• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

71 සිට 94 දක්වා හෙළි නොවුණු ජවිපෙ රහස් වැඩිය පේන්න නැති කිතුලේගොඩ හෙළිකරනවා! Sri Lanka Latest News

November 15, 2025
in Exclusive
Reading Time: 7 mins read
A A
71 සිට 94 දක්වා හෙළි නොවුණු ජවිපෙ රහස් වැඩිය පේන්න නැති කිතුලේගොඩ හෙළිකරනවා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීර සමීපව ඇසුරු කළ 1971 අරගලයේදී මෙන්ම සහ 88-89 සමයේද ක්‍රියාකාරිකයකුව සිටි 60 දශකයේ අගභාගයේ සිට අද දක්වාම ක්‍රියාකාරී දේශපාලනයේ නිරත ජිනදාස කිතුලේගොඩගේ අත්දැකීම් ඇසුරින් මෙම ලිපිය සැකසිණි.Sri Lanka Latest News

1965 දී තමා මම විද්‍යෝදයට (ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය) එන්නෙ. ඒ කාලෙ අපේ බැච් එකේම පුංචිහේවා කියලා සහෝදරයෙක් හිටියා. එයා 67දී, ‘අලුත් දේශපාලන ව්‍යාපාරයක්’ තියෙනවා සෙට් වෙමුද කියලා ඇහුවා. හා හා බලමු කීවා මිසක් මම එච්චර උනන්දු වුණේ නෑ. ඇවිත් අවුරුදු දෙකක් විතරයි ගෙවිලා තිබුණේ. 1968 වෙද්දි වැඩිදෙනකු අතර මේ අලුත් දේශපාලන මතවාදය තියෙන බව දැනෙන්න ගත්තා. රහසිගතව තිබුණු සංවිධානයක් නිසා කවුරුත් ප්‍රසිද්ධියේ කීවෙ නෑ. ‘ව්‍යාපාරය’ කියල තමා කීවේ. හැටඅටේදී අනුරාධපුරයෙන් කැම්පස් ආව පොඩි සෙනෙවි නම් ජූනියර් කෙනෙක් තමා ඉස්සරලාම මේ ගැන සාකච්ඡාවක් ගත්තෙ. පංති පහේ මූලික පන්ති හතරම කළේ ඒ කාලෙ තරුණ භික්ෂුවක් වෙච්චි නාරංබැද්දේ පියදස්සි හිමි. පසුකාලෙක කෑගල්ලෙන් පොදු පෙරමුණෙන් ඡන්දෙ ඉල්ලලා පළාත් සභා ගියපු ජගත් නාරංබැද්ද. පස්වැනි පන්තිය කළේ ප්‍රේමපාල හේවාබටගේ.

කටුමැටි ගසා තිබුණු පුංචි පැල

1969 දී අපිව අධ්‍යාපන කඳවුරකට යැව්වා. හොරගොල්ලෙ සිරිමාවෝ බණ්ඩාරනායක නෝනගෙ පොල්වත්තක කටුමැටි ගසා තිබුණු පුංචි පැලක තමා ඒක තිබුණේ. එතැන ආරක්ෂිතයි. මුරකරු හැටියට හිටියෙ පක්ෂයේ සහෝදරයෙක්. මේ අධ්‍යාපන කඳවුර මෙහෙයවන ලද්දේ පියතිලක සහෝදරයා. එයා අප්‍රේල් මහ නඩුවේ 01 වැනි විත්තිකරු. ඒ අධ්‍යාපන කඳවුරෙන් අධ්‍යාපනය හදාරලා හමාර වුණාට පසුව යායුතු මාර්ගය මෙය බව ඇඟට දැනෙන්න ගත්තා. සමසමාජ, කොමියුනිස්ට් අය වැඩ කරමින් සිටින්නේ කොහොමද කියලා වඩාත් හොඳින් තේරුණා. නිවාඩුවට ගමේ ගියාම දේශපාලනයට නැඹුරු යාළුවොත් එක්ක කතාකරලා, වාද කරලා දිනන්න දැනුමක් ගන්න හිතාගෙන තමා මුලින්ම මේ සාකච්ඡාවලට ගියේ. ඒත් අධ්‍යාපන කඳවුරෙන් පසුව ඇත්තටම මේ සමාජය වෙනසක් කරන්න මැදිහත් වෙන්න ඕනෙ කියන එක දැනුණා. ඒක කළ හැක්කේ අපටමයි කියන හැඟීම දැඩිව ඒත්තු ගියා.

1970 දී කැම්පස් එකෙන් අවුට් වුණු ගමන් විද්‍යාලංකාරයේ (කැලණිය විශ්වවිද්‍යාලය) ෆුල් ටයිම් වැඩකරන්න කියලා ඉල්ලීමක් ආවා. එතැනදි මගේ නායකයා වුණේ පියසිරි කුලරත්න. මේ දවස්වල සංඝාරාමය අපේ යන එන, අධ්‍යාපන කඳවුරු තියන තැනක් බවට පත්වෙලා තිබුණා. විජේවීර සහෝදරයත් එතෙන්ට එනවා. පේරාදෙණියෙන් බෝපගේ එනවා. ඌ මහත්තයා හෙවත් උයන්ගොඩ එනවා. කාලා බීලා නවාතැන් අරන් පහුවදා යනවා. අප්‍රේල් 03 වැනිදා පියතිලක සහෝදරයයි, ඌ මහත්තයයි ඇවිත් මම හිටපු කාමරයට තට්ටු කරලා, ‘මෙන්න මේක අරන් තියන්න’ කියලා පාර්සලයක් දුන්නා. ඒක ඒ දෙන්නා 05 වැනිදා ප්‍රහාරයේදී භාවිත කරන්න හිතාගෙන හිටපු යුනිෆෝම් දෙක. අපි පස් දෙනෙක් කැඳවලා ප්‍රහාරයට සූදානම් වෙන්න කීවා. මට රු. 500ක් දීලා මේකෙන් තුවක්කුවක් ගන්න කීවා. ඒ කාලෙ තුවක්කුවක් ගන්න ඒ ගාන හොඳටම ඇති. ප්‍රහාරයට සූදානම් වුණු පස්දෙනාගෙ කණ්ඩායම වුණේ සුනිල් රත්නසිරි ද සිල්වා, (මහ නඩුවේ 16 වැනි විත්තිකරු) ෆෝස්ටර් බමුණුසිංහ, ජයසේන සහ විලී ගමගේ.

මහරගම කේස් එක

බුලර්ස් රෝඩ් එකේ හමුදාපතිගෙ නිල නිවාසයට පහරදීම තමා අපි පස්දෙනාට පැවරුණු රාජකාරිය වුණේ. ඒ සඳහා ටින්වල අහුරන ලද බෝම්බ දෙක ගානෙ 10ක් ලැබුණා. ඒත් කලින් දවසේ රෑ 10 වෙද්දි පහරදීම තාවකාලිකව නතර කරන්න කියලා පණිවුඩයක් ලැබුණා. වෙන කොහේ හරි තැනකට සම්බන්ධ වෙන්න කියලත් තිබුණා. ඒත් රෑ 11 විතර වෙද්දී ගල්බෝර පුපුරනවා වගේ සද්ද ඇහෙන්න ගත්තා. බලනකොට කට්ටියක් මහරගම පොලීසියට ගහනවා. එයාලට පණිවුඩේ ගිහින් නෑ. සංඝාරාමයේ තාප්පෙන් එහා පොලීසිය. අපිත් මේකට ගහන්න තීරණය කළා. තාප්පෙන් බහින්න හදද්දිම ඒ පැත්තෙන් උඩට වෙඩි තියනවා. මහරගම කේස් එක දන්න නිසා මේ පොලිසිය කලින්ම රෙඩි වෙලා. වැඩේ අසාර්ථක නිසා පාන්දර 04 වෙද්දි අපි එතැනින් පිටවෙලා යන්න ගියා. ඊට පස්සෙ මම හම්බන්තොට දිසා ලේකම් වෙලා හිටපු ඇන්ටිස් අයියා හම්බවෙන්න කතරගම ගියා. මගදි බස් එක නවත්තලා චෙක් කරන්න ගත්තා. නෝනාගම හංදියේදී තරුණ අය බස් එකෙන් බස්සවනවා. එතැනදිම තරුණ අම්මා කෙනෙක් දරුවා පොඩ්ඩක් අල්ල ගන්න කියලා මට දුන්නා. මම එයාව වඩාගත්තා. දැන් මම පුංචි දරුවෙක් වඩාගත්තු තාත්තා කෙනෙක්නෙ. ඉතින් මම ගැන බලන්නෙ නැතුව අනිත් තරුණයින් ගැන විතරක් පොලිසියේ අවධානය යොමුවෙලා තිබුණා. මම ඊළඟ බස් හෝල්ට් එකෙන් බැස්සා. යන්න තැනක් නෑ. ඇඹිලිපිටියෙ මොරකැටියෙ අයියා කෙනෙක් හිටියා. පයින්ම එහෙට ගියා. මොනරාගල කැලෑව මැද්දෙ ඒ අය හේනක් කොටලා වාඩියක් ගහගෙන තිබුණා. එතැන අයියයි, එයාගෙ යාළුවෙකුයි, යාළුවගෙ යාළුවෙකුයි හිටියා. ඒ යාළුවගෙ කකුලේ ඇස්වට කළු වෙලා. ඒ කියන්නෙ එයා ව්‍යාපාරෙ කියලා මම දැනගත්තා. ඒත් අඟවන්න ගියෙ නෑ. අපි දෙන්නට දෙන්න ඒ ගැන මොකුත්ම කතා කරේ නෑ. මාස 2ක් විතර එතැන හිටියා.

ප්‍රධාන නගරවල රැස්වීම්

76 දී හදිසි නීතිය ඉවත් කළාම ගමනායක, සිරි අයියා (සෝමවංශ අමරසිංහ) එළියට ඇවිත් පුවත්පත් සාකච්ඡාවක් තිබ්බා. ප්‍රධාන නගරවල රැස්වීම් තියන්න ගත්තා. 77 හත් හවුල් ආණ්ඩුවෙන් මැතිවරණයේදී දුන් පොරොන්දුවක් අනුව අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභා පනත අහෝසි කළා. ඒ නිසා රෝහණ සහෝදරයටත් එන්න හැකිවුණා. හිරගෙදරින් දෙන සරමයි ෂර්ට් එකයි විතරයි එයාට තිබුණේ. කලිසම් රෙදි නෑ. හරිම හිඟයි. සහෝදරයන්ගෙන් එකතු කරලා තමා කලිසමක් කමිසයක් අරන් දුන්නෙ. එතකොට මම බැංකුවෙ රස්සාවට ගිහින් වැඩ කරමින් හිටපු නිසයි, සමුපකාරෙක යාළුවෙකු හිටපු නිසයි මට කලිසම් 3ක් තිබුණා.

මේ කාලෙ මාව බැංකුවෙන් එහෙට මෙහෙට මාරු කරනවා. මාව රත්නපුරයට මාරු කළා. රත්නපුර හම්බන්තොට වගේ පැතිවල අපේ සාමාජිකයින් හිටියෙ නෑ. මුළු දිස්ත්‍රික්කෙටම හිටියෙ 3ක් හෝ 4ක්. බෝල්ෂෙවික් පක්ෂ ආකෘතියට අනුව කණ්ඩායමක 5 දෙනෙක් සිටිය යුතුයි. රත්නපුරේ 5ක් නෑ. කළුතරත් නෑ. ඊට පස්සෙ දිස්ත්‍රික්ක දෙකම එකතු කරලා තමා 5 දෙනකුගෙ කණ්ඩායම හැදුවෙ. රත්නපුරෙන් මමයි, ආනන්ද ගමගේ සහෝදරයයි ආවා. කළුතරින් එහි දිසා ලේකම් ලෙස කටයුතු කළ නිමල් කියලා සහෝදරයෙකුයි, බොරැල්ලේ රෙදි කඩයක් දාගෙන හිටපු වික්‍රම, බණ්ඩාරගම ධනෝරිස් අයියායි එක්ක තමා 5 දෙනා හැදුණේ. ගමනායක සහෝදරයා තමා ඇවිත් බෝල්ෂෙවික් කණ්ඩායම පිහිටෙව්වෙ. ඊට පස්සෙ ඇඹිලිපිටියට ගියා. ආයෙම 1982 වෙද්දි මාතරට මාරු කළා. මාතරදි රෝහණ සහෝදරයා නිතර හමුවුණා.

‘රෝහණ සහෝදරයා මුලින්ම දැක්කෙ නුවරඑළිය උසාවියේදී. පළමුවැනි වතාවට අත්අඩංගුවට පත්වෙලා නුවරඑළිය උසාවියට තමා දැම්මෙ. ඒ නඩුව කැඳවපු දවසේ අපි කට්ටියක් කෝච්චියේ ගියා. ඊට පස්සෙ විද්‍යෝදයේ 1970 ජූලි 04 දා ‘සී.අයි.ඒ.කාරයෝ’ යනුවෙන් දේශනයක් පැවැත්වුවා. නිතර සංඝාරාමයට ආවා, ගියා. දවසක් ඇඹිලිපිටියෙ තිබුණු රැස්වීමකට යමින් ඉඳිද්දී, වැස්සට අහුවෙලා මගදි තේ කඩේකට කොටුවෙලා හිටියා. ඔතැන ඉඳිද්දී ජීප් එකක් ගියා. ආයෙම රිවස් කරගෙන ආවා. ජීප් එකේ ඉස්සරහ රෝහණ සහෝදරයා. කොහෙද යන්නෙ අහලා, ඇඹිලිපිටියෙ රැස්වීමට කීවම ‘යමු’ කියලා මාවත් දාගෙන ගියා. ඇන්ටිස් අයියා විවාහ වෙද්දී අවුරුදු 42යි. අපි තමා මනමාලි බලන්න ගියේ. අස්සන් කරන්න ආවෙ රෝහණ සහෝදරයයි, දයා වන්නිආරච්චියි. ඒ වගේ තැන්වලදිත් ඔහු හමුවුණා. මාතරදි නිතර හමු වුණා.’

චීන කොමියුනිස්ට් පිලෙන් කැඩිලා

‘ළඟින් ආශ්‍රය කරන්න කලින්ම මට රෝහණ සහෝදරයා ගැන ලොකු භක්තියක් තිබුණා. ඒ වෙද්දි එයා අවුරුදු 21ක කෙනෙක්. අපට අවුරුදු 21 වෙද්දි දේශපාලන වශයෙන් මෙලෝ දෙයක් දන්නෙ නෑ. ඒත්, ඔහු ලෝකයේ මේ වගේ සංවිධාන අධ්‍යයනය කරලා, මේ ව්‍යාපාරය බිහි කළා. ඒ තරම් අඩු වයසකින් දේශපාලන පරිණතභාවයට පත්වෙනවා කියන්නෙ ලොකු කාරණයක්. ලුමුම්බා විශ්වවිද්‍යාලයේ ගිහින් වෛද්‍ය උපාධිය අතෑරලා ඇවිත් දේශපාලනය කරනවා කියන්නෙ වෙනම ගැම්මක්. සල්ලි බාගෙ නෑ. හිතේ තියෙන ධෛර්ය, දැනුම එකතු කරලා මේ වගේ වැඩක් කළ යුතුයි කියලා එන අදහසම ඇති ඔහු මොන වගෙ කෙනෙක්ද කියලා තේරුම් ගන්න. අපි ඔහුට ආකර්ෂණය වුණේ ඒකයි. ඒ වගේ ළාබාල කාලයකදී එහෙම නම් ඉදිරියේදී කොහොම වෙයිද හිතුණා. ඒක විශ්වාසයක්. භක්තියක්. ඒ නිසාම මොන විදිහකටවත් අතාරින්න හිතුණෙ නෑ. චීන කොමියුනිස්ට් පිලෙන් කැඩිලා පක්ෂ ගණනාවක්, සංවිධාන ගණනාවක් හැදුණා. දැන් කවුරුවත් නෑ. මේ දක්වාම එන්න මේ ව්‍යාපාරයට හැකි වුණේ ඒ අද්විතීය නායකත්වය නිසයි.’
80 ගණන් වන විට ජේ.ආර්. නම් නරුම පාලකයා එයාලා කරපු අපරාධ ටික වහගන්න, ඒවා අපේ පිට දාලා 83 වෙද්දි අපේ පක්ෂය තහනම් කරනවා. ඒ තහනමත් සමග ඉහළ මට්ටමේ හිටපු බොහෝ දෙනෙක් පක්ෂය දාලා යනවා. පක්ෂයේ මධ්‍යම කාරක සභාව පවා සෝදාපාළුවට ලක්වෙනවා. පක්ෂයේ මධ්‍යම කාරක සභාවට සාමාජිකයින් තෝරාගනිද්දී අඩුම ගානේ අවුරුදු 2ක්වත් පූර්ණකාලීනව දේශපාලනය කරලා තිබිය යුතුයි කියලා රෝහණ සහෝදරයා කියලා තිබුණා. අනික් අතට මධ්‍යම කාරක සභාවේ ඉතුරු වෙලා හිටපු අය වෙලාවක් අවේලාවක්, නින්දක් නැතිව එක දිගට වැඩ. එළියේ වෙන්නෙ මොනවද කියලා බොහෝ දෙනෙක් දන්නෙ නෑ. මේ නිසා එළියේ වන සිදුවීම් වටහා ගන්න හා වාර්තා කරන්න හා දැනුවත්වීමට පූර්ණකාලීන නොවන උගත් බුද්ධිමත් කණ්ඩායමක් මධ්‍යම කාරකසභාවට එකතු කරගන්න තීරණය කරනවා. මතුගම අගලවත්තෙ තමා ඔය සාකච්ඡාව තිබුණේ. මමයි, මහාචාර්ය අතුල සුමතිපාල (ඒ වෙද්දි මහාචාර්ය නෙවෙයි) සත්‍යපාල වන්නිගම, ඔරුවල වානේ සංස්ථාවෙ වැඩ කළ සුනිල් චන්ද්‍රසිරි සහ ඒකෙම වැඩකළ තවත් අයෙක් මේ සාකච්ඡාවට යනවා. ගමනායක සහෝදරයා තමා ඒ සාකච්ඡාව මෙහෙයවූවේ. ඒ හතර දෙනාම මේ වගකීම දරන්න අපි සුදුසු නෑ කියලා කීවා. මගෙන් පුළුවන්ද බැරිද ඇහුවෙත් නෑ. මම ඔහේ හිටියා. ෆුල් ටයිම් නොවන වෙනත් රස්සාවක් කරන ගමන් මධ්‍යම කාරක සභාව නියෝජනය කළ එකම කෙනා මම.

ගුණසිංහපුර බස් ස්ටෑන්ඩ් එක

1983 පක්ෂ තහනමෙන් පසුව මට රෝහණ සහෝදරයා මුණ ගැසුණේම නෑ. 89 වෙද්දි මම ලංකා බැංකු සේවක සංගමයේ එන්.එස්.බී. ශාඛාවේ සභාපති. ඉතින් වෘත්තීය සමිති කටයුතුවලට මම රාජකාරිවලින් නිදහස් කරලා තිබ්බෙ. දවසක් උදේම මගේ ගමේ පරණ මිත්‍රයෙක් ආරංචියක් අරන් ආවා. එයා කීවා රෝහණ සහෝදරයා උලපනේ පැත්තෙ ඉඳලා අහුවෙලා කියලා. එයාගෙන් ප්‍රකාශයක් අරන් ඝාතනය කරලා කියලා. මම මේ ආරංචිය විශ්වාස කළේ නෑ. ඒත් මේ යාළුවාත් ඇතුළත්ව කට්ටිය එක්ක වාද කරන්න දැනුම ගන්න තමා මම මුලින්ම පක්ෂයට සම්බන්ධ වුණේ. මෙයා ඒ කාලෙ හිටියේ මහින්ද රාජපක්ෂත් එක්ක. ‘මම මහින්ද මහත්තයා එක්ක ඉඳිද්දී ගෝඨාභය මහත්තයාගෙන් කෝල් එකක් ආවා. එයා තමයි මහින්ද මහත්තයට කීවෙ’ කියලා මේ යාළුවා කීවා. ඒ සැරේ මම ටිකක් ගැස්සුණා. මේ වෙද්දි ගුණසිංහපුර බස් ටෑන්ඩ් එකේ බත් කඩේක උඩම තට්ටුවෙ අපට කාමරයක් තිබුණා. විජේදාස ලියනාරච්චි සහෝදරයට නතර වෙන්න ගත්තු කාමරේ. ලියනාරච්චි ඝාතනය වුණාට පස්සෙ තංගරාජා නතරවෙලා හිටියේ එතැනයි. එයා මධ්‍යම කාරක සභාවෙ හිටිය නිසා ලැබුණු තොරතුර එයාට කීවා. එයත් විශ්වාස කළේ නෑ.

ඔළුව අවුල් වුණු මම පාරේ එහා මෙහා ඇවිදිද්දී, රේඩියෝ එකේ නිවුස් එක විශේෂ නිවේදනයක් හැටියට යනවා. ඊට පස්සෙ මම ආයෙම දුවලා ගිහින් තංගට කීවා. තංග ඇඬුවා. අධිකාරි කියල කෙනෙක් තමා රෝහණ සහෝදරයා ඉන්න තැන පෙන්නල තියෙන්නෙ. අධිකාරි මෙතෙන්ට ඇවිත් තියේද ඇහුවම දෙතුන් දවසක් ඇවිත් තියේ කියලා තංගා කීවා. එහෙනම් වහාම පිටවෙන්න කියලා මම තදින් කීවම එයා අතට අහුවුණු ඇඳුම් කැඩුම් ටිකත් අරන් පිටත් වුණා. සිරි අයියා, (සෝමවංශ අමරසිංහ) හෙට උදේ 8 වෙද්දි මෙතෙන්ට එනවා කියලා තංගා කියාගෙනයි ගියේ. ඊට පස්සෙ සිරි අයියා මෙතෙනට නෑවිත් මග නවත්තා ගන්න ඕන විදිහට ප්ලෑන ගහන්න මට සිද්ධ වුණා. පහුවදා මේ ආරංචිය සිරි අයියට දෙන්න යද්දිත් එයා දන්නෙත් නෑ. වාහනයට නැගලා කතාව ඔක්කොම කියවල ඉවර වෙනකල් බොරැල්ල, ටවුන්හෝල්, තුම්මුල්ල, බම්බලපිටිය වගේ පැය 2ක් විතර කොළඹ වටේ රවුම් ගැහුවා. කතාව ඉවර වුණාම පක්ෂ සම්බන්ධකම්, ඥාති සම්බන්ධකම් සියල්ල තාවකාලිකව නවත්වන්න ඕනෙ කියලා අපි එකඟ වුණා. මම සිරි අයියගෙ කාර් එකෙන් බැහැලා, පේමන්ට් එකේ ඇවිදගෙන එද්දී හවස ජනතා පත්තරේ ඇවිත්. ඒකෙ මුල් පිටුවෙ ගමනායකත් අත්අඩංගුවට අරන් මරා දාපු පුවත පළවෙලා තිබුණා.

කතරගම කිරිවෙහෙර ගාව

ටික දවසකට පස්සෙ නාමල් කියලා සහෝදරයෙක් ඇවිත් මාව හම්බවුණා. සිරි අයියා ගැන නම් ආරංචියක් නෑ. සමන් පියසිරි, ලලිත් විජේරත්න, ශාන්ත බණ්ඩාර ඉන්න බව දන්නවා කියලා. මට ඒ අයගෙන් කෙනෙක් මුණගස්වන්න කියලා මම කීවා. මොකද ඒ තුන්දෙනාම දේශපාලන මණ්ඩලය නියෝජනය කරන අය. ලලිත් විජේරත්න මුණගස්වන්නම් කියල ඒ සහෝදරයා කීවා. ඊට පස්සෙ මම ලලිත් සහෝදරයා එක්කගෙන ගිහින් සිරි අයියව මුණගැස්සුවා. නොවැම්බර් මාසයේදී රෝහණ සහෝදරයා අහුවුණේ. මේ දෙසැම්බර්. මම දෙසැම්බර් මාසයේ අග ජ’පුර හොස්පිට්ල් ඇඩ්මිට් වුණා. මගේ ස්නායු සම්බන්ධ පොඩි ලෙඩක් ඇවිත් තිබුණා. වාට්ටුවෙදි රේඩියෝ නිවුස්වලදි අර තුන්දෙ‌නෙක් අත්අඩංගුවට පත්වුණා කියලා ප්‍රචාරය වුණා. සිරි අයියත් අහුවුණාද කියලා මට සැක හිතුණා. මොකද ඊට දවසකට කලින් විජේරත්න එක්කරගෙන ගිහින් මුණගස්වපු නිසා. මම පහුවදා ටිකට් කප්පවාගෙන ගිහින් සිරි අයියා හම්බවෙලා විස්තරේ කීවා. දැන් ඔයා යන්න කියලා මම කීවා. ඒ ගමන් යාළුවෙක් ගෙන්වගෙන මාව කඩවතින් දාලා එයා ගියා.

ඊට පස්සෙ මාර්තු මාසෙ 1, 10, 20 කතරගම කිරිවෙහෙර ගාවට එන්න කියලා සිරි අයියා මට පණිවුඩයක් තියලා තිබ්බා. මම දවස් තුනේම ගියා. මිනිහා නෑ. ඊට පස්සෙ හම්බන්තොට ඉතුරුවෙලා ඉන්න අය එක්ක සම්බන්ධීකරණය කරගන්න උත්සාහ ගත්තා. හම්බන්තොටදි මහේෂ් හරහා ගාල්ල, මාතර, කළුතර සම්බන්ධතා හැදුණා. ඒ වෙද්දි කැලෑවෙ මෙනේරි හේනක වාඩියක තමා මම නතර වෙලා හිටියෙ. එතෙන්ට සහෝදරයෙක් සිරි අයියගෙ ලියුමක් අරන් ආවා. ඒකෙ තිබුණෙ මනුස්සයා රටින් පිටවුණු බව. ඊට පස්සෙ මම 90 නොවැම්බර් කොළඹ ආවා. ඒ වෙද්දි කොළඹ සියලු තැන් හෙළිදරව් වෙලා. සෝමවංශගේ සම්බන්ධකම් තියෙන්නෙ මටයි කියලා ආරංචි ගිහින් තිබුණා. ඒ වෙද්දි මම ළ`ඟ තිබුණු ඇඩ්‍රස්, තොරතුරු තෝරලා විනාශ කරලා අනුරාධපුරේට පනින්න හිතාගෙන හිටියත්, මගේ වැඩ ටික දවසෙන් ඉවර කරගන්න බැරිවුණා. යන්නෙ හෙටයි කියලා ඉඳිද්දී අමරසිංහ කියලා මම ඉන්න තැන දන්න සහෝදරයෙක් එක්කම ආරක්ෂක අංශ ඇවිත් දොරට තට්ටු කළා.
‘කිතුලෙ කියන්නද විපුලෙ කියන්නද?’ කන ළඟට පිස්තෝලෙ තද කරලා එක්කෙනෙක් ඇහුවා.

මාසයක් විතර තාවකාලික රැඳවුම් කඳවුරක් කරල තිබුණු ගල්කිස්ස පැත්තෙ හෝටලයක නවත්වාගෙන හිටියා. සති කීපයකින් වැලිසර නේවි කෑම්ප් එකට ගෙනිච්චා. එතැනින් තෙලවලට ගෙනිච්චා. ඊටත් පස්සෙ මැගසින් බන්ධනාගාරයට. ඒකෙ අවුරුදු 4ට කිට්ටු කාලයක් හිටියා. චෝදනා නැති නිසා මම නඩු දැම්මා. 93 අග හෝ 94 මුල මම නිදහස් වුණා. ඉතින් තාමත් මම අපි තෝරාගත් දේශපාලනය අත්නොහැර කරමින් ඉන්නවා.

ප්‍රියාන් ආර්. විජේබණ්ඩාර දිනමිණ ප්‍රවේශයට ලියූ ලිපිය 2024.11.13

නිහඬ විප්ලවවාදියා

ජිනදාස කිතුලගොඩ සහෝදරයා (අයියා) මට මුණගැහෙන්නෙ මගෙ කිට්ටු මිතුරෙක් හරහා 1993 -94 වගේ කාලේ. ඒ වනවිට ඔහු ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ජවිපෙ හිතවාදී වෘත්තීය සමිතිය නැවත ගොඩ නගමින් සිටියේ. මම එකල විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්. එදා සිට අද දක්වා ඒ හිතවත්කම තියෙනවා නමුත් ඒක දේශපාලන සබදතාවයක් නොවේ.
කිතුලගොඩ අයියාගේ ඥාති පුතුන් දෙදෙනෙක්ද ඒ කාලේම කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටියා. කොහොම වුණත් කිතුලගොඩ අයියා මා සමග දේශපාලනය කතා කරන්නේ නෑ. මම අහන දේකට උත්තර දෙනවා. මගේ තරුණ කාලේ මම ජවිපෙ සමග විවාදයට තුඩු දෙන සෘජු ප්‍රශ්න ඔහුගෙන් අහනවා. නමුත් ඔහුගේ පරිණතභාවය නිසා ඔහු ඒවාට සංයමයෙන් මුහුණ දීල තර්ක විතර්ක කිරීම මගහරිනවා. කෙසේවුවත් මම එෆ්.බී. එකේ ලියන්න ගත්තට පස්සේ කිතුලේ අයියා මට වරක් දෙකක් අනුර සහෝදරයා පන්නිපිටියට එන රැස්වීම්වලට එන්න කිව්වා. මම ඒවා මගහැරියාට ඔහුගේ අමනාපයක් නෑ. ඇයි ආවේ නැත්තේ කියල අහන්නෙත් නෑ. අපි මඟුල්ගෙවල්වල, මළගෙවල්වල, පාරතොටේදී, බෙහෙත් ගන්න ගියාම මුණගැහෙනවා. පවුලේ විස්තර කතාකරනවා. ජවිපෙ පූර්ණකාලීන දේශපාලනය නිසා කිතුලේ අයියා විවාහ වුණේ ප්‍රමාද වෙලා. ඔහු මනාලිය බලන්න ගියේ මගේ මිතුරා සහ මා සමගයි.

මා අහල තියෙන විදියට ඔහු 1971 කැරැල්ලට සක්‍රියව දායක වෙලා හිටියා. ඒ වගේම 88/89 කාලෙත් ඔහු රාජ්‍ය මර්දනයට හසුවෙනවා. පක්ෂයේම අය මා සමග කියල තියෙන විදියට අත්අඩංගුවේදී කොපමණ වධ හිංසා කළත් ඔහුගෙන් රහසක් පිටකරගැනීම කළ නොහැකි වූ දෙයක්.

මේ සටහන ලියන්න හිතුණේ ජවිපෙ වත්මන් පරපුර මේ වෙනකොට තමන්ගේ ජීවිතයේ අල්පේච්ඡත්වය කට වචනයෙන් ප්‍රකාශ කරන අවස්ථා මම දැකල තියෙන නිසා. (ඇඳුම් යාළුවන් අරන්දීම, බස් රථයේ පැමිණීම, ගෙදර කුස්සියට ඉටිරෙදි ගසා තිබීම වගේ) ඒ හේතුවෙන් ඔවුන් සමහර විට සමාජයේ උපහාසයට ද අගැයීමට ද ලක්වෙනවා. කෙසේ වුවත් ඔවුන්ගේ ඒ අල්පේච්ඡත්වය මම අගය කරනවා. මොකද ඔවුන් මේ දූෂිත සමාජයට ආදර්ශයක් දෙන නිසා.

කිතුලගොඩ අයියා නිහඬ පුද්ගලයෙක්. ඒ නිසා ඔහු ඒවා ගැන වැඩිය කතාකරන්නේ නෑ. සමහරවිට එහෙම කියන්න අවශ්‍ය නෑ කියල හිතනව ඇති. කෙසේ වුවත් වෘත්තීය වශයෙන් ඔහු බැංකු නිලධාරියෙක්. වැටුපින් කීයක් පක්ෂයට දුන්නද කියල මම දන්නේ නෑ. ඔහුගේ සහකාරිය ද ගුරුවරියක්. ඒ නිසා අනෙක් අයට තරම් ප්‍රශ්න නැති වෙන්නට පුළුවන්.

කිතුලගොඩ සහෝදරයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ව සිටියා කාලයක්. ඒ කාලේ මම හිටියේ ඔහුගේ නිවසට හැරෙන ස්ථානයේ. මන්ත්‍රීවරයෙක්ව සිටිද්දීත් ඔහු අපට පාරේ මුණගැහෙනවා, කඩපොළේදී හමුවෙනවා. බස් එකේදී හමුවෙනවා. පාර්ලිමේන්තුව රැස්වන දාට පමණක් ඔහුව ගෙනියන්න ගෙනත් දාන්න ඩබල් කැබ් රථයක් ආව.
මම කියන්න උත්සාහ කරන්නේ ඔහු තමන්ගේ පෞද්ගලික ජීවිතය ගැන කතා නොකළාට වචනයේ පරිසමාප්තියෙන්ම අල්පේච්ඡත්වය ජීවිතයට එකතු කරගත් පුද්ගලයෙක්. තමන් විශ්වාස කරන දර්ශනය වෙනුවෙන් අඛණ්ඩව පෙනීසිටින නිහඬ විප්ලවවාදීයෙක්. ඒ ගුණය මා ඉතා අගය කරනවා.

අවසන් වරට තේරීපත්වූ පක්ෂය
එක්සත් ජනතා නිදහස් සන්ධානය
උපන් දිනය – 1947.12.02
සිවිල් තත්ත්වය – විවාහක
ආගම – බෞද්ධ

නිමල් වීරසේනගේ සටහනක්

SendShareShare
Previous Post

21 ගැන කතා කරන්න නාමල් සුමන්තිරන් හමුවෙයි! I Sri Lanka Latest News

Next Post

ජනාධිපතිතුමාගේ ගමට කුඩම්මාගේ සැලකිලිද? තඹුත්තේගම ස්ටේෂන් එක හදන්න ගිය අවුරුද්දේ මිලියන 100ක් පාස් කළත් තවම වැඩේ වෙලා නෑ! සල්ලි ආපහු භාණ්ඩාගාරයට? VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

“ගම් දහසක වැඩ දහසක්” ජාතික වැඩසටහන යටතේ, කිරිඇල්ල, දොඩම්පේ නාගොඩ – බෝගහවිල කෘෂි මාර්ගය ඉදිකිරීම් ආරම්භක උත්සවය පැවැත්වුණා.Sri Lanka Latest...

Read more
බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.