• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහබැංකුව විනාශ කරපු කෙනෙක් මමයි සජබයේ අයයි ‘ඩුප්ලිකේට්කාරයෝ’ කියලා! අපි ඒ මහබැංකු හොරු ටික එලවලා දැම්මා! මහබැංකුව හොරා කාපු-මහබැංකුව විනාශ කරපු බැඳුම්කර ගනුදෙනුවේ මහමොළකරුවන් පන්නලා නව ගමනක් ආරම්භ කළා! සජිත් මේ කියන්නේ කවුරු ගැනද?  VIDEO & PHOTOS I Sri Lanka Latest News

April 10, 2024
in Exclusive
Reading Time: 14 mins read
A A
බාල බෙහෙත් නිසා නුවරඑළියේ 20කට වැඩි පිරිසක් අන්ධ වුණා! මේවා සාපරාධී මංකොල්ලකෑම්! මේ දැවැන්ත හොරකම් නිසා හිටපු සෞඛ්‍ය ඇමැති දැන් රිමාන්ඩ් කරලා! යුක්තිය ඉටුවෙයිද කියලා අපි බලන් ඉන්නවා! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මහබැංකුව විනාශ කළ පුද්ගලයෙක් පසුගිය දා තමා ඇතුළු සමගි ජන බලවේගයේ පිරිස ඩුප්ලිකේට්කාරයෙක් යැයි පැවසූ බවත් ඔවුන් කුමන අපහාසයක් සිදු කළත් සමගි ජන බලවේගය මහබැංකු හොරු ටික නම් එළවා දැමූ බවත් මහබැංකුව හොරා කාපු, මහබැංකුව විනාශ කළ බැදුම්කර ගනුදෙනුවේ මහමොලකරුවන් පළවා හැර නව ගමනක් ආරම්භ කළ බවත් සමගි ජන බලවේගයේ ගමන වන්නේ ‘225ට හෝ ජනාධිපතිවරයාට නොව රටේ ලක්ෂ 220ට ප්‍රමුඛතාව ලබා දීම’ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

මැතිවරණ ජයග්‍රහණය යනු සුන්දර ජිවිතයක් නොව කටුක ජිවිතයක් බවත් එය රෝසමල් යහනාවක් නොව කටු පදුරක් බවත් මැතිවරණ ජයග්‍රහණයෙන් බිහි වන්නේ තමන්ට පෙර රට, පවුලට පෙර රට, වරදාන හා වරප්‍රසාදවලට පෙර රට, විදේශ සංචාරවලට පෙර රට බවත් බැදුම්කර හොරු සමගි ජන බලවේගයෙන් එලවා දැමුවේ ජනතාව අපේක්ෂා කරන නිර්මල, පිරිසුදු, පවිත්‍ර පාලනයක් මේ රටේ ජනතාව වෙනුවෙන් නිර්මාණය කිරීමට බැවින් කයිය නායකලාගේ කටකතාවලට නොරැවටෙන ලෙසත් සමගි ජන බලවේගය සිදු කරන සංවර්ධනය කිසිදු කයිය නායකයෙක්ට සිදු කළ නොහැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 151 වැනි අදියර යටතේ අද පුත්තලම හලාවත ආරච්චිකට්ටුව බත්තුලුඔය මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි. නර්තන ගුරුවරයෙකු හෝ නොමැති මෙම පාසලේ වෙනත් ගුරුවරු විසින් දක්ෂ ලෙස නර්තනය ඉගැන්වීම් සිදු කරන නර්තනය ඉගෙන ගන්නා සිසු සිසුවියන් සඳහා වන නර්තන ඇඳුම් උපකරණ ලබා ගැනීමට රුපියල් ලක්ෂයක මුදලක් ද පරිත්‍යාග කළේය.

පරිගණකයක් නොමැති පාසලකට පරිගණකයක් දෙන එක වරදක් වෙන්නේ කොහොමද?

පරිගණයක් නොමැති පාසලකට පරිගණකයක් ලබා දීම වරදක් ලෙස දකින්නේ කොහොමද කියා ගැටලුවක් පවතින බවත් මේවා වරදක් ලෙස දකින්නේ සෝබන කතා කියන, බොරුවට සමාජ සාධාරණත්වය ගැන පුරසාරම් දොඩවන, ජනතාවදී ජනහිතකාමී යැයි කියන කයිවාරු කාරයෝ බවත් එම කයිවාරු කාරයන්ගේ දරුවන් පෞද්ගලික පාසල්, පෞද්ගලික විශ්වවිද්‍යාල මෙන්ම ජාත්‍යන්තර විශ්වවිද්‍යාවලට යන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

කාඩ්බෝඩ් සමාජවාදීන් කැමති තමන්ගේ දරුවන් ඉහළ තැනක ඉන්නවාට පමණයි

තමා මේ සුහුරු පන්ති කාමර උපකරණ, බස් රථ පාසල්වලට ලබා දෙන්නේ සම අධ්‍යාපන අවස්ථාවක් රට පුරා ඇති කිරීමට වුවත් සමාජවාදී අන්ත කොමියුනිස්ට්වාදීන් මෙම බෙදිල්ල නරකයි කියා විවිධ අන්වර්ත නාම පටබදිමින් අපහාස කරමින් සිටින බවත් ඔවුන් කැමති තමන්ගේ දරුවන් පමණක් ඉහළ තැන්වල සිටිනු දැකීමට බවත් ඔවුන් රටට සමාජවාදය පෙන්නුවත් සැමට සම අධ්‍යාපනය ලැබෙනවාට කැමති නොවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මං කිව්ව කිසි දෙයක් මේ වෙනකම් වැරදිලා නැහැ

තමා කොරෝනා කෝවිඩ් ගැන, මුව ආවරණ ගැන, කොරෝනා එන්නත් ගැන, කාන්තා සනීපාරක්ෂක පහසුකම් ගැන වැනි බොහෝ දේවල් ගැන කියූ දේවල් අද වන විට සත්‍යයක් වී ඇති බවත් සමහර අය විද්‍යාවට පසෙකලා විජ්ජාවෙන් රට රවට්ටන සූත්තර පවා ක්‍රියාත්මක කරන රටක අප සුහුරු විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

අපි ජනතාවට බොරු කරන්නේ නැහැ

දේශපාලනය කරන්න මුදල් ඕන කියා සමහර පුද්ගලයන් කෑ ගහන විට තමාගේ සංවිධායකවරු එම මුදල් උපයෝගී කර ගෙන පාසල්වලට රෝහල්වලට අගයක් එකතු කරන බවත් බොරුවට වැටුප් ගන්නේ නැහැ කියන සමහර පුද්ගලයන් වැටුප් මෙන්ම විශ්‍රාම වැටුප් පවා ලබා ගන්නා නමුත් තමා ඇතුළු පිරිස ජනතාවට බොරු නොකර සත්‍ය පමණක් ජනතාවට ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 57කට රුපියල් ලක්ෂ 1766ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 87 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 87ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4242ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 151 ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 1543ක් වැය කර තිබේ.

SendShareShare
Previous Post

රනිල් අලුත් අවුරුදු උත්සවයකට යයි! PHOTOS I Sri Lanka Latest News

Next Post

රනිල්ට සහාය නොදුන්නොත් මාව මරනවා කිව්වා! මේ ගැන පැමිණිලි කළත් තවම කිසිම පරීක්ෂණයක් පවත්වා නෑ! කතානනායකවරයා දැනුවත් කළත් වැඩක් වුණේ නෑ! සජිත් එක්ක එකතු වූ පොහොට්ටුවේ වසන්ත යාපා රහස් හෙළිකිරීම අරඹයි! රාජපක්ෂලා කරපු වැඩ ගැනත් එකින් එක කියයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.