• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජයකොඩිට නඩු දැම්මේ පරණ සිද්ධියකට! ජනාධිපති ඇමැතිගේ පැත්ත ගනී! Sri Lanka Latest News

March 21, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
ජයකොඩිට නඩු දැම්මේ පරණ සිද්ධියකට! ජනාධිපති ඇමැතිගේ පැත්ත ගනී! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එල්ල වී ඇති දූෂණ චෝදනාව ඔහු අමාත්‍ය ධුරය ලබාගත් කාලයට අදාළ වූවක් නම් නියත වශයෙන්ම ඔහුව අමාත්‍ය ධුරයෙන් ඉවත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. පසුගිය 17 වැනිදා විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් කළ අදහස් දැක්වීමකදී මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා ඒ බව කියා සිටියා. එහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අමාත්‍යවරයාට එල්ලවී ඇති දූෂණ චෝදනා සම්බන්ධයෙන් සහ ගල්අඟුරු ආනයනයේදී සිදුව ඇතැයි කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් සිදුකළ පැහැදිලි කිරීම පහත දැක්වේ.Sri Lanka Latest News

ප්‍රශ්නය
ජනාධිපතිතුමා, ගල්අඟුරු සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා. විශේෂයෙන්ම මේ සම්බන්ධයෙන් චෝදනා එල්ල වෙලා තියෙන්නේ ඔබතුමාගේ ඇමැතිවරයකු වන කුමාර ජයකොඩි මහතාට. ඔහුට දැනටමත් මහාධිකරණය හමුවේ නඩුවක් පවරා තිබෙනවා වෙනත් සිදුවීමකට. ඔබතුමාට මේ සම්බන්ධයෙන් විපක්ෂය චෝදනා කරමින් ඉන්නවා. ඇයි ඔබතුමා මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකරන්නේ නැත්තේ? එහෙම කළා නම් ඔබතුමාට ඒ චෝදනාවලින් නිදහස් වෙන්න පුළුවන්?

ජනාධිපති අනුර කුමාර දිසානායක
විශේෂයෙන්ම කවුරු හෝ අමාත්‍යවරයෙක්ට, අමාත්‍යවරයෙකුගේ බලතල, අමාත්‍යවරයෙකුගේ විෂය පථය උපයෝගී කරගෙන කොතැනක හෝ අධිකරණයක නඩුවක් පැවරෙනවා නම් පහුවදාම මම ඔහුව ඉවත් කරනවා. මතක තියාගන්න.

ජයකොඩි පිළිබඳ මතුවෙලා තියෙන ප්‍රශ්නය 2014 ඔහු රාජ්‍ය නිලධාරියෙක් ලෙස ඉන්නකොට ප්‍රසම්පාදනයේ ඇති වූ ගැටලුවක්. ඒක උසාවියේ තියෙන නඩුවක් නිසා මම පැහැදිලි කරන්න යන්නේ නැහැ, මේක උසාවියේ තියෙන්නේ. හැබැයි ඔහු අමාත්‍යවරයෙක් හැටියට චෝදනා ලබලා අධිකරණයට ගොනුකරලා තිබුණොත්, හෙට මම ඔහුව අමාත්‍ය ධුරයෙන් ඉවත් කරනවා.

ඊළඟට ගල්අඟුරු පිළිබඳව. ඉතින් මේකට දැන් මම හිතන්නේ පාර්ලිමේන්තු තේරීම් කාරකසභාවක් ඉල්ලලා තිබුණා. එතකොට එතැනදී ඒක විභාගයකට ලක්කරන්න පුළුවන්. මොකද මම පරීක්ෂණයක් කළොත් ඒක පක්ෂපාතීයි කියන්න පුළුවන්. මම දන්නේ නැහැ තාමත් කවුරුත් අල්ලස් කොමිසමට ගියාද කියලා. පරීක්ෂණ කරන්න පුළුවන්.
මම දන්නවා මීට පෙර ජනාධිපති ලේකම් කාර්යාලය කමිටු හදලා, වාර්තා හදාගෙන සුද්ද වෙච්ච ඉතිහාසයක් තිබෙනවා. මම ඒකට එන්නේ නැහැ. මම පැහැදිලිවම කියන්නේ ඒ බලය තිබෙන ආයතන තිබෙනවා, ඒ ආයතන විධිමත් පරීක්ෂණයක් කරයි.

මා සතු තොරතුරු සහ මම ඒ පිළිබඳ කළ සමීප අධ්‍යයනය හරහා මම දන්නවා එතැන වංචාවක් සිදුවෙලා නැති බව. වංචාවක් සිදුවෙලා නැති බව මම දන්නවා. නමුත් පාර්ලිමේන්තුවට පුළුවන් ඒක විමර්ශනය කරන්න, පාර්ලිමේන්තු කෝප් කමිටුවට පුළුවන්, අල්ලස් හෝ දූෂණ කොමිසමට පුළුවන්. එහි පරීක්ෂා කිරීම හරහා යම් දූෂණයක් හෝ වංචාවක් පිළිබඳ චෝදනා එල්ල වෙනවා නම්, එතැනදී මම ක්‍රියාමාර්ග ගන්නවා.

SendShareShare
Previous Post

සිංහල අවුරුද්දට තෙලුත් දෙනවා.. ලයිටුත් දෙනවා..! ඇමැතිගේ සහතිකේ…!  Sri Lanka Latest News

Next Post

මේ ගෙවන්නේ පුටින්ගේ ආරාධනාව ප්‍රතික්ෂේප කිරීමේ පාපකර්මයද? Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.