ජනාධිපතිවරයා රාජසන කතාව සිදුකරමින් හොරු ඇල්ලීමේදී ජවිපෙට කළ චෝදනාවන්ට පිළිතුරු ලබා දීමට ජාජබ පාර්ලිමේන්තු මන්ත්‍රීනී හරිනි අමරසූරිය මහත්මිය කටයුතු කළාය.Sri Lanka Latest News
ඒහිදී ඇය පවසා සිටියේ යහපාලන ආණ්ඩු සමයේදී හොරු ඇල්ලීමේ කාර්යයට ජවිපෙ උර දුන් නමුත් දින 52ක් ඇතුළත සිදුවූ මහබැංකු බැදුම්කර මංකොල්ලය හේතුවෙන් ඉන් ඉවත් වීමට ජවිපෙ පියවර ගත් බවත්ය.
දැන් තමන් පිරිසුදු නායකයකු ලෙස පෙන්වීමට වික්‍රමසිංහ මහතා උත්සාහ දැරූවද හොරු ආරක්ෂා කිරීමට වික්‍රමසිංහ මහතා කටයුතු කළ බවද ඇය සදහන් කළාය.










