අප රටේ ජාතික ආරක්ෂාව අනතුරට පත් කරන පාලනයක් රටේ ඇති බවත් මේ ජාතික ආරක්ෂාවට ආර්ථික සමාජීය සංස්කෘතික ආගමික සංවර්ධන ක්‍රියාදාම ඇතුළත් වන බවත් රටක ඒකීය භාවය සුරක්ෂිත කරන ආරක්ෂාවත් ඊට ඇතුළත් බවත් මෙ ජාතික ආරක්ෂාව අනතුරට ලක් කරන පාලනයක් රටේ ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News
උසාවි තුළ මිනිසුන් ඝතනය කරන මැරකල්ලි රජයන යුක්තිය සාධාරණත්වය නීතිය රජ නොවන කැලැ නීතිය රටේ ක්‍රියාත්මක වන බවත් ඊට අමතරව ආර්ථික ආරක්ෂාව ජීවන වෘත්තියක ආරක්ෂාව ඇතුළු සකලවිධ ආරක්ෂාවන් කෙලෙසපු රජයක් රටේ ඇති නමුත් විපක්ෂය විසින් රටෙත් ජනතාවගේත් ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේ දි අයවැය දෙවැනි වර ඡන්ද විමසීමෙන් පසු මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි.










