• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පාස්කු වාර්තාවේ පිටු ගලවලා කියලා ජනාධිපතිතුමාට හොයාගන්න අවුරුද්දක් ගිහින්! ප්‍රහාරය එල්ල වෙන වෙලාවේ හිටපු සමහර නිලධාරීන් අද මේ ආණ්ඩුව යටතේ ඉහළ තනතුරුවල ඉන්නවා! ඒකයි මහමොළකාරයෝ අල්ලන්න බැරි! ඒකයි පාස්කු විවාදය දුන්නෙ නැත්තෙත්! තවත් කාලේ කන්න එපා! වැඩේ බාර ගත්තානම් කරන්න.. කෙඳිරි ගගා ඉන්නේ නැතිව..! VIDEO I Sri Lanka Latest News

November 26, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
රිෂාඩ්ට-සාෆිට කළා වගේ මගේ දේශපාලන ජීවිතය විනාශ කරන්න වැලිකඩ හිරගෙදරට ගිහින් කුමන්ත්‍රණයක් කරලා! හිටපු ඇමැතිවරයෙක් සම්බන්ධයි! චෝදනා තියෙන අස්ලම් කියලා කෙනෙක් සම්බන්ධයි! පාස්කු ප්‍රහාරයේ චූදිතයාට අනිසි බලපෑම් කළා කියලා ඒ පැත්තෙනුත් උසාවියට කරුණු වාර්තා කරලා! පාර්ලිමේන්තුවේදී කිව්වා වගේම මුජිබර් CID එකට පැමිණිලි කරයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ අද (26) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතාය. Sri Lanka Latest News

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවැසීය,

‘‘වර්තමාන ආණ්ඩුව බලයට පත්වුණාට පසුව විශේෂ සිද්ධීන් දෙකක් කරළියට පැමිණියා. බහලුම් 309 ක් කිසිදු පරික්ෂාවකින් තොරව රේගුවෙන් නිදහස් කිරීම එයින් එක් සිද්ධියක්. මෙම සිද්ධිය සම්බන්ධයෙන් රේගුවේ නිලධාරීන් ජනාධිපතිවරයාට ලිඛිත පැමිණිල්ලක් සිදුකර තිබෙනවා. ඒ අනුව ජනාධිපතිවරයා මුදල් අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයකුගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරනු ලැබුවා. එම කමිටුව මීට මාස කිහිපයකට පසුව එම වාර්තාව ජනාධිපති අනුර දිසානායක මහතාට භාර දෙනු ලැබුවා. නමුත් ජනාධිපතිවරයා එම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කටයුතු කළේ නැහැ. ඒ නිසා ජනාධිපතිවරයා පත්කළ කමිටුවේ වාර්තාව සමගි ජනබලවේගය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කටයුතු කරනු ලැබුවා. ඒ අනුව බහලුම් 309 ක් කිසිදු පරික්ෂණයකින් තොරව මුදාහැරී තිබෙන බවත් එම බහලුම් තොගයෙන් බහලුම් 159 ක් රතු නිවේදන නිකුත් කළ බහලුම් ලෙස හඳුනාගෙන තිබෙනවා. ඒ වගේම කහ නිවේදන නිකුත් කළ බහලුම් 150 ක් එම බහලුම් තොගයේ තිබුණ බව වාර්තා වෙනවා. ඒ වගේම මෙම බහලුම් රේගුවේ භෞතික පරීක්ෂාවකින් තොරව ස්කෑන් පරීක්ෂාවකින් තොරවත් නිදහස් වී තිබෙනවා. කෙසේ නමුත් මෙම කමිටු වාර්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදුන් බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණා. නමුත් එම වාර්තාව අනිවාර්යෙන්ම සභාගත කරන්න ජනාධිපතිවරයා කටයුතු කළ යුතුයි.

ඒ වගේම ජනාධිපතිවරයා විනිවිධභාවය සහ පාරිදෘශ්‍යභාවය පිළිබදව වැඩි වශයෙන් කතා කරනු ලැබුවා. ඒ වගේම ජනාධිපතිවරයා රටේ බලය ලබා ගත්තේත් රටේ සිදුවන සෑම දෙයක්ම විනිවිධභාවයකින් සිදුකළ යුතු බව ප්‍රකාශ කරලයි. නමුත් ජනාධිපතිවරයා ආණ්ඩුබලය ලබාගත්තාට පසුව විනිවිධභාවයකින් කිසිවක් සිදුවන්නේ නැහැ. බහලුම් සිද්ධියේ පරීක්ෂණත් කිසිදු විනිවිධභාවයකින් සිදුවන බවත් පෙනෙන්නට නැහැ. බහලුම් 309 සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වන බව ප්‍රකාශ කළත් එවැනි දෙයක් සිදුවන්නේන නැහැ. ඒ වගේම බහලුම් 309 රේගුවෙන් නිදහස් කිරීමේ සිද්ධියට චෝදනාවල ලක්වුණ නිලධාරියා රේගු අධ්‍යක්ෂ ජනාරාල්වරයා ලෙස පත් කරන්න ආණ්ඩුව කටයුතු කරනු ලැබුවා. ඒ වගේම ඔහුගේ සේවා කාලය දීර්ඝ කරන්නත් ආණ්ඩුව කටයුතු කර තිබෙනවා. මෙම සිදුවිම තුළ කිසි විනිවිධභායක් හෝ පාරිදෘශ්‍යභාවයක් නැහැ. කෙසේ නමුත් රේගු අධ්‍යක්ෂ ජනාරාල්වරයා ලෙස පත් කළ නිලධාරීයාගේ මැදිහත්වීමෙන් බහලුම් 309 නිදහස් කිරීමට කටයුතු කිරීමේ කප්පමක් ලෙස , සන්තෝෂමක් ලෙස ආණ්ඩුව ඔහුගේ සේවා කාලය දීර්ඝ කරන්න කටයුතු කළාදැයි සැකයක් මතුවෙනවා. ඒ වගේම මෙම සිද්ධිය සම්බන්ධයෙන් සොයා බලන්න පාර්ලිමේන්තු තේරිම් කාරක සභාවක් පත් කරන ලෙස ඉල්ලා සිටියා. නමුත් කතානායකවරයා සහ ආණ්ඩුව එම තේරීම් කාරක සභාව පත්කරන්න කටයුතු කළේ නැහැ. කෙසේ නමුත් මෙම බහලුම් සිද්ධිය ආණ්ඩුව හිතා මතාම යට ගසන්න ආණ්ඩුව උත්සාහ දරන බවක් පෙනෙන්න තිබෙනවා. මෙම බහලුම් 309 නිසි පරික්ෂාවකින් තොරව නිදහස් කිරීම හරහා කෝටි ගණනක පාඩුවක් සිදුවී තිබෙනවා. ඒ හරහා රජයට අහිමිවුණ ආදායම ගණනය කරන ලෙස ජනාධිපතිවරයා පත් කළ කමිටුවත් නිර්දේශ කර තිබෙනවා. මහබැංකු සිද්ධියට වඩා විශාල බදු ආදායමක් රටට මේ හරහා අහිමි වෙලා තියෙන්න පුලුවන්. කෙසේ නමුත් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා මෙම සිද්ධියට වගකිව යුතුයි.

ඒ වගේම මෙම බහලුම් සිද්ධියට අදාලව හිටපු වරාය ඇමැති බිමල් රත්නායක ඇමැතිවරයාට චෝදනා එල්ල වී තිබුණා. නමුත් ඔහුව වරාය ඇමැතිධුරයෙන් ඉවත් කරන්න රජය කටයුතු කරනු ලැබුවා. මෙම සිද්ධිය එකිනෙකාට අතට මාරු නොකර මෙම සිද්ධිය පිළිබඳව නිසි විමර්ශනයක් සිදුකළ යුතුයි. ඒ වගේම මුදල් ඇමැතිවරයා ලෙස ජනාධිපතිවරයා මෙම සිද්ධියට සෘජුවම වගකිව යුතුයි. කෙසේ නමුත් මුදල් ඇමැතිවරයා ලෙස ජනාධිපතිවරයා මෙම සිද්ධියට වගකිව යුතු නිසාද මෙම කමිටුවාර්තාව ඉදිරිපත් නොකරන්නේ කියන සැකය මතුවෙනවා. පාර්ලිමේන්තු තේරිම් කාරක සභාවක් පත් නොකරන්නේ ජනාධිපතිවරයාගේ විෂය පථයට මෙය අයත් වන නිසාද? කෙසේ නමුත් මෙම බහලුම් සිද්ධියට අදාල විශාල සැකයන් මතුවන කටයුතු පසුගිය කාලයේ සිදුවෙලා තිබෙනවා. ඒ වගේම රේගුව සහ වරාය වංචා දුෂණයන්ගෙන් පිරුණ ආයතන බව මෙම සිද්ධීන් අනුව පැහැදිලි වෙනවා. මෙවැනි වංචනික ක්‍රියා සිදුකරන්න නෙවෙයි අනුර දිසානායක ජනාධිපතිවරයා බලය ලබා ගත්තේ. එවැනි ආණ්ඩුව වෙනස් කරන බව කියලයි අනුර දිසානායක ජානාධිපතිවරයා බලය ලබා ගත්තේ. කෙසේ නමුත් ජනාධිපතිවරයා පරණ ආණ්ඩුව ගමන් කළ මාර්ගයේම තමයි දැන් ගමන් කරන්නේ.

ඒ වගේම වැඩබලන විගණකාධිපතිවරයා ලෙස විගණකාධිපති දෙපාර්තමේන්තුවේ අවුරදු 30 ක් සේවය කරන නිලධාරියෙකු වැඩ බලන විගණකාධිපතිවරයා ලෙස පත්කර තිබෙනවා. ඒ වගේම ජනාධිපතිවරයා ඔහුගේ සේවයත් දීර්ඝ කරන ලෙස ඉල්ලා සිටියත් එම යෝජනාව ප්‍රතික්ෂේප වී තිබෙනවා. කෙසේ නමුත් එම වැඩබලන විගණකාධිපතිවරයා එම තනතුරේ ස්ථිතර කරන්නත් ජනාධිපතිවරයා කටයුතු කරන්නේ නැහැ. ඒ වගේම රාජ්‍ය සේවයේ සිටින දක්ෂ නිලධාරීන්ට , අද්දැකිම් තිබෙන නිලධාරීන්ට ඉදිරියට යාමට ඉඩ ලබාදෙන බවත් දේශපාලන පත්විම් කරන්නේ නැති බවත් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වෙනවා. නමුත් ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබෙන කරුණු වලට පටහැනිව විගණකාධිපතිවරයාගේ ධුරයට ජනාධිපතිවරයාගේ හිතවතෙකු පත් කරන්න කටයුතු කරනු ලැබුවා. නමුත් ව්‍යවස්ථාදායක සභාව ජනාධිපතිවරයාගේ තිරණය ප්‍රතික්ෂේප කරනු ලැබුවා. ඉන්පසුව විගණකාධිපති දෙපාර්තමේන්තුවේ සිටින ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වැඩබලන විගණකාධිපති ලෙස පත් කරනු ලැබුවා. එම නිලධාරියාට විගණකාධිපති ලෙස වැඩ කරන්න අවශ්‍ය සියලුම සුදුකම් තිබෙනවා. කෙසේ නමුත් ජනාධිපතිවරයා කටයුතු කරනු ලබන්නේ ඔහුගේ හිතවතෙකු විගණකාධිපතිවරයා ලෙස පත් කරන්නයි. ලබන වසරේ සිට ජාතික ජනබලවේග ආණ්ඩුවේ දේවල් විගණනයට ලක්වන නිසයි ජනාධිපතිවරයා විගණකාධිපති තනතුරට හිතවතෙකු පත් කරන්න උත්සහ දරන්නේ. ජනාධිපතිවරයා ඔහුගේ හිතවතෙකු විගණකාධිපති ලෙස පත් කරන්න උත්සහ දරන්නේ ජාතික ජනබලවේග ආණ්ඩුවේ ඇමැතිවරු සිදුකර තිබෙන වංචා දූෂණ යටපත් කරන්නද?

කෙසේ නමුත් රාජ්‍ය සේවය දේශපාලනයෙන් මුදවා ගත යුතු බවත් රාජ්‍ය සේවයේ සිටින දක්ෂයින්ට ඉඩ ලබාදිය යුතුයි. විනිවිධභාවයකින් කටයුතු කළ යුතුයි යන වචන වලටයි රටේ ජනතාව අනුර දිසානායක මහතාට ඡන්දය ලබාදුන්නේ. නමුත් ඒ ඡන්දවලින් බලය ලබාගෙන පරණ කුණු වුණ දේශපාලන සංස්කෘතියමයි ජනාධිපතිවරයා අනුගමනය කරන්නේ.

ඒ වගේම පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධ වාර්තාවේ පිටු ගලවා ඇති බව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. කෙසේ නමුත් පාස්කු බෝම්බ ප්‍රහාර වාර්තාවේ පිටු ගලවපු බව ජනාධිපතිවරයා දැන ගන්නේ ඔහු ජනාධිපතිවරයා වී වසරකට පසුවයි. පාස්කු බොම්බ ප්‍රහාරය සම්බන්ධ වාර්තාව ආණ්ඩුවේ ආරක්ෂක ආංශවල ප්‍රධානීන්වත් බලලා නැහැ. ඔවුන් මෙම වාර්තාව බලලා තිබෙන්නෙත් වසරකට පසුව. කෙසේ නමුත් පාස්කු බොම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා හෙළි නොකළ ජනාධිපති කොමිසන් වාර්තා රැසක් තිබෙනවා. ඒ වාර්තා පාර්ලිමේන්තුවට ලබාදෙන්න අනුර දිසානායක ජනාධිපතිවරයා කටයුතු කළ යුතුයි. ඒ වගේම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විශේෂ පුද්ගලයන් ලබාදුන්න සාක්ෂි පාර්ලිමේන්තුවට තවමත් ලැබී නැහැ. ඒ වගේම පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධ වාර්තාව තවත් තියාගෙන හිටියොත් තවත් පිටු අතුරුදහන් වෙන්න පුලුවන්. ඒ නිසා වහාම එම වාර්තා පාර්ලිමේන්තුවට ලබා දෙන්න කටයුතු කළ යුතුයි. ඒ වගේම පාස්කු බෝම්බ ප්‍රහාරයේ මහමොළකරු අල්ලා ගන්නත් පහසුයි. පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධ වාර්තාවේ පිටු ගලවා තිබෙන්නේ මහමොළකරු. ඒ නිසා පිටු ගලවපු පුද්ගලයා අත්අඩංගුවට ගන්න ජනාධිපතිවරයාට හැකියාව තිබෙනවා. කෙසේ නමුත් කෙදිරි ගාන්නේ නැතිව පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකළ යුතු දේවල් වහාම ඉටු කරන්න. ඒ වගේම පාස්කු බොම්බ ප්‍රහාරය සිදුවන කාලයේ එවක රජයේ සිටි නිලධාරින් වර්තමාන ආණ්ඩුවෙන් ඉහළ නිලතලවල සිටිනවා. ඒ නිසා පාස්කු බොම්බ ප්‍රහාරයේ මහ මොළකරු කවුරුන්දැයි සොයාගන්න ආණ්ඩුව නොහැකිවෙලා තිබෙන්නේ. ඒ පිරිස හෙළිදරව් වන නිසා තමයි ආණ්ඩුව විශ්වාසභංග යෝජනාව ගෙන ඒමට ඉඩ ලබා නොදුන්නේ. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා භාර නොදුන්න වාර්තාව වහාම පාර්ලිමේන්තුවට භාර දෙන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.‘‘

SendShareShare
Previous Post

ගෙවල් දෙකක කුලී කතාවක්! කතානායකට ලොකු චෝදනාවක්! චාමර සම්පත්-රාසමාණික්කම් කතානායකත් එක්ක හැප්පෙයි! VIDEO I Sri Lanka Latest News

Next Post

සුද්දියන්ට ගැජට් එක පෙන්නපු ත්‍රීවීල් රියැදුරා මාස 6ක් බරපතළ වැඩ ඇතිව හිරේ! ලක්ෂ 3ක වන්දියකුත් ගෙවන්න වෙයි! Sri Lanka Latest News

MORE NEWS

අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News
Exclusive

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News
Exclusive

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

බයික් එක පාර අයිනෙ නතර කරපු කොල්ලට නිකරුණේ සද්දෙ දාපු වතුපිටිවල SI මතකද? කොල්ලත් අතෑරියේ නෑ! වීඩියෝ එක එළියට දැම්මට පස්සේ අන්න වැඩ තහනම් වෙලා! චෝදනාව රාජකාරියට නුසුදුසු වන ආකාරයට හැසිරෙමින් මහජනතාවට තර්ජනාත්මක ප්‍රකාශ සිදුකිරීම! VIDEO I Sri Lanka Latest News

Load More
අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News
Exclusive

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ දිසා විනිසුරුවරුන් සහ මහේස්ත්‍රාත්වරුන් නියෝජනය කරන ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය (JSA) විනිසුරුවරුන්ගේ ව්‍යවස්ථාපිත විශ්‍රාම වයස දීර්ඝ කිරීම...

Read more
රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.