හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා ඉදිරිපත් කළ පෙත්සම ජනවාරි මස 28 වැනිදා පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනීමට අභියාචනාධිකරණය දින නියම කළේ ය.Sri Lanka Latest News
ඔහු මෙම පෙත්සම ගොනු කර තිබුණේ, 2008 වසරේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ ගොනු කර තිබෙන නඩුවේ විත්තිකරුවකු වශයෙන් තමන්ව නම් කිරීමට නීතිපතිවරයා ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ නියෝගයක් ලබාදෙන ලෙස ඉල්ලමින් ය.
වසන්ත කරන්නාගොඩට එරෙහිව ගොනුකර තිබෙන නඩුව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගන්නා හෙයින් මෙම පෙත්සම පූර්ණ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගන්නා ලෙස වින්දිත පාර්ශ්වය ඉල්ලීමක් සිදුකර තිබුණි.
එම ඉල්ලීම සලකා බලමින් අභියාචනාධිකරණය මෙම පංච පුද්ගල විනිසුරු මඬුල්ල නම් කර තිබේ.










