ඊශ්‍රායල් පලස්තීන ගැටුමේ නවතම ගැටුම්කාරී තත්ත්වය මේ දිනවල උද්ගත වී තිබෙනවා. මෙම යුද්ධයේ ඉතා සංවේදී වීඩියෝ දර්ශන සහ ඡායාරූප ලෝකයේ ප්‍රධාන මාධ්‍යවල මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ද ප්‍රචාරය වනවා. ඒ අතර, පරිශීලකයින් නොමඟ යවන සුළු දර්ශන පවා හුවමාරු වෙමින් පවතිනවා.Sri Lanka Latest News
මෙලෙස මෑතකදී ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ කූඩුවල සිරකළ කුඩා දරුවන් රැසකගේ වීඩියෝ සහ ඡායාරූප ආන්දෝලනයක් ඇති කළා. මේ වීඩියෝවේ සත්‍ය අසත්‍යතාව පිළිබඳව විමසා බැලීමට අපි තීරණය කළා.
සමාජ මාධ්‍ය පලකිරීම්
ෆේස්බුක් ඔස්සේ ආන්දෝලනයක් ඇති කරමින් විවිධ භාශාවලින් හුවමාරු වූ වීඩියෝවේ දැක්වුණේ කුඩා ළමුන් පිරිසක් කුඩා කූඩුවල සිරගත කර සිටින අයුරුයි. මෙහි සඳහන් කර තිබුණේ පලස්තීන හමාස් සංවිධානය විසින් පැහැරගෙත් ඊශ්‍රායල් දරුවන්, පලස්තීනය තුළ සිරගත කර සිටින ආකාරය යනුවෙනුයි.
https://www.awesomescreenshot.com/video/21493604?key=c80a75593c0245155fb65a934e4c342a
https://www.awesomescreenshot.com/embed?id=21493604&shareKey=c80a75593c0245155fb65a934e4c342a
ශ්‍රී ලංකාව තුළද ඇතැම් ෆේස්බුක් සමූහ ඔස්සේද මීට අදාල ඡායාරූප කිහිපයක් බෙදාහැර තිබුණා.

සමාජ මාධ්‍ය පරිශීලකයින්ද මේ පිළිබඳව සංවේගය පලකරමින් සහ කලකිරීම ප්‍රකාශ කරමින් තම අදහස් දක්වා තිබුණා.

ෆේස්බුක් පරිශීලකයන් සමහරක් මෙහිදී අදහස් දක්වමින් පවසා තිබුණේ මෙය You Tube හි මීට පෙර පල වූ විහිළුවට රැවටීමේ (prank) වීඩියෝවක අඩංගු වූ දර්ශනයක් බවයි.

මේ පිළිබඳව කරුණු විමර්ෂණය කර සත්‍ය සොයාබැලීම සඳහා අපි කටයුතු කළා.
කරුණු විමසා බැලීම (Fact Check)
මෙය X සමාජ මාධ්‍ය තුළ බොහෝ ලෙස පැතිරුණු වීඩියෝවක් ලෙස කිසියම් පුද්ගලයෙක් විසින් ඔක්තෝබර් 8වනදා පලකර තිබුණා. ඔහු එහිදී මෙය දක්වා තිබුණේ “හමාස් සංවිධානය විසින් ළමයින් කූඩුවල සිරකර තබාගෙන සිටින බවට චෝදනා කෙරෙන දර්ශන. ඔවුන් මෙය සිදු කරන්නේ කුමන අරමුණකින්ද? ඔවුන් ඊශ්‍රායල් ප්‍රාණ ඇපකරුවන්ද?” ලෙසයි.
මිනිත්තු 15කට පසුව ඔහු තම සටහන යාවත්කාලීන කරමින් දක්වා තිබුණේ, “නිවැරදි කිරීම: ඔවුන් ඊශ්‍රායල හමුදා නිලධාරීන් විසින් කූඩුවල සිරකර රඳවාගෙන සිටින පලස්තීන දරුවන්.” යන්නයි.
මෙම වීඩියෝවේ පළමු සටහන ලෙස වාර්තා වන්නේ 2020 ජනවාරි මාසයේ YouTube සමාජ මාධ්‍යයේ සිදු වූ පලකිරීමක්. නමුත් එම සටහන මේ වන විට එම අවකාශයෙන් ඉවත් කර තිබීම හේතුවෙන්, මේ වාර්තා වන්නේ එම වීඩියෝවමද යන්න පිළිබඳව පැහැදිළි නැහැ. නමුත් මෙහිද ශීර්ෂය ලෙස පැවතී ඇත්තේ “කූඩු වල සිර වී සිටින පලස්තීන දරුවන්” ලෙස බවත්, එහි වැඩිදුර පැහැදිළි කිරීමක් ලෙස “ඊශ්‍රායල් හමුදාව පලස්තීන දරුවන් පැහැර ගැනීමට ලක් කර, ඔවුන්ව කූඩුවල විසිකර දමා සිටින ලෙස…” ආදී වශයෙන් ද සඳහන් කර තිබූ බව www.snopes.com වෙබ් අඩවියේ සඳහන් වෙනවා.
තවත් සමහර සමාජ ජාලා සටහන්වල සදහන් පරිදි මෙම දරුවන් 2015දී සිරියානු ගැටුම් වලදී මෙම තත්ත්වයට මුහුණ පෑ සිරියානු දරුවන් .
මීට සමගාමීව තවත් පුද්ගලයෙකු මීට ප්‍රතිචාර ලෙස පලකර තිබුණේ “මෙය පැරණි වීඩියෝවක්. තාත්තෙක් තමාගේ දරුවන් කුකුළු කූඩුවල ඇතුළේ සෙල්ලම් කරමින් සිටි බව සොයාගත්තා. විනෝදජනක වීඩියෝවක් සැදීම සඳහා ඔහු ඔවුන්ව එම කූඩු ඇතුලත තබා අගුළු දැම්මා.” ලෙසයි.
කෙසේ නමුත් මීට සමාන වූ YouTube prank වීඩියෝවක් මෙතනින්.
FakeReporter නම් X ගිණුම ඔස්සේ මෙම වීඩියෝව අසත්‍ය බවත්, මෙහි දැක්වෙන දරුවන් ඊශ්‍රායල් දරුවන් නොවන බවත්, යුද්ධයට පෙර පලවුණු වීඩියෝවක් බවත් දක්වා සිටිනවා.
කෙසේ වෙතත් මීට අදාල බහුලව පැතිරුණු ටික්ටොක් වීඩියෝව මේ වන වින ටික්ටොක් සමාජ ජාලය තුළ තහනමට ලක් වී තිබෙනවා.
කෙසේ වෙතත් හමාස් සංවිධානය මගින් හිස ගසා දැමීම ආදී විවිධ කුරිරු ක්‍රම ඔස්සේ ඝාතනය කරන ලද ඊශ්‍රායල් ජාතික ළදරුවන්ගේ සහ ළමයින්ගේ මල සිරුරු 40 ක් පමණ ඊශ්‍රායල් හමුදාවට හමුව තිබෙනවා.ඒ පිලිබදව Sky News වාර්තා කර තිබුණේ පහත අයුරින්.
Conclusion (අවසාන නිගමනය)
අපගේ විමසා බැලීම්වලට අනුව මෙම අදාල වීඩියෝව වැරදි ලෙස අර්ථකතනය කර සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙන බව පැහැදිළි වුණා. මෙම වීඩියෝවේ මූලාරම්භය මෙම මෑතකදී ඇතිවූ යුද්ධය හා සම්බන්ධයක් නොමැති බවට පැහැදිලී වෙනවා.










