කෘෂිකර්මාන්තය සහ ඒ ආශ්‍රිත රැකියා අවස්ථාවන් සඳහා ශ්‍රී ලංකාවට සහාය ලබා දීමට කොරියානු සුළු පරිමාණ ව්‍යවසායක සංගමය ඉදිරිපත්ව සිටියි. (Sri Lanka Latest News)
එමෙන්ම ධීවර කර්මාන්තයට අවශ්‍ය තාක්ෂණික සහාය සහ පුහුණුව සඳහා පහසුකම් සැලසීමට ද කොරියානු සුළු පරිමාණ ව්‍යවසායක සංගමය එකඟතාව පළකර තිබේ.
කොරියානු සුළු පරිමාණ ව්‍යවසායක සංගමයේ නියෝජිත කණ්ඩායමක් හා ජනාධිපති කාර්යාලයේ නිලධාරීන් අතර ජනාධිපති කාර්යාලයේදී අද (13) පැවති සාකච්ඡාවේදී මෙම කරුණු අනාවරණය විය.
කොරියාවේ ධීවර කර්මාන්තය සඳහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් මෙරටදීම පුහුණු කිරීම සහ රැකියා අවස්ථාවන් ලබාදීමට ද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කෙරිණි.
කොරියානු සුළු පරිමාණ ව්‍යවසායක සංගමයේ සභාපති කිම් චුන්ග් රෙන්ග් (Kim Chung Ryong) මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.




ජනාධිපති මාධ්‍ය අංශය










