මේ වනවිට මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාට ප්‍රහාර එල්ල කොට මාසයක් ගත වී ඇති බවත්, ඒ සම්බන්ධයෙන් මෙතෙක් වගකිවයුත්තන් අල්ලා ගැනීමට නොහැකි වීම පිළිබදව ලැජ්ජාවක් ඇති බවත් ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා කීය.
අපරාධකරුවා සුදු ඇදගත් දේශපාලකයකුද, කලු ඇදගත් පාතාලයකුද, වෙනත් පාටක් දමා ගත් කොන්ත්‍රාත්කරුවකුද යන්න අදාළ නැති බවත්, පොලිසිය අපක්ෂපාතීව විමර්ශන සිදුකළ යුතු බවත් අමාත්‍යවරයා කීය.
මේ සම්බන්ධයෙන් යුක්තිය ඉටු නොවන්නේ නම් තමන් තීන්දුවක් ගැනීමට නොපැකිලෙන බවද ඒ මහතා කියා සිටියේය.










