ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය රට හැර යාමේ සූදානමින් පසුවන බව දැනගන්නට ඇත.
ලංකාවේ ක්‍රිකට් සංවර්ධනය කිරීම සදහා කිසිදු පාර්ශ්වයකින් ආරාධනා නොලැබීම හේතුකොටගෙන ජයසූරිය මේ් දීනවල දැඩි කලකිරීමකින් පසුවීම ඒ සදහා හේතු වී ඇති බව දැනගන්නට ඇත.
එමෙන්ම මේ වනවිට ජයසූරිය හට ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත ක්‍රිකට් සමාජයක පුහුණුකාර ධූරය බාරගන්නා ලෙසට ආරාධනාවක්ද ලැබී ඇත.
ඒ සමගම ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබා දීමටද යෝජනා වී ඇති බව පැවසේ.
ඒ අනුව ජයසූරිය බොහෝ දුරට සිය පවුල සමගින් ඔස්ට්‍රේලියාවේ පදිංචියට යාමේ සූදානමකින් පසුවන බවද දැනගන්නට ඇත.
කෙසේවෙතත් පසුගිය ජනාධිපතිවරණයේදී මෙන්ම මහමැතිවරණයේදීද ජයසූරිය ප්‍රසිද්ධියේම පොහොට්ටුවේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කිරීමට පියවර ගෙන තිබිණ.










