි. එමනිසා මොහුව ඇප මත මුදා නොහරින ලෙස මා ඉල්ලා සිටිනවා.” 

කරුණු සලකා බැලූ මාලිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය ඔක්තෝබර් 22 දක්වා සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළාය.

SendShareShare
Previous Post

විමල් හිටිහැටියෙම ෆේස්බුක් එකේ ජවිපෙ වීඩියෝ එකක් දැම්මේ ඇයි? විමල් මේ දවස්වල වැඩිය පේන්නේ නැත්තේ මොකද? VIDEO I Sri Lanka Latest News

Next Post

ඡන්දෙ ඉල්ලන අයට උපාධියක් තියෙන්නම ඕනෙද? ඕලෙවල් ඉංග්‍රීසි ෆේල් වෙච්ච හිටපු මැකො කියන කතාව අහලා බලන්නකෝ! මේ වෙලාවේ ඒක කරන්න ගියොත් මොකද වෙන්නේ? VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.