ඉන්දු කාශ්මීරයේ බැරමුල්ලා දිස්ත්‍රික්කයේ සෙහන්පෝරා ගම්මානයේ වසර 2,000ක් පැරණි බෞද්ධ ආරාම සංකීර්ණයක් පුරාවිද්‍යාඥයින් විසින් සොයාගෙන ඇත. මෙම සොයාගැනීම මුල් බෞද්ධ ඉතිහාසයේ කාශ්මීර නිම්නයේ භූමිකාව සහ පුළුල් ගාන්ධාර සංස්කෘතික ක්ෂේත්‍රයට එහි සම්බන්ධතා පිළිබඳ නව පිටුවක් පෙරළන බව ඉතිහාසඥයෝ පවසති.Sri Lanka Latest News
2025 දී සිදු කරන ලද ක්‍රමානුකූල කැණීම් සහ සමීක්ෂණ කටයුතුවලින් පසුව නිවේදනය කරන ලද මෙම සොයාගැනීම බෞද්ධ ස්ථූප, ආරාම ව්‍යුහයන් ස්ථූප නාගරික ශෛලියේ ජනාවාස ප්‍රධාන වශයෙන් කුෂාන් යුගයට (ක්‍රි.ව. 1-3 සියවස්) අයත් බව හෙළි කර තිබේ. මෙම සොයාගැනීම් එරට ජාතික අවධානය දිනාගෙන ඇති අතර, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මෙම සොයාගැනීම කාශ්මීරයේ තේජාන්විත අතීතයට කවුළුවක් විවෘත කරන ‘ආඩම්බර මොහොතක්’ ලෙස හඳුන්වා ඇත.
මෙම ස්ථානය ජෙලම් ගඟ අසල භූමියක පිහිටා ඇති අතර දිගු කලක් තිස්සේ පස් කඳු කිහිපයකින් යටවී තිබුණි.










