අද පෙරවරු 8.30න් අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය තිස්සමහාරාම ප්‍රදේශයෙන් වාර්තා වුණා.
වර්ෂාවත් සමග ප්‍රධාන ගංගා රැසක ජල මට්ටම් මේ වන විට පිටාර මට්ටමට පැමිණ ඇති අතර, ඉදිරි දින කිහිපයේදීත් වර්ෂාව අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
කෙසේ වෙතත් ලබන සෙනසුරාදා සිට වැසි තත්ත්වය ක්‍රමයෙන් අඩුවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.
Newsfirst










