පසුගිය රජයන් විසින් පාසල් සංවර්ධන නිලධාරීන්ව නිල නොවන ආකාරයට පාසල්වලට අනුයුක්ත කර තිබූ බව ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කෞෂල්‍යා ආරියරත්න මහත්මිය පවසනවා.
එම නිසා කොරෝනා වෙරසය ව්‍යාප්ත වූ සමයේ ඔවුන් ඉගැන්වීමේ කටයුතු වල නිරත වූ බවත්, එහෙත් සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට අනුයුක්ත කර ගැනීම නිතී විරෝධි බව රාජ්‍ය සේවා කොමිසන් සභාවෙන් පැහැදිලි නිර්දේශයක් ලබාදී තිබෙන බවද ඇය සඳහන් කරනවා.










