• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජොනී ලංකාවේ පළමු පෙර සවි පාලම හයි කරයි! (PHOTOS)

October 25, 2021
in Exclusive
Reading Time: 4 mins read
A A
ජොනී ලංකාවේ පළමු පෙර සවි පාලම හයි කරයි! (PHOTOS)
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට භාවිතා කරන නව තාක්ෂණික ක්‍රමවේදයක් වන පෙර සවි කොන්ක්‍රීට් පාලම් කොටස් සවි කිරීමේ ක්‍රමවේදයට අනුව පෙර සවි කොන්ක්‍රීට් පාලම් කොටස් 3279 ක් මත ඉඟුරුකඩේ මංසන්ධියේ සිට ගාලුමුවදොර වරාය නගරය දක්වා කුළුණු මතින් දිවෙන වරාය පිවිසුම් අධිවේගී මාර්ගයේ පළමු වන පෙරසවි කොන්ක්‍රීට් පාලම් කොටස සවිකිරීමේ උත්සවය ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක , මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින පැවැත්විණි.

කොළඹ වානිජ නගරයට ප්‍රවේශ වීමේදී පවතින අධික රථවාහන තදබදයට ස්ථාවර පිළියම් ලෙස ඉඟුරුකඩේ මංසන්ධියේ සිට අභිනව වරාය නගරයට පිවිසීමට කුළුණු මතින් අධිවේගී මාර්ගයක් ඉදිකිරීමට මහාමාර්ග අමාත්‍යාංශය සහ මාර්ග සංවර්ධන අධිකාරිය සැලසුම් සකස් කරන ලදි. මෙම මාර්ගයේ ඇති සුවිශේෂත්වය නම් පරිසර හිතකාමීව කුළුණු මතින් ඉදිකිරීම් සිදු කිරීමයි.

කුළුණු මතින් දිවෙන වරාය පිවිසුම් අධිවේගී මාර්ගයේ දුර කි.මි 5.3 ක් වේ. මංතීරු 4 ක් යටතේ මෙහි ඉදිකිරීම් කටයුතු සිදුකරනු ලබයි. ඉඟුරුකඩේ මංසන්ධියෙන් ආරම්භ වී ගාලුමුවදොර වරාය නගරයෙන් අවසන් වන මෙම මාර්ගයේ ඉදිකිරීම් සඳහා රු.මිලියන 28,002 ක මුදලක් වැය කෙරේ. මහාමාර්ග අමාත්‍යාංශයේ සහ මාර්ග සංවර්ධන අධිකාර්යේ අධීක්ෂණය යටතේ චීන සිවිල් ඉංජිනේරු ඉදිකිරීම් සංස්ථාව මඟින් මෙහි ඉදිකිරීම් කටයුතු සිදු කරනු ලබයි. කුළුණු මත ඉදිවන අධිවේගී මාර්ගය පිවිසුම් 5 කින් සමන්විත වේ. ඒවා නම් ඉඟුරුකඩේ පිවිසුම ,පිටකොටුව විමලධර්ම ආයතනය අසල පිවිසුම , අලුත් මාවතේ පිවිසුම , ගාලුමුවදොර පිවිසුම සහ වරාය නගරයට ඇතුළු වීමේ පිවිසුම වේ. මෙම අධිවේගී මාර්ගය වරායේ සිට බාධාවකින් තොරව කන්ටේනර් බහලුම් ප්‍රවාහනය සඳහා නව ප්‍රවේශ මාර්ගයක් වේ. ඉඟුරුකඩේ මංසන්ධිය අසල පිවිසුමේ දී මෙම කුළුණු මත ඉදිවන වරාය පිවිසුම් අධිවේගී මාර්ගය නව කැලණි පාලම මතින් පැමිණෙන මාර්ගය හා සම්බන්ධවේ.

මෙම කුළුණු මත ඉදිවන වරාය පිවිසුම් අධිවේගී මාර්ග ව්‍යාපෘතිය හේතුවෙන් වරාය පරිශ්‍රයෙන් කඩා ඉවත් කරන ගොඩනැගිලි වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුවේ ප්‍රතිපාදන මත යෝජිත සමුද්‍ර පහසුකම් සැලසීමේ මධ්‍යස්ථානය, වරාය අධිකාරිය සතු ඉඩමක මහල් 17කින් යුක්තව ඉදිකිරිමට සැලසුම් කර සකස් කර ඇත.

ඉදිකිරිමට යෝජිත සමුද්‍ර පහසුකම් සැලසීමේ මධ්‍යස්ථානය මහල් 17කින් යුක්තව චීන සිවිල් ඉංජිනේරු ඉදිකිරිම් සංස්ථාව මගීන් ඉදිකරනු ලබයි. මේ සදහා රුපියල් මිලියන 4099ක් වැය වේ. මාස 24ක් ඇතුලත මෙහි ඉදිකිරිම් කටයුතු අවසන් කිරිමට නියමිතය. ශ්‍රි ලංකා වරාය අධිකාරිය වරායේ සේවාවන්හි කාර්යක්ෂමතාව ඉහල නැංවීමට ද වරාය තුල බහාලුම් හැසිරවීමේ කටයුතු සදහා වැඩි ඉඩම් ප්‍රමානයක් ලබා ගැනීම සදහාද ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කාර්ය මණ්ඩලය සහ වරාය අශ්‍රිත අනෙකුත් සංවිධාන එකම වහලක් යට තබා ගැනීම සදහාද නවීන තාක්ෂණය සමග ඒකාබද්ධව වඩාත් ඵලදායී සේවාවක් වරාය භාවිතා කරන්නන්ට ලබා දීම සදහා කඩදාසි භාවිතයෙන් තොර මාර්ගගත කාර්යාල පද්ධතියක් වරාය අධිකාරිය සතු ඉඩමක ආසියානු සංවර්ධන බැංකුවේ ප්‍රතිපාදන මත ඉදි කෙරේ.

මෙම අවස්ථාවට වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා, ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා , මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඩබ් .ආර්. පේමසිරි මහතා , වරාය පිවිසුම් අධිවේගී මාර්ගයේ ව්‍යාපෘති අධ්‍යක්ෂක ඇතුළු පිරිසක් සහභාගී වූහ.

SendShareShare
Previous Post

මිනිස්සුන්ගේ දෙපතුළ ළඟට යන මිනිහා වෙනුවට මිනිස්සු වීරයාව පත්කර ගත්තා! දැන් කොහොමද රට? සජිත් යළිත් ජනාධිපතිවරණයට යයි! (VIDEO)

Next Post

නුවරඑළියෙ යන්නෙ බලාගෙන! යනවා නම් මේ වීඩියෝව බලලා යන්න!

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.