• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

KDU උපාධි ප්‍රදානෝත්සවයට රනිල් එක්වෙයි! (PHOTOS)

November 12, 2022
in Exclusive
Reading Time: 6 mins read
A A
KDU උපාධි ප්‍රදානෝත්සවයට රනිල් එක්වෙයි! (PHOTOS)
Share on WhatsAppShare on Facebook

අපනයනය ඉලක්ක කරගත් තරගකාරී ආර්ථිකයක් ශ්‍රී ලංකාවේ අපේක්ෂාව වන බැවින් එහිදී ත්‍රිවිධ හමුදාවේ ආරක්ෂක කුසලතා සහ උපායමාර්ගික කුසලතා ප්‍රයෝජනයට ගත යුතු බවත් ඒ සඳහා ප්‍රතිපාදන ඉහළ නැංවීමේ වැදගත්කමත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය .

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (11) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ශ්‍රීමත් ජොන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ 2022 උපාධි ප්‍රදානෝත්සවය අමතමිනි.

සන්නද්ධ හමුදාව කෙරෙහි සහ 2030 ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මෙතරම් අවධානයක් යොමු කරන්නේ මන්දැයි ඇතැමුන් ප්‍රශ්න කළ හැකි නමුත් එසේ සිදු නොක‍ළහොත් රටට අනාගතයක් නොමැති බවත් ජනාධිපතිවරයා පැවසීය.

අද අප ජීවත්වන්නේ අප ඉපදුණු යුගයේ ලෝකයට වඩා වෙනස් ලෝකයක බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අප ඉපදෙන විට ඉන්දියන් සාගරය සම්බන්ධයෙන් ගැටලුවක් නොතිබූ අතර ඉන්දියන් සාගරය පිළිබඳ කිසිවෙකුගේ අවධානය යොමු වී නොතිබූ බව ද සිහිපත් කළේය.
නාවික ගමනාගමනය නිදහසේ සිදු කළ නොහැකි නම් අපනයන ආර්ථිකයේ ඉලක්කගත අරමුණු සපුරාගත නොහැකි බව පැවසූ ජනාධිපතිවරයා භාණ්ඩ ප්‍රවාහනයේදී බාධා පැමිණියහොත් සිදුවන්නේ කුමක්දැයි ද විමසා සිටියේය.

2021 වසරේදී ජනතාවට මෙරටින් පිටවීමට නොහැකි වූ සහ ගොඩබිමෙන් හෝ මුහුදෙන් භාණ්ඩ ප්‍රවාහනය කිරීමට නොහැකී වූ අවස්ථාවේ අත්දැකීම් ද සිහිපත් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, අප සිටින පරිසරය අපේ පාලනයෙන් ගිලිහුණු අවස්ථාවකදී වුවද භාණ්ඩ ප්‍රවාහනය කිරීමට ඇති හැකියාව මත රටේ අනාගතය රඳා පවතින බව පෙන්වා දුන්නේය.

අන්‍ය පාර්ශවයන්හි ක්‍රියාවන් ශ්‍රී ලංකාවට බලපා හැකි නමුත් එහිදී දේශපාලන සහ රාජ්‍යතාන්ක්‍රික නිපුණතාවන් මෙන්ම හමුදා කුසලතාවන් භාවිතා කර අපේ සංක්‍රමණික අයිතියට සහ ගොඩබිමෙන් හා මුහුදෙන් ගමන් කිරීමට ඇති අයිතියට කුමන හෝ අන්දමින් බාධා ඇති නොවීමට වගබලාගත යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

සාමාන්‍ය විශ්වවිද්‍යාලයකට ඇතුළත්වීමට වඩා ශ්‍රීමත් ‍ජොන් කොතලාවල විශ්වවිද්‍යාලයට ඇතුළත්වීමට බොහෝ දෙනා කැමැත්තක් දක්වන බව පැවසූ ජනාධිපතිවරයා ඒ පිළිබඳ සිය ප්‍රසාදය පළ කළ අතර සමාජීය විෂයන් සඳහා වන ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ තවත් මණ්ඩපයක් කුරුණෑගල ආරම්භ කිරීමට තමා මුදල් අමාත්‍යාංශයට සහ ආරක්ෂක ලේකම්වරයා වෙත උපදෙස් දුන් බවද පැවසීය.

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් (විශ්‍රාමික) ජෙනරල් කමල් ගුණරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු ත්‍රිවිධ හමුදාපතිවරුන්ද, පොලිස්පති සහ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ කුලපති ජෙනරල් ජෙරාඩ් ද සිල්වා, උපකුලපති මේජර් ජෙනරල් මිලින්ද පීරිස් මෙන්ම කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ අධ්‍යයන සහ අනධ්‍යන කාර්ය මණ්ඩල මෙම අවස්ථාවට එක්ව සිටියහ.

SendShareShare
Previous Post

වැවේ ඔරු පදින්න ගිහින් ගැහැණු දරුවන් තුනක් අතුරුදන්! වයස 10යි 17යි 18යි! ඔරුවේ 8ක් ගිහිල්ලා!

Next Post

එක එකාගේ සීනි කිරන සට්ටැඹියෝ වෙන්න එපා! චෙෆ්ලා නම් කුස්සියට වෙලා උයපල්ලා! අරගලයේ සිටි හිමිවරුන්ට කුණුහරුපෙන් බැන්න පබිලිස්ගේ පුතා ඇතුලු චෙෆ්ලාට චමීර නියම උත්තරයක් දෙයි! (VIDEO)

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.