• About us
  • Contact us
Friday, June 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලංකාවේ සියලු මාධ්‍යය ආයතන සිංගප්පූරුවේ මාධ්‍යය පනත කියවා ගන්නවා නම් ඉතා වැදගත්! නව නීති රීති මඟින් පර්යේෂණාත්මක මාධ්‍යවේදීන් මෙන්ම පුරවැසියන් බිහිවෙනවා! I Sri Lanka Latest News

October 16, 2023
in Exclusive
Reading Time: 4 mins read
A A
ලංකාවේ සියලු මාධ්‍යය ආයතන සිංගප්පූරුවේ මාධ්‍යය පනත කියවා ගන්නවා නම් ඉතා වැදගත්! නව නීති රීති මඟින් පර්යේෂණාත්මක මාධ්‍යවේදීන් මෙන්ම පුරවැසියන් බිහිවෙනවා! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සිංගප්පූරුවේ තොරතුරු සන්නිවේදන මාධ්‍ය අධිකාරි පනත එරට දියුණුවට ඉතාමත් වැදගත් වූවා සේම සත්‍ය තොරතුරු දැනගැනීමේ පුරවැසියාට ඇති අයිතිය සුරක්ෂිත කරමින් ශ්‍රී ලංකාව ද ලෝකයේ ඉහළට ඔසවා තැබීමට වත්මන් රජය කටයුතු කරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය.Sri Lanka Latest News

සාමාජ මාධ්‍ය නිදහස ඕනෑම අයෙකුට ඇති නමුත්, එය අනෙකාට අපහාස කිරීම හෝ පළිගැනීමේ චේතනාන්විතව යොදා ගැනීම වැළැක්වීමට නීති රීති ගෙන එන බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා මෙම අදහස් පළ කර සිටියේ “ස්ථාවර රටකට- සැවොම එක මගකට” මැයෙන් අද (16) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ කොමිෂන් සභාව පිහිටුවීම මඟින් පර්යේෂණාත්මක මාධ්‍යවේදියක් මෙන්ම පර්යේෂණාත්මක පුරවැසියකු නිර්මාණය වන බවද වජිර අබේවර්ධන මහතා පෙන්වා දුන්නේය.

අපහාසාත්මක හා අසත්‍ය තොරතුරු මාර්ගගත ක්‍රමය හරහා ලබාදෙන පුද්ගලයින්ට දඩුවම් ලබා දීම සිදුවන්නේ අධිකරණ ක්‍රියාවලියක් හරහා බවත් කොමිසට දඩුවම් ලබාදීමේ අයිතියක් නොමැති බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂයේ සභාපති හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා මෙසේ ද පැවසීය.

ලෝකය තුළ මෙන්ම ශ්‍රී ලංකාව තුළත් සන්නිවේදනය දියුණුවීමත් සමඟ එහි ප්‍රතිලාභ ජනතාට ලැබී තිබෙනවා. නමුත් සන්නිවේදනය පුරවැසියා නොමඟ යැවීමට මෙන්ම අපහාස කිරිමට යොදා ගැනීම අවසානාවත්ත තත්ත්වයක් බව කිවයුතුයි. ඒ නිසා මෙම සමාජ මාධ්‍ය නිර්මාණය කළ තැනැත්තන්ම මේ වන විට ඒ සඳහා නීති රීති ගෙන ඒමටත් කටයුතු කර තිබෙනවා.

සමාජ ජලා නියාමනයක අවශ්‍යතාවය පිළිබඳ කතිකාතවක් ශ්‍රි ලංකාව තුළත් පවතිනවා. 1978 න් පසුව ශ්‍රී ලංකාවේ විද්‍යුත් මාධ්‍යය වෙනස් වෙමින් ඉදිරියට පැමිණ තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සහෝදර ශාන් වික්‍රමසිංහ මැතිතුමා විසින් ITN ආයතනය ආරම්භ කළා. පසුව එය රජයට පවරා ගත්තා. ඉන්පසුව 1978 න් පසු ශ්‍රී ලංකාවේ තිබු එකම ගුවන් විදුලිය වෙනුවට ගුවන් විදුලි නාලිකා රාශියක්, ඒ වගේම රූපවාහිනි නාලිකා විශාල ප්‍රමාණයක් ආරම්භ කිරීමට රජය විසින් අවස්ථාව ලබා දුන්නා. සියලු රූපවාහිනී මාධ්‍ය පාලනය වුණේ රූපවාහිනි පනතෙන් පමණයි. එය කිසිසේත්ම සාධාරණ හෝ මාධ්‍ය දියුණුවට සුදුසු තත්ත්වයක් නොවේ.

එසේ නම් ලෝකයේ දියුණු වූ රටවල් තොරතුරු සන්නිවේදනය, එසේ නොමැති නම් මාධ්‍යය නිවැරදි කිරීම සඳහාත් ජනතාවට නිවැරදි තොරතුරු සැපයීම සඳහාත්, නීති රීති පද්ධතිය සකස් කරගෙන තිබෙනවා. උදාහරණයක් ලෙස සිංගප්පූරුවේ තොරතුරු සන්නිවේදන මාධ්‍යය අධිකාරී පනත එහි දියුණුවට ඉතාමත් වැදගත් වී තිබෙනවා

විශේෂයෙන් තරුණ පරම්පරාව අද Facebook, Twitter, Tiktok, Instagram සහ Youtube වැනි සමාජ මාධ්‍යය හරහා ලබා දෙන ඇතැම් පණිවුඩ පිළිබඳ සැලකූ විට ඔවුන් ඉතාමත් අසහනකාරී මානසිකත්වයකින් සිටින බව පෙනී යනවා. ප්‍රේම සම්බන්ධතා බැඳ වැටීම් වැනි සිදුවීම සමඟ සියදිවි හානිකර ගැනීම දක්වා එම අවාසනාවන්ත තත්ත්වය වර්ධනය වී තිබෙනවා. මේ සඳහා වන සමාජ මාධ්‍යවල බලපෑම අවම කර ගැනීම වෙනුවෙන් නීති රීති අවශ්‍ය බව යෞවන යෞවනියන් ද අද පිළිගන්නා කරුණක්.

ලෝකයේ රටවල් Facebook ඇතුලු අනෙකුත් තොරතුරු මාර්ග ජනතාවට හානිදායක ලෙස බලපෑම පාලනය කරමින්, ජනතාවට වඩාත් යහපත් ලෙස නිවැරදි තොරතුරු සැපයීමටත්, එමෙන්ම ව්‍යාජ තොරතුරු සපයන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමත් කටයුතු කර තිබෙනවා. මෙය දියුණු වන සමාජයකට ඉතා වැදගත්ම අංශයක් බව අප මතක තබා ගත යුතුය.

එසේ නම් ශ්‍රී ලංකාව රටක් ලෙස ලෝකය හමුවේ අභිමානවත්ව නැගි සිටීමට නම් මාධ්‍යයේ කාර්යය භාර්යය ශක්තිමත් කරගත යුතුව තිබෙනවා. ශ්‍රී ලංකාවේ සියලු මාධ්‍යය ආයතන සිංගප්පූරුවේ මාධ්‍යය පනත කියවා ගන්නවා නම් ඉතා වැදගත් බව කිවයුතුයි. ඔවුන්ට විකාශන සේවා බලපත්‍රයක් ලබා දීමටත්, එය අවලංගු කිරීමටත්, වැරදි තොරතුරු සැපයීම තුළ ඒ සඳහා එය නිවැරදි කරගැනීම සඳහා අවශ්‍ය කරන දඬුවම් නියම කිරීමටත් පූර්ණ බලය ලබා දී තිබෙනවා. ඒ නිසා තමයි එවැනි රටවල් ලොව බලවත් ජාතින් බවට පරිවර්තනය වී තිබෙන්නේ.

ඒ වගේම දේශපාලනය පැත්තෙන් කල්පනා කර බැලුවත්, දේශපාලනය තුළ බොරු වපුරවන මෙරට සංස්කෘතිය කඩිනමින් වෙනස් විය යුතුව තිබෙනවා. එමෙන්ම අත්‍යවශ්‍ය සත්‍යය වසන් කිරීම සිදුනොවීමට වගබලා ගැනීම මාධ්‍යයේ වගකීමක් වන බව අප මතක තබාගත යුතුයි.

උදාහරණයක් ලෙස එවැනි නියාමනයන් කිරීම, මාධ්‍යය ශක්තිමත් කිරීමක් මිස, මාධ්‍යය පාලනය කිරීමක් නොවන බව සියලු මාධ්‍යවේදීන් සහ සියලු පුරවැසියන් මතක තබා ගත යුතුයි. නිවැරදි තොරතුරු සැපයීම සමස්ත ජාතියටම හිතකර ක්‍රියාවලියක්. එය ශක්තිමත් කිරීම සඳහා සියලු ආයතන ඒකාබද්ධ වී මාධ්‍ය ආයතන වලට අදහස්, යෝජනා ඉදිරිපත් කිරීමට අවස්ථාව තිබෙනවා.

දැන් අපේ අසල්වැසි රට වන ඉන්දියාව Tiktok සමාජ මාධ්‍යය ඇතුලු තවත් ජංගම දුරකථන වැඩසටහන් 58 ක් තහනම් කර තිබෙනවා. කෙසේ හෝ බොහෝ දේශපාලඥයන් ඉන්දියාව ගැන කතා කරනවා, ජපානය ගැන කතා කරනවා, සිංගප්පූරුව ගැන කතා කරනවා, දකුණු කොරියාව ගැන කතා කරනවා, චීනය ගැන කතා කරනවා. ඔවුන් දියුණු ජාතීන් බවට පත්ව සිටින බව කියමින් උදාහරණයට ගන්නවා. හැබැයි ඒ දියුණු ජාතින් බවට පත්වුණු රටවල් වල තිබෙන නීති රීති පද්ධතිය හඳුනා ගැනීමට කිසිවෙකු උත්සාහ දරන්නෙ නැහැ. මැලේසියාව ගැනත් කියනවා. නමුත් එම රටවල් නීති රීති සම්පාදනය කරගනිමින් ලොව ඉදිරියේ බලවතුන් ලෙස නැගී සිටීමට ගෙන ඇති වැඩපිළිවෙළ ආදර්ශයට ගන්නේ නැහැ.

එහෙනම් ශ්‍රී ලාංකිකයන් ලෙස දැනට මෙරට තිබෙන මාධ්‍ය සංස්කෘතිය විධිමත් කර ගනිමින් එය දියුණු කර ගැනීම සඳහා නියමානුකූල කරගැනීම ඉතා වැදගත් වෙනවා. මිනිසුන් මිනිසුන්ට අපහාස කිරීම, මිනිසුන් මිනිසුන්ට බොරු චෝදනා එල්ල කිරීම, මිනිසුන් මිනිසුන් විසින් විනාශ කිරීම වැළැක්වීම නව විකාශන අධිකාරී පනත වන “මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත“ මගින් සිදුවන ප්‍රධානම ක්‍රියාවලියක්.

එය රටක් ලෙස අපට ලෝකය ඉදිරියෙත් ශක්තිමත්ව පෙනී සිටීමට ඉතා වැදගත් බව ප්‍රකාශ කළයුතුයි. මෙම ස්ථාපිත කරන කොමිසම තුළින් දඩුවම් ලබාදීමට හැකියාවක් නැහැ. මහේස්ත්‍රාත් අධිකරණය හෝ වෙනත් අධිකරණයකින් පමණයි දඩුවම් ලබාදිය හැක්කේ. මෙම නව නීති රීති මඟින් පර්යේෂණාත්මක මාධ්‍යවේදීන් මෙන්ම පුරවැසියාත් බිහිවෙනවා. ජාතීන් අතර වෛරය වැපිරීමද මෙමඟින් නැතිවෙනවා. මේ ‍නීති මඟින් ජනතාවගේ ‍සත්‍ය තොරතුරු දැනගැනීමේ අයිතියද තහවුරු වෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය
2023-10-16

SendShareShare
Previous Post

ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ලේසි වැඩක් නෙමෙයි! සංකීර්ණ ක්‍රියාදාමයක්! ගෝඨාගේ ඉතිරි කාලය සම්පූර්ණ කරන්න ආ අනුප්‍රාප්තික ජනාධිපතිට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකට යන්න සුජාතභාවයක් නෑ! VIDEO I Sri Lanka Latest News

Next Post

චීනයට ගොඩබැහැලා දේශපාලන සාකච්ඡා ආරම්භ කරන්න කලින් ජනපති මුලින්ම චීන මාධ්‍යයට සම්මුඛ සාකච්ඡාවක් දෙයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News
Exclusive

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

Load More
අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

රජය විසින් ශ්‍රී ලංකා වරලත් වෘත්තිකයන්ගේ මාධ්‍ය ආයතනය පිහිටුවීමේ කෙටුම්පත ගැසට් කර ඇති බවත් මේ පනත් කෙටුම්පත දෙස බලන විට...

Read more
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.