ලබන සිකුරාදා දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යෝජිතව තිබූ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත් කෙටුම්පත බොහෝදුරට එදින විවාදයට නොගනු ඇති බව දැනගන්නට ඇත.
ආණ්ඩුවේ පාර්ශ්ව කිහිපයක්ම මේ සම්බන්ධයෙන් දැඩි විරෝධතා දැක්වීම ඊට හේතුව බව දැනගන්නට තිබේ.
ඊයේ පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේදීද අගමැතිවරයා දැනුම් දී තිබුණේ තේරීම් කාරක සභාවක් පත්කොට ඒ සම්බන්ධයෙන් වැඩිදුර කරුණු විමර්ශනය කළ යුතු බවකි.
ඒ අනුව හෙට දිනයේදී මේ බව ආණ්ඩුවේ පක්ෂ නායකයන්ට දැනුම් දීමට නියමිත බව වාර්තා වේ.










