කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා අද (10) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට නියමිතව තිබෙනවා.Sri Lanka Latest News
ඒ, ප්‍රකාශයක් ලබා ගැනීමට අවශ්‍ය බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගියදා ඔහුට කර ඇති දැනුම්දීමක් අනුවයි.
කතරගම දේවාලයේ මුදල් වංචා සිදුව ඇති බවට සිවිල් ක්‍රියාකාරිකයකු විසින් කරන ලද පැමිණිල්ලකට අදාළව එම ප්‍රකාශය ලබා ගැනීමට නියමිත බව වාර්තා වනවා.
ඒ අනුව අද (10) පෙරවරු 11.00 ට ඩිෂාන් ගුණසේකර මහතා, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබාදීමට නියමිතව තිබෙනවා.










