විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ ක්‍රියකාරම් සම්බන්ධයෙන් විමර්ශනය කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කළ බව සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත.
ඇණවුම් ලබා නොදීම, සැපයුම්කරුවන් තෝරා ගැනීම, ඉන්ධන ප්‍රසම්පාදනය, ගෙවීම් ප්‍රමාද කිරීම, බෙදාහැරීමේ අක්‍රමිකතා ආදී චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් ද විමර්ශනයක් කරන ලෙසයි අමාත්‍යවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කළ පැමිණිල්ල මගින් ඉල්ලා ඇත්තේ.
Today I lodged a complaint with the CID to investigate CPC & CPSTL activities. Requested to investigate Fuel procurement, Evaluation of proposals, Non placement of orders, Selection of suppliers, Delays in payments, Distribution irregularities & Allegations made by individuals.
— Kanchana Wijesekera (@kanchana_wij) August 18, 2022










