ජාතික ජනබලවේගයට බලය හිමි කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ 2026 අයවැය ලේඛනය දෙවන වරටත් අද (24) උදෑසන පරාජයට පත්විය.Sri Lanka Latest News
කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ 2026 අයවැය ලේඛනය දෙවන වරටත් සභාපති හර්ෂ රත්නායක මහතා විසින් කිසිදු සංශෝධනයකින් තොරව සභාවට ඉදිරිපත් කළ අතර ඊට ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරුන් හය දෙනා පක්ෂව සිය ඡන්දය ප්‍රකාශ කරන ලදි.
සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් සිව්දෙනා, පොදුජන එක්සත් පෙරමුණේ මන්ත්‍රීවරුන් දෙදෙනා, පොදු පෙරමුණ මන්ත්‍රීවරුන් දෙදෙනා මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයා සහ සර්වජන බලයේ මන්ත්‍රීවරයා අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශය කළහ.
ඒ අනුව අයවැය දෙවන වර කියවීමේදී වැඩි ඡන්ද 04කින් කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ අයවැය දෙවන දිනටත් අද පරාජයට පත්විය.










