රාජපක්ෂ පාලනය ගෙන එම සඳහා සිය දායකත්වය දැක්වූ ජැක්සන් ඇන්තනී සිය ෆේස් බුක් ගිණුමෙහි සටහනක් තබමින් පවසන්නේ 2016 වසරේ සිට තමන් නිහඬව සිටි බවයි.
ඒ නිසාම 2019 දී තම හඬ විවෘත නොකළ බවයි කියන්නේ.
රාජපක්ෂ පාලනය පන්නන විරෝධය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු පවසන්නේ අරගලය ජයග්‍රාහී විප්ලවයක් විය යුතු බවයි.
“මගේ නිහඬ බවේ හඬ කියවන්න.2016 සිට ගැඹුරු දේශපාලනික නිහඬතාවක සිටි මම 2019 දීද හඬ නෑරියෙමි. 69 ලක්ෂය වගා කරන්නට වචනයකින් තබා හුම්මිටියකින්වත් දායක නොවුනෙමි. 2016 සිට මගේ නිහඬ බවේ හඬ යනු දේශපාලනික කලකිරීමයි. එදා සිට නිර්පාක්ෂික කලාකරුවෙකු වූ මම, මේ නිර්පාක්ෂික තරුණ අරගලය තවත් පරාජිත කැරැල්ලක් නොවී ජයග්‍රාහී විප්ලවයක් වේවායි පැසුනු සිතින් ප්‍රාර්ථනා කරමි…!
ජැක්සන් ඇන්තනී”