• About us
  • Contact us
Monday, July 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඡන්දෙ කල් දැම්මාට එකආ..ආ..යි! පක්ෂෙ නැති කළාට එකආ..ආ..යි! Sri Lanka Latest News

April 22, 2024
in Exclusive
Reading Time: 7 mins read
A A
Share on WhatsAppShare on Facebook

“අපේ නිවෙස පිහිටි ඉඩමේ මායිම (කෙළවර) වූයේ අක්කර හත්අටසියයක් වූ ගමේ මහ වෙල් යායේ ආරම්භයෙනි. මේ වෙල් යායේ වැඩි කොටසක් හිමිකම තිබුණේ මහනුවර දළදා මාලිගාවටය. ඊට හේතුව පුරාතණේ සිටි රජ දරුවන් දන්ත ධාතුන් වහන්සේගේ පැවැත්ම උදෙසා ගම්බිම් පූජාකිරීමේදී අපේ ගමේ මේ කුඹුරු යායත් වෙන්කර පූජා කර තිබීමය. යාය බලාගැනීමේ රාජකාරිය පළාත භාර නිලමේ කෙනකුට පැවරී තිබුණේය. ඔහු පදිංචිව සිටියේද අපේ තුලානය (ගම) ආසන්නයේමය. ඒ රාජකාරිය පරම්පරාවෙන් පරම්පරාවට ආවකි. (ඔය යායේ අතරින්පතර පෞද්ගලික කුඹුරු නොතිබුණාද නොවේ).
යායම ගමේ ගොවීන්ට වැඩකිරීමට (කුඹුරු වගාවට) අර නිලමේ හරහා දළදා මාලිගාවෙන් පවරාදී තිබුණේය. කුඹුරු කරන ගොවියන් දෙකන්න ගොවිතැන් කර ගොයම් පාගා කමතේදී බැත සුද්ද කරන දිනය නිලමේට දැන්වූ කල මාලිගාවේ කොටස ගෙනයාමට කරත්තයකුත් සමග ඔහු විසින් විදානේ කෙනකුන්ගේ (මුලාදැෑනියකු) ප්‍රධානත්වයෙන් සේවකයන් දෙතුන් දෙනෙකුද එවනු ලැබුවේය. (Sri Lanka Latest News)

ඔය ගොවීන්ට ඒ සමගම පැවරුණු තවත් අනිවාර්ය කටයුත්තක් නම් වසරක් පාසා පැවැත්වෙන දළදා පෙරහැරේ රාජකාරියට යාමය. එහිදී කළ යුතු නියමිත රාජකාරියක් නැත. කොයි දේත් කළ යුතු වූවේය. ඒ නිසා ඒ දිනවල මාලිගාවේ කෙරෙන හැම කටයුත්තක්ම කළ යුතු විය. මාලිගාවේ පෙරහැර රාජකාරියට එන දාහකට දෙදාහකට තුන්වේලම කන්නට දීමට ඉවුම් පිහුම්ද කළ යුතු වූයේය. එයද සුළුපටු කර්තව්‍යයක් නොවිණි.

විදුලිය නොවූ එකල ඒ සියල්ල කර හැන්දෑවේ වීදි සංචාරය කරන පෙරහැරට ආලෝකය සැපයීම සඳහා කොප්පරා පන්දම්ද ගෙන යා යුතු වූවේය. ගමේ ඔය නඩේ පෙරහැර රාජකාරියට යන විට “ඕං අලින්ගෙ අධෝමාර්ගයට (ගම්මුන් කියන්නේ අකුරු දෙකේ වචනේය) පන්දම් අල්ලන්න යනවා” යනුවෙන් ඇතැම්හු කීවෝය.

ඉතින් අපේ ගමේ විශාල වෙල් යාය කෙළවර ඒ සන්දියේ තිබුණේ මහ මූකලානය. වරකාතැන්න, මහවත්ත, මුල්ලෙහේන, මුංකොටුව යන හරිය ඔය කියන මහ කැලෑවට අයත්ය. මූකලානේ ප්‍රධාන අයිතිකාරයෝ සහ ප්‍රධාන මෙන්ම වැඩි ගහණය වනාහි සිඟාල ගෝත්‍රවංශික ඇත්තෝය. නොහොත් හිවල්ලු නොහොත් නරින්ය. ඔවුන්ගේ ප්‍රියතම කෑම කක්කුට්ටන්ය. (අපේ පොඩි උන්ට පපඩම් මෙනි) මහ වෙල් යාය නිසා අපට මෙන් ඔවුනට ආහාර ප්‍රශ්නයක් ඇතිවූ බවක්ද කිසිදා වාර්තාවී නැත.

කරුවල වැටුණු හැටියේම නරි රැළ වෙල් යායේය. වතුර පිරුණු වෙල්එළියට (කුඹුරු යායට) පැමිණෙන මේ බජාර් එක නියරවල් දිගේ රවුමක් දෙකක් ගසා පපඩම් ප්‍රධාන කොටගත් ආහාරවලින් බඩකට පුරා සම්පායම් වී අහස දෙස බලා (සඳ ඇති කාලෙට විශේෂය) “හොක්කියො, හොක්කියො හූ..ඌ..ඌ..ඌ..” යනුවෙන් ඔබ කැමැති ගී හෝ අසන්නන්ගේ ඉල්ලීම් තීරය හෝ පටන්ගත් විට ඇතිවෙන ආශික් එක කියලා වැඩක් නැත.

වරින්වර මැදියම් රැයත් පසුවන තුරා ඇහෙන මේ සංගීත සංදර්ශනය නිසා බොහෝ දෙනකුට නිදාගැනීම උගහට (දුෂ්කර) වූවේය. ඔය කාරණේ ඉවසන්නට බැරිවුණු අපේ පුංචි සීයා (මගේ මවගේ පියාගෙ මල්ලී) කම්මලෙන් භාණ්ඩයක් හදාගෙන ආවේය. එය ලී මිටකට සවිකළ කුඩා වංගෙඩියක හැඩය ගත්තකි. පොටෑස් සහ ගෙන්දගම් වෙන වෙනම අඹරා කළවම් කර අර වංගෙඩිය වැනි භාණ්ඩෙට දමා ඊටම ඇණයක් සේ තිබූ ඇබය (කොරාප්පය) වැනි එකෙන් වසා ඒ කොටස ආරක්‍ෂිතව සිට ගලක ගැසූ විට “අම්මට සිරි” ඒක පුපුරණ හඬ බතාරොයියක් (කාලතුවක්කුවක්) පත්තු කළාටද දෙවැනි නැත. ඒක චිරාත් කාලයක් තිස්සේ පැරැන්ණන් අතර තිබූ මෙවලමකි. නම බීරංගේය. දැන් නම් ඒ ගැන ගමක ඇසූ දුටුවකුද බේතකටවත් සොයාගැනීමට නැත.

පුංචි සීයා කල් ඇතිවම බීරංගෙට වෙඩි බෙහෙත් දමා හැන්දෑවේ සංගීත කණ්ඩායම් එනතුරු සූදානමින් බලාගෙන සිටින්නේය. යම්තම් ඇඳිරි වැටීගෙන එන වෙලාවට බඩු ටික එසේ අවුත් යාය පුරා රවුමක් දෙකක් කරක්ගසා ජන්ම පුරුද්දට සාජ්ජය ආරම්භ කිරීමට “හොක්” යනුවෙන් ආලප් එක අල්ලන විටම පුංචි සීයාද කල්යල් බලා බීරංගේ පත්තුකරන්නේය. ඉතින් අරුන්ගෙන් ඇහෙන්නේ ඒ හොක් හඬ පමණි. ඔවුන්ට දුවන්නට රට මදිය. සැඟවෙන්නට මූකලාන මදිය. ඔවුන්ගේ දිවීම සැකන්ඩ් වන්නේ අරගලය වෙලාවේදී ගෝඨාගේ දිවිල්ලටය.

(පනහ හැට දශකයේ තිබූ ඔය කැලෑව දැන්නං ඒ තිබුණු හරියක් හෝ හොයාගන්නට නැත. හේතුව පර්චස් දහය පහළොවේ කෑලි කඩා විකුණලාය. දැං ඒ හරිය හස්තිපුරය වී තිබේ) ඒ නිසා දැන් කැලෙත් නැත. නරිත් නැත. ඔවුන් ගිය දිහා රැයිපියෙල් තෙන්නකෝන් කිවිසුරාණන් මට මතක හැටියට රුප්පේ අන්දරයෙ හෝ මුළුතැංගෙයි අන්දරයෙ හෝ නැත්නම් බස්පාරේ හෝ යන පොතක,
“පිස්සුද දැන් කොහෙද? නරි දෙයියන්නෙ රටේ ගොස් නොවැ ඔවුන් උස්පුටු වාසලට තොටේ” යැයි සහසුද්දෙන්ම පෙන්නා දී තිබේ. (මෙහි තොට යනු කොළොම් තොටය. කොළොං තොටේ ඇති වාසල කුමක් දැයි සිතා බලත්වා)
වාසලේ හිටියත් කැලේ හිටියත් නරි නරිමය. නරියා නරියාමය. අංහිසකයන්ගේ කරේ යන්නේය. අහිංසක මහජනයාගෙන්ම යැපෙන්නේය. මහජන මුදලින්ම බේත්හේත් ටික ගන්නේය. රට සවාරි යන්නේය. මුන් දෙවැනි අපේ දෙසිය ගණනටය. ඒ නිසා නරියාගේ කපටිකං ගැන නොදන්නා පොඩි එකකු ගංවල (ගම්) නැති තරම්ය.

පොඩි උන් අතරේ (අපි පොඩිකාලේ පවා) ඉතාම ජනප්‍රිය කතා අතරිනුත් සුපිරි එක “නරියා ලබු කිරිබත් කෑ” කතාවය. ඊට හේතුව හැමෝටම උගුල් අටවන එකාට පොට වරදින හැටි අහන්න පොඩි උන් පවා කැමැති නිසාය. “ලබු කිරිබත් කෑ කතාවේදී රෙදි නැන්දා අතින් නරි නයිදෙට “සබ්බුව” ලැබුණු නිසා පොඩ්ඩෝ ඒ කතාවට කැමැත්තෝය.

ඛදබට ිඑදරහ සබ ියදරඑ හෙවත් දිග කතාවක් කෙටියෙං කියනවා නම් ඒ මෙසේය.
පිනුම් අප්පු (හාවා) දවසක් මිදුල අමදින විට (අතුගාන) ලබු ඇට දෙකක් දුටුවේය. ඉන් එකක් ඔහු තම වත්තෙ හිටෙව්වේය. අනික හිටවන්නට තමන්ගේ හොඳම යාළුවා වූ නරි නයිදෙට දුන්නේය. නරියා ඒක ගෙනගොස් උගේ ලිප් බොක්කේ හිටෙව්වේලු.

ඉඩෝරෙ කාලෙදි පවා පිනුම් අප්පු ගඟට ගොස් කනෙන් වතුර ගෙනැවිත් ලබු පැළේට දමා හොඳින් සාත්තු කිරීම නිසා වැලේ ඉක්මනටම ලබ්බක් (ලබු ගෙඩියක්) හැදුණේය. නරියා ඒ ගැන හොඳ අවබෝධකින් සිට ලබ්බ පැහුණු කල “යාළුවෙ, යාළුවෙ ලබු කිරිබත් කමු” දැැයි යෝජනා කෙළේය.

ඒ වන විටත් කිරිබතකට අවශ්‍ය “අඩුමකුඩුම” (අවශ්‍ය දේ) සපයා ගෙන තිබුණු පිනුම් අප්පු වැඩේට කැමැති විය. ඉන් අනතුරුව දවසක් දිවා භෝජනය වශයෙන් ලබු කිරිබත් කෑමට තීරණය කළ දෙදෙනා සාපාඩුව (කෑම) පිළියෙළ කළහ.
“යාළුවෙ පරණ පොතපතේ තියෙන්නෙ ලබු කිරිබත් නැට්ට නැති කැන්ද කොළවල අනුභව කළ යුතු බව” යැයි කී නරියා ඒ සඳහා පිනුම් අප්පු අන්දවා නැට්ට නැති කැන්ද කොළ සොයාගෙන ඒමට පිටත් කෙළේය.

ඒ අතරතුරේ කිරිබත් හැළියම කෑ කපටියා ඒවා පිටවෙන්න නොදී අවුට්ලෙට් එකේ නොහොත් එක්සිට් එකේ පොල් මුඩ්ඩක් ගසාගෙන කෑ මතට බිමවැටී දපාගෙන උන්නේය.

හාවා කැලේ පුරාම හෙව්වත් නැට්ට නැති කොළ සොයාගත නුහුණු බැවින් නැටි කඩාදැමූ කොළ ටිකක් ගෙනැවිත් බලන විට නරිහාමි පෙරේතයා පොළොවෙ ගැසුවාක් මෙන් හතරගාතෙ දමා වැටී සිටිනු දුටුවේය. කිරිබත් හැළියත් හිස්ය.

“යාළුවෙ, යාළුවෙ මොකද වුණේ?” පිනුම් අප්පු අකම්පහළව (සංවේගයෙන්) ඇසුවේය.
“අනේ යාළුවෙ, නැහැදිච්චි කොල්ලො ටිකක් ඇවිත් මටත් ගහල කිරිබත් හැලියත් කාල ගියා” යැයි උත්තර බැන්ද නරිහාමි “හැළියෙ දංකුඩ ටිකක් ඇති මට බෙලි ගෙඩියක් තරං දීල උඹ එළබටු ගෙඩියක් තරං ගනිං” යැයි අනුශාසනාවක් ද කෙළේය.

ඉන් පසුව ටික වෙලාවකින් පොල්මුඩ්ඩ නිසා කැහිල්ල ඇතිවුණු නරියා “අනේ යාළුවෙ මගේ පිටිපස්සෙ කැහිල්ලක් තියෙනව ගෙඩියක් එනවද දන්නෙ නෑ බලාපංකො” යැයි කී කල එසේ බලා “ගෙඩියක් නං නෑ පොල් මුඩ්ඩක් නං තියෙනවා” යැයි හාවා කීවේය.

“අනේ එහෙනං ඒක ඇදල දාපංකො” යැයි නරියා පැවසූ බසට එකඟව එසේ කළ කල්හි “බුරූස්” ගා එළියට විද්ද අරූගේ දහජරාවෙන් පිනුම් අප්පු ඉහිංකනිං නෑවී ගියේය. අනතුරුව ඒ අහිංසකයා වනය කෙළවර ගඟට ගොස් හොඳහැටි නා පවිත්‍රව ආපසු ආවේය. ඒ දුටු කපටි රජා සිහි එළවාගත නොහී අපේ මාධ්‍යවේදිනියක් අසන්නාක් මෙන් “අනේ තමුසෙ කොහොමද ඔච්චර ලස්සන වුණේ?”යැයි ඇසුවේල.
“මම රිදි (රෙදි) නැන්දට කියල දෙකක් අපුල්ල ගත්ත” යැයි ඇඟටපතට නොදැනීම හාවා කීයේල.

පුරාණ කතාවේ කියන අන්දමට තමාත් ලස්සන වීමේ ලොබින් උපාදානය (තෘෂ්ණාව) ඇතිකරගත් නරි නයිදේද ගඟ ළඟට ගොස් ඒ වනවිටත් රෙදි අපුල්ලමින් උන් රෙදි නැන්දාට යාප්පුවෙන් අමතා පැමිණි කාරණාව කී කල්හි ඕ තොමෝද පස්වනක් ප්‍රීතියෙන් පිනාගොස් ඊට කැමැත්ත පළකර නරියාගේ කකුල් දෙකෙන් අල්ලා, “මගේ කළු කුකුළන් කෑවාට එකායි, රතු කුකුළන් කෑවාට එකායි, සුදු කුකුළන් කෑවාට එකායි” කියමින් ගලේ ගසා කැලෑවට විසි කළහයි පොතපතෙහි ඔය පරණ කතාව විස්තර කර තිබේ.

ඉතිහාසය නැවත නැවත සිදුවේ යැයි කියන කියමන පරිදි අර අතීත රිදි නැන්දාගේ මී මිණිබිරියක් වන අපේ ගමේ ටැලිකිරං (ටෙලිග්‍රෑම්) ආච්චි (දිනචරියාව වශයෙන් ඇය ගෙයින් ගෙට ටැලිකිරං ගෙනයාම නිසා ඒ නම පටබැඳී ඇත) ඊයෙ පෙරේදා මහ රෑ හීනෙන් බයවී අවදිව ඒ මන්දැයි මුණුබුරන් විමසන විට මෙසේ පැවසුවේල.

“මමත් අපේ ග්‍රේට් ග්‍රෑන්ඩ් මදර් වාගෙ රෙදි අපුල්ල අපුල්ල ඉන්න තැනට නරිය ඇවිල්ල කැලෑවෙම මිස්ටර් ක්ලීන් වෙන්ඩ ඕනෑ කියල මට කීව. (මම හීනෙන් දැක්ක).
“මමත් වෙලාව බලාන හිටියෙ පුතයට කොයි වෙලාවෙද පාඩමක් උගන්වන්නෙ කවද්ද කියල. මමත් ඒක සුළු එකක්නෙ කියල තදකරල රෙද්ද ඇඳගෙන අල්ල ගත්ත උගේ කකුල් කෙටියෙන් “තෝ අපේ බැංකුව කොල්ල කෑවට එකායි. අපේ චංදෙ කල් දැම්මට එකායි. මුන්ඩ සුදුලූනු, පොල්තෙල්, සීනිවලින් ගසාකන්න ඉඩ දුන්නට එකායි, පොහොර නැවෙන් ගසා කන්ඩ දුන්නට එකායි කියල ගලේ ගහල ගහල කැලේට විසික්කරන කොට තමයි මගෙ බාල මුනුබුරා “කාටද ආච්චියෙ ඔය පාරම්බාන්නෙ” කියල මට ඇහැරෙව්වා. උන්දැ තමන් දුටු සොප්නය (සිහිනය) විස්තර කර පැවසුවාය.

“පුතේ අපේ පරම්පරාවම අලියට තමයි චංදෙ දුන්නෙ. මුන්නැහේ පස්සෙ (පක්‍ෂය) කාල කාල අන්තිමට මංතිරීකමකවත් බේරාගන්ඩ බැරි වෙච්චි එකේ පස්සෙට ගිය හින්ද කියන මේ අළුකුත්තේරු කතා ඇහෙනකොට නාචි (නාකි) මගේ ඉහේ ඉන්න උකුණො ටිකත් බිමට පනිනනව පුතේ“ යැයි කියමින් ඇයකී කතාව ගම පුරා පැතිරී තිබූ අතර එහි හරය සංක්‍ෂේපයෙන් මෙසේය.

කරුණු කාරණා ඉදිරිපත් කළ අන්දමට එයා ලස්සන වුණත් පක්‍ෂය මස්තබාල්දු කෙළේය. එක එකා කෙටෙව්වේත් ඔහුය. නමසිය හැත්තෑ හතේදී බියගම (කැලණිය) ආසනයෙන් නමෝ විත්තියෙන් හෙතෙම පාර්ලිමේන්තුවට ගියේය. ඒ පරම්පරාවේ සහ කැලණිය පන්සලේ දායක සභාවේ මුල්පුටුව හිමිකමේ ආනුභාවයෙන් සහ මාමණ්ඩි ජේ.ආර්.ගේ හයිය නිසාය. හැත්තෑ හත වනවිට රටේ තිබුණේ ආණ්ඩුවට එරෙහිව යූ.ඇන්.පී.යේ අලියා ලකුණෙන් පොල්පිත්තක් හිටෙව්වත් දිනන මට්ටමේය. තුනෙන් දෙකක නොව හයෙන් පහකම බලයක් ආවේ එහෙයිනි.

1994 දී මට මතක හැටියට රනිල් කොළඹින් ලක්‍ෂ හතරක් (4,00,000) හෝ පහක් (5,00,000) හෝ වැඩි ඡන්ද ගත්තේය.
ඔය අතරේ මහජන කැමැත්ත ටිකෙන් ටිකම හේදී ගියේය. බොහෝ දෙනා කටින් බතල හිටෙව්වෝය. ලෝකයේ පදයට නටන බවට මහජනයා චෝදනා කළෝය. අනූව (1990) අවසානය වනවිට පක්‍ෂය ජාම බේරාගත්තේ ආර්. ප්‍රේමදාස මහත්තයා නිසාය.

ආණ්ඩුවේ සිටි වැඩි දෙනෙක් නැටෝ සංවිධානයේ සාමාජිකයන් යැයි රට්ටු කීහ. නැටෝ සංවිධානයේ යැයි කීයේ No Actions Talk Only නිසාය.
රටේ පොඩි මිනිහා වෙනුවෙන් සිටි ප්‍රේමදාස මහත්තයා නැතිවිය. ගාමිණී දිසානායක ලලිත් ඇතුලත්මුදලි වැනි වැඩකාරයෝද මාවතගම ප්‍රේමචන්ද්‍ර වැනි කටකාරයෝද සදහටම නැතිවූහ.

අපේ මහත්තුරු යැයි පොඩි මිනිහාට (ගමේ මිනිහාට කට පුරා කියන්නට සිටි ඩී.ඇස්.ලා (ඩී.ඇස්. සේනානායක) ඩඩ්ලි (ඩඩ්ලි සේනානායක) ආර්. ප්‍රේමදාසලා වැනි තමන්නේ මිනිසුන් අත්තෙන් අතුගෑ අන්දමටම පක්‍ෂයට නැත්තෙන් නැත්තටම නැතිවූහ. අනතුරුව අපේ ලොක්කා පක්‍ෂයේ ලොක්කා වූයේය.
දැන් මහින්දලාගේ පැත්තේ සිටින බන්දුල ගුණවර්ධනලා, මහින්ද සමරසිංහලා, ගාමිණී ලොකුගේලා, ජොනාලා (ජොන්ස්ටන්) ඒ කාලෙ හිටියේ යූ.ඇන්.පී.යේය.
‘ආවොත් කරු පායයි හිරු’ යැයි කී කරු ආවේය. ටික කලක් හිටියේය. යථෝක්ත කණ්ඩායමට විජයපාල මැන්ඩිස් ද සරත් අමුණුගම ද ඈඳාගෙන කරු (කරු ජයසූරිය) අනිත් පැත්තට පැන්නේය.

දැන් වහසිබස් fදාඩන (දෙසාබාන) ලොක්කා පක්‍ෂය රැකගැනීමට එදා කළේ කුමක්දැයි අසන ටැලිකිරං ආච්චි හොරු අල්ලනවා යැයි දෙසදෙසා කෑගැසූ ලොක්කා කිසිම හිරිකිතයක් නැතිව දැැන් හොරුන්ගෙ බොක්කෙ බුදියන හැටි බලාපියව් යකුනේ යැයි කියන්නීය.
බෙහෙත් නැතිව, කන්ඩ නැතිව, රටේ සිටින මහජනතාව ගැන නොතකා කෙල්ලන්ට ලව් කරන්ඩ ඉදිකරන ප්‍රේම උද්‍යාන ආසන්නයේම නොමිලයේ ජංගි සෝදාගැනීම සඳහා වොෂිං මැෂිං ස්ථාපනය කළහොත් කඳුකරයේ ඡන්ද ටික එකතුකර ගැනීමට පැට්‍රෝල් පුච්චනවාට වඩා ලාභදායී බව ඕ තොමෝ කියන්නීය.

පක්‍ෂයේ නායකකමද ඇතිව රටේ අගමැතිකමද දැරූ කෙනෙකුට එක මංත්‍රීකමක් හෝ ගතනොහැකි වීමෙන්ම කටේ නරිවාදං ෂෝරු ෂෝරු කකුල් දිගේ පෙරෙනවා කියන්නේ ඕකටය.

වැඩි ඡනද ලක්‍ෂ හතරක් පහක් ගත්ත එකාට පක්‍ෂයේ නමට රටේම ඡනද ටික එකතුකර (ලක්‍ෂ දෙක තුනක්) මංත්‍රීකමක් ගන්නවාට වඩා අමු හෙළුවැල්ලෙං ඉරිදා දවසක ඉර බහින වෙලාවේ (හවස හතරට පහට) ගාලුමුවfදාර පිට්ටනිය දිගේ කොළඹ කොටුවේ සිට කොම්පඤ්ඤවීදිය දිහාට පාගමනින් වඩින (සක්මන) නම්බුකාරය.

ලේත් බී ඇට ටික සූප්පුකර හමටත් බුරනවාය කියන්නේ ඔන්න ඔය කතාවලටය. දැන් දෙන හාල් කිලෝ විස්ස කා 2048 වන තුරු අජරාමර වෙනවා දැයි ටැලිකිරං ආච්චි ගම්මුන්ගෙන් ඇසුවාය.

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

ගහනවා කියලා බුද්ධි වාර්තා ලැබිලා තියෙද්දීත් ප්‍රහාරය වළක්වා ගත්තේ නෑ! ඊශ්‍රායල හමුදා බුද්ධි ප්‍රධානියා වැරැද්ද පිළිගෙන ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News

Next Post

එකෙක් මැරෙනකම් හදන්නේ නැති කලා ඔය පාලම! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News
Exclusive

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News

මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

ගෙදර හදපු බල්ලා ගෙදර හිටපු ආච්චිව මැරෙනකම්ම හපලා! Sri Lanka Latest News
Exclusive

මදුරුවො මදිවට බල්ලොත්..! I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

මේ පාර අයවැයෙන් කිසිම අලුත් බද්දක් ගහන්නේ නෑ! අපි ඊයේ ‘රාජ්‍ය රහස්’ තීරයෙන් හෙළිකරපු තොරතුර අද අනුර ජපානයේ ලාංකිකයන් හමුවී කිව්වා! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මුලින් ටෙන්ඩර්..! සල්ලි පස්සේ..! අනුර ගත්ත අලුත්ම තීන්දුව! I Sri Lanka Latest News

Load More
කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News
Exclusive

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News

කාන්තාවක සමග පැවැත්වූ සබඳතාවක් සහ ඇති වූ මතභේදාත්මක සිදුවීමක් මුල් කරගනිමින්, සිංගප්පූරුවේ ඉස්ලාම් කටයුතු පිළිබඳ වැඩබලන අමාත්‍ය ෆයිසාල් ඉබ්‍රාහිම් (Faishal...

Read more
මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

ගෙදර හදපු බල්ලා ගෙදර හිටපු ආච්චිව මැරෙනකම්ම හපලා! Sri Lanka Latest News

මදුරුවො මදිවට බල්ලොත්..! I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.