අද (29) සිට වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. (Sri Lanka Latest News)
එහි අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා සඳහන් කළේ, අන්දමන් දූපත් ආශ්‍රිත අඩු පීඩන කලාපයේ බලපෑම මීට හේතුවී ඇති බවය.
ඊසාන දිග මෝසම ක්‍රමයෙන් දිවයින හරහා ස්ථාපිත වෙමින් ඇති බවද ඔහු පැවසුවේය.
නැගෙනහිර, මධ්‍යම, ඌව හා සබරගමුව පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලටත් මිලිමීටර් 100 පමණ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ අනාවැකියේ සඳහන්වේ.
අඩු පීඩන කලාපයේ බලපෑම හේතුවෙන් බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදීමේදී විමසිලිමත් විය යුතු බවද මෙරිල් මෙන්ඩිස් මහතා පැවසුවේ ය.
newsfirst










