කීර්ති රත්නායක නැමැත්තකු සමග කර ඇති සම්මුඛ සාකච්ඡාවකදී තමන්ට කර ඇති අපහාසයන් මුල් කරගෙන රුපියල් බිලියනයක වන්දියක් ඉල්ලා ජලනි ප්‍රේමදාස මහත්මිය විසින් මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම වෙත එන්තරවාසියක් යොමු කොට ඇත.
නීතීඥ දිමුතු කුරුප්පුආරච්චි හරහා අද (20) දින මෙම එන්තරවාසිය යොමු කොට තිබේ.
එහි සදහන්ව ඇත්තේ කීර්ති රත්නායක නැමැත්තා සමග සිදු කර ඇති සම්මුඛ සාකච්ඡාවේදී අසත්‍ය කරුණු ඉදිරිපත් කරමින් සිය සේවාදායිකාව වූ ජලනි ප්‍රේමදාස මහත්මිය හට බරපතළ අපහාසයක් සිදු කොට ඇති බවකි.
ඒ අනුව දින 14ක් ඇතුළත අදාළ වන්දි මුදල නොගෙවන්නේ නම් නඩු පැවරීමට කටයුතු කරන බවද අදාළ ලිපියේ සදහන්ව තිබේ.