හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේදී පිලිස්සීමට ලක්ව පසුව කොළඹ ජාතික රෝහලේදී මියගිය අවරුදු 16ක දැරිය සම්බන්ධයෙන් ලිංගික ප්‍රවේශයක් සිදුව ඇති බවට පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
මේ පිළිබඳව බොරැල්ල පොලීසිය හා කොළඹ දකුණු ළමා හා කාන්තා කාර්යාංශය තවදුරටත් පරීක්ෂණ පවත්වන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.
දැරිය මෙම නිවසට රැගෙන ආ පුද්ගලයාගේ ප්‍රකාශයක් අද දිනයේදී ලබා ගැනීමට නියමිත බවත්, දැරියගේ මව හා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳගේ පියාගෙන් මේ පිළිබඳව වැඩිදුර ප්‍රකාශ ලබාගැනීමට නියමිත බවත් ඔහු පැවැසීය.
මේ අතර පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව අද දිනයේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.










