ලංකාව පුරා විසිරී සිටින කට්ටඩියන් සහ කපු මහත්වරුන් බත්තරමුල්ලේ පිහිටි පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලය වෙත අද දිනයේ කැදවා තිබේ.
ඒ, පක්ෂය නියෝජනය කරන විවිධ ක්ෂේත්‍රවල නියෝජිතයන් හමුවීමේ වැඩපිළිවෙළේ කොටසක් ලෙසටය.
ඒ අනුව අද පෙරවරුවේ කාන්තා සංවිධාන කිහිපයක නියෝජිතයන් පොහොට්ටු කාර්යාලයට කැදවා සාකච්ජා කිරීමට පියවර ගෙන තිබිණ.
ඉන් අනතුරුව පවත්වා ඇත්තේ කට්ටඩියන් සහ කපු මහත්වරුන් කැදවා සාකච්ජා කිරීමට පියවර ගෙන ඇත.
එම සාකච්ජාවෙන් අනතුරුව නීතී ක්ෂේත්‍රය නියෝජනය කරන නීතීඥයන් කණ්ඩායමක් හමුවූ සාකච්ජා පැවැත්වීමට පොහොට්ටු ප්‍රධානීන් පියවර ගෙන ඇත.
පක්ෂය ප්‍රතිසංවිධාන කිරීමේ වැඩපිළිවෙළට අදාළව මෙම හමුවීම් පැවැත්වීමට පියවර ගෙන තිබේ.










