අද දිනයේ පාර්ලිමේන්තුවේ සිදුවූ උණුසුම් සංවාදයකින් ආණ්ඩු පක්ෂයේ මැතිඇමැතිවරුන් හා විපක්ෂයේ මන්ත්රීවරුන්අතර පසු ගුටි බැට ඇන ගන්නා තත්ත්වයකට පත්ව ඇති බව වාර්තා වේ.
මෙහිදී ඊයේ විපක්ෂයේ මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා හා ආණ්ඩුවේ මැතිඇමැතිවරුන් අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවූ අතර අද දින එහි දිගුවක් සිදුවන ආකාරයක් දැකගන්නට ලැබිණ.
ඒ අනුව මනූෂ නානායක්කාර මන්ත්‍රීවරයා හා ධීවර රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර යන මහත්වරුන් අතර අද දිනයේදීද උණුසුම් වචන හුවමාරුවක් සිදුව තිබේ.
ඉන් අනතුරුව දිවා ආහාරය සදහා සභාව කල් තැබීමෙන් පසු කංචන විජේසේකර අමාත්‍යවරයා තවත් පසුපෙළ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු සමග භෝජනාගාරයේ දොර අසලට වී මනූෂ නානානයක්කාර මන්ත්‍රීවරයා පැමිණෙන තෙක් මගබලමින් සිට ඇති බව දැනගන්නට ඇත.
කෙසේවෙතත් මේ බව දැනගෙන ඇති නානායක්කාර මහතා වෙනත් දොරටුවකින් විපක්ෂ නායක කාර්යාලයට ගොස් මේ පිළිබද පැමිණිලි කොට ඇති බව දැනගන්නට ඇත.
ඒ අනුව මේ වනවිට මනූෂ නානායක්කාර මහතා විපක්ෂ නායක කාර්යාලයට වී සිටින බව වාර්තා වේ.










