• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහමෙරක් තරම් ලොකු සෞඛ්‍යයේ තවත් වංචාවක් මේ බ්ලඩ් ටෙස්ට් කරලා තියෙන්නේ ඇල්වතුරෙන් ! Sri Lanka Latest News

July 19, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
මේ රට බලාපොරොත්තු වෙන්නේ ජනතාවට වගකියන-විනය-විමර්ශනය-විගණනය තියෙන නීතිගරුක පාලනයක්! සජබ ආණ්ඩුවක් යටතේ ජනතාවට විශ්වාසය තැබිය හැකි-දූෂණ විරෝධී එවැනි පාලනයක් බිහිවෙන ලකුණු පේනවා! වටමේස සාකච්ඡාවලින් එළියට ඇවිත් සක්‍රීය ‌පාලනයකට අපි එකතු වෙමු! සියලු වෘත්තීයවේදීන්-සිවිල් සංවිධාන-මධ්‍යස්ථ මතධාරීන් සියලු දෙනා මේ පාලනයේ හවුල්කරුවන් වෙමු! දූෂණයට එරෙහිව සැබෑ සටන දියත් කරන සජිත්ගේ වේදිකාවට අද ගොඩවූ වෛද්‍ය චමල් සංජීව කරපු සුපිරි කතාව! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අසරණ රෝගීන්ගේ ජීවිත අවදානමේ හෙළමින් කොළඹ ජාතික රෝහලේ සිදුව ඇති බව කියන අක්‍රමිකතා රැසක් පිළිබඳ විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පසුගියදා පැමිණි කළා. එහිදී මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් චමල් සංජීව මහතා මෙසේ සඳහන් කර සිටියා. Sri Lanka Latest News

මම චමල් සංජීව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති. අපි දන්නවා හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල හෝ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ පසුගියදා සිදුවූ ආන්දෝලනාත්මක සිදුවීමේදී හෝ අල්ලස් කොමිසම යම් දූෂණයක් සිදුවූ බව හෙළිකර ගන්නවා නම්, ඒක අබ ඇටයක් තරම් කුඩා වන්නේ, අපි මේ එළිකරන ජාතික විගණන කාර්යාලය මගින් පසුගියදා නිකුත් කරපු කොළඹ ජාතික රෝහලේ රසායනාගාරය තුළ සිදුවී ඇති බව කියන මේ දූෂණ වංචා අක්‍රමිකතාවල ප්‍රමාණය මහමෙරක් තරම් විශාල වෙන නිසා.

මේකේ සඳහන් වෙනවා ජාතික රෝහල තුළ, මේ රසායනික ප්‍රතික්‍රීයක මිලදී ගැනීමේදී වෛද්‍ය සැපයුම් ඒකකයේ නිසි අනුමැතියෙන් තොරව, රුපියල් මිලියන 2500ක් ඉක්ම වූ ප්‍රතික්‍රීයක මිලදී ගෙන තිබෙන බව. ඒ වගේම තමයි, මේ ප්‍රතික්‍රීයක අතරින් රුපියල් මිලියන 13ක් වටිනා ප්‍රතික්‍රීයක මේ අවුරුද්දේ අප්‍රේල් මාසය වනවිට විගණන පරීක්ෂණය සිදුකරන විටත් කල් ඉකුත් වෙලා.

මේකේ හාස්‍යජනක දේ තමයි, මේ අවුරුද්දේ අප්‍රේල් මාසයේ දක්වා මේ මිලදී ගැනීම්වලදී, ඉතා පැහැදිලිව දක්වා තිබෙනවා රුපියල් මිලියන හතරක් ඉක්ම වූ ‘කල් ඉකුත් වූ ප්‍රතික්‍රීයක’. ඒ කියන්නේ, කෙහෙළිය රඹුක්වැල්ල ඇල් වතුර විද්දා නම්, ලුණු වතුර විද්දා නම්, ඒ වගේ තමයි කිසිදු රසායනික ගුණයක් නැති ඇල් වතුරවලින් තමයි මිනිසුන්ගේ රුධිර පරීක්ෂණ කරලා තියෙන්නේ. ඇල් වතුරවලින් තමයි මිනිසුන්ගේ වකුගඩු බලලා තියෙන්නේ. ඇල් වතුරවලින් තමයි මිනිසුන්ගේ අක්මාව බලලා තිබෙන්නේ. ඒකේ වටිනාකම ලක්ෂ 40ක් පමණ වටිනා තොගයක්.

ඒ වගේම තමයි, කල් ඉකුත් වෙන්න මාසයක් තිබියදී තමයි තවත් රුපියල් මිලියන 13කට ආසන්න ප්‍රතික්‍රීයක මිලදී අරන් තිබෙන්නේ. මේවා ඉතා පැහැදිලියි, මේ අවුරුද්දේ මාර්තු අප්‍රේල් මාසයෙත් මේ මිලදී ගැනීම් සිද්ධ වෙලා තිබෙනවා. ඒ කියන්නේ, 2022 ඉඳලා මේ අවුරුද්දේ අප්‍රේල් දක්වා මේ විගණන වාර්තාවලදී පේන දෙයක් තමයි, ආණ්ඩු මාරු වුණාට මේ දූෂිත නිලධාරීන් වෙනස් වෙලා නෑ.

එක හේතුවක් තමයි, කොළඹ ජාතික රෝහලේ ප්‍රතික්‍රීයක මිලදී ගන්න, ඒ වගේම තමයි සමහර රසායනික ප්‍රතික්‍රියා සිදුකරන ජෛව විද්‍යා උපකරණ මිලදී ගන්න, සම්බන්ධ වෙච්ච පුද්ගලයන් අද අමාත්‍යාංශ ලේකම් පුටුවල ඉන්නවා. අධ්‍යක්ෂ ජනරාල් පුටුවල ඉන්නවා. අතිරේක ලේකම් පුටුවල ඉන්නවා. ඒ වගේම තමයි, මේ මගේ දෙපැත්තේ මේ වංචාවලට එරෙහිව සටන් කරපු ජීවමාන සාක්ෂි දෙකක් ඉන්නවා. එකක් තමයි එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන. ඔහු දිගින් දිගටම මේ වංචා ගැන එවකට ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාට මේ ගැන ලිඛිතව දැනුම් දීලා තිබෙනවා. හැබැයි, නිසි පියවරක් අරගෙන නෑ.

ඒ වගේම තමයි, මේ ප්‍රතික්‍රීයක සහ උපකරණ වංචා ගැන, ශ්‍රී ලංකා රජයේ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ සංගමයේ රවි කුමුදේශ් මහතා, ඔහුත් දිගින් දිගටම මේ ගැන සාක්ෂි සහිතව කරුණු අනාවරණ කළා.

එතකොට අපි දන්නවා දැන් රසායනික ප්‍රතික්‍රීයක මිලදී ගන්නා විට බරපතළ වංචා වෙලා තිබෙනවා කියලා විගණකාධිපතිවරයා විගණන විමසුමේ සඳහන් කරනවා. ජීවමාන සාක්ෂි දෙකක් එක්ක අපි අද අල්ලස් කොමිසමට පැමිණිලි කළා. කඩිනමින් මේ ප්‍රතික්‍රීයක මිලදී ගැනීම ගැන, මේ උපකරණ මිලදී ගැනීම ගැන පරීක්ෂණයක් සිදුකරලා, වගකිව යුතු මේ අමාත්‍යාංශ ලේකම්වරු ඇතුළු සියලු දෙනා අත්අඩංගුවට ගන්න අල්ලස් කොමිසම කටයුතු කළ යුතුයි.

NewsCenter.lk

SendShareShare
Previous Post

2015 සිරිකොත එරෙහි ජනාධිපති ලේකම් කාර්යාලය! 2019 නෙලුම් මාවත එරෙහි ජනාධිපති ලේකම් කාර්යාලය! 2024 පැලවත්ත එරෙහි ජනාධිපති ලේකම් කාර්යාලය? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

Next Post

හිතනවාට වඩා ට්‍රම්ප්ගේ බද්ද ලංකාවට බලපානවා! ආර්ථික විශ්ලේෂක ධනනාත් පෙන්වන බය හිතෙන චිත්‍රය! Sri Lanka Latest News

MORE NEWS

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…
Exclusive

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.