ජනාධිපති ධුරය අහෝසි කිරීම සරල ක්‍රියාවලියක් නොවන සංකීර්ණ ක්‍රියාදාමයක් බවත්, එසේ කරනවානම් අංගසම්පූර්ණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් කළ යුතු බවත් මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසීය.Sri Lanka Latest News
අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ඉතිරි නිල කාලය සඳහා පත් වූ අනුප්‍රාප්තික ජනාධිපතිවරයාට මූලික ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කිරීමට කිසිදු සුජාත භාවයක් නොමැති බවකි.










