“සමාජ සාධාරණත්වය කනපිට හරවමින් ජනාධිපතිවරයා ආණ්ඩුවට එකතු වෙන්න යැයි විපක්ෂයට ආරාධනා කරනවා, යැයි මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසීය.Sri Lanka Latest News
කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අදහස් දැක්වූ මහාචාර්ය පීරිස් මහතා කියා සිටියේ මෙය අවස්ථාවාදී ආරාධනාවක් බවයි.
ජනාධිපතිවරයා විපක්ෂයේ අදහස්වලට ඉඩක් නොදී මෙසේ ආරාධනා කිරීම විහිළුවක් බවත් ඒ මහතා කියා සිටියේය.
මාර්ගගත ආරක්ෂණ පනත යටතේ ප්‍රථම අත්අඩංගුවට ගැනීම සිදුවූ බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් සම්මත කරගත් මෙම පනත මගින් ගනු ලබන නීතිමය ක්‍රියාමාර්ග කිසිදු නීතිමය වලංගු භාවයක් නොමැති බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.
ගජ – මිතුරු සමාගම්වලට බදු සහන,බදු විරාම ලබාදී මහජනතාව මත විශාල බදු බරක් දමා ඇති බවත්, මෙම රජය දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන නාමයෙන් වැඩ කරන ජනතාවගේ මුදල් මංකොල්ලකෑ බවත් මහාචාර්යවරයා සදහන් කළේය.
ආණ්ඩුවේ නොහැකියාව විපක්ෂය මත පැටවීම සඳහා ජනාධිපතිවරයා ආණ්ඩුවට එකතු වෙන්න යැයි විපක්ෂයට ආරාධනා කරන බවද ඒ මහතා කියා සිටියේය.










