• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කජු හිඟයක් ආවේ ඇමැතිගේ වැරදි නියෝගයක් නිසාද? මුළු කර්මාන්තයම අර්බුදයක! වෙළෙන්දන්-නිෂ්පාදකයන්-අපනයනකරුවන් නැත්තටම නැති වෙයිද? I Sri Lanka Latest News

February 2, 2026
in Exclusive
Reading Time: 5 mins read
A A
සීයා නෙට්ෆ්ලික්ස් බලන ගමන් ලක්ෂ ගාණක කජු කාලා කියලා කෑගැහුවා! මෙන්න බොලේ මාලිමා ආණ්ඩුවේ අලුත් තෙල් සංස්ථා සභාපතිත් ජයටම කජු කනවා! බිලුත් එක්කම මාධ්‍ය හමුවේදී එළියට එයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වර්තමාන රජය විසින් 2025 වර්ෂයේ කජු අවාරයට ලෙලි කජු ආනයනය කිරීම සදහා ආනයනය බලපත්‍ර ලබාදීම දිගින් දිගටම කල් දැමීමත්, ලෙලිකජු ආනයනය දැඩි ලෙස සීමා කර ආනයනය බලපත්‍ර සදහා කෙටි කාලයක් ලබාදීම නිසා රට තුළ ලෙලි කජුවල විශාල හිඟයක් පවතින බව අද දිනයේදී බෝහෝ මාධ්‍ය මගින් වාර්තා කර තිබුණි.Sri Lanka Latest News

එළඹෙන මැයි ජූනි මාසවල සිට ආරම්භ වන ශ්‍රී ලංකාවේ කජු අස්වනු ලැබීමේ කාලසීමාව එළඹෙන තෙක් රට තුළ ලෙලි කජුවල විශාල හිඟයක් පවතින බව ශ්‍රී ලංකා කජු නිෂ්පාදකයින්ගේ සංගමය මාධ්‍ය වෙත පෙන්වා දී ඇත.

පසුගිය රජයන් යටතේ ලෙලිකජු ආනයනය සඳහා බලපත්‍ර ලබා දුන්නේ වර්ෂය ආරම්භයේ ජනවාරි මාසයේදී වන අතර සිංහල අලුත් අවුරුද්දට පෙර ආනයනික ලෙලි කජු දේශීය
කර්මාන්තශාලාවලට ලැබුනි.

නමුත් වර්තමාන ජාතික ජන බලවේග රජය යටතේ ආනයනය සදහා තෙවරක් බලපත්‍ර නිකුත් කළත් ආනයනය සදහා ලබා දුන් කෙටි කාලය තුළදී කජු නිෂ්පාදකයන්ට කජු ආනයනය කිරීමට නොහැකි වී ඇත.

අවසානයේදී පසුගිය සැප්තැම්බර් මාසයේ කජු ආනයනය සඳහා බලපත්‍ර ලබා දුන්නත් ඒ වනවිට ලෝකයේ කිසිදු රටක කජු තොග නොතිබුණු අතර තම සාමාජිකයන් ඉන්දියාව ඇතුලු විවිධ රටවලින් කජු තොග ආනයනය කර සුළු වශයෙන් හෝ වෙළඳපළට කජු සැපයීමට උත්සාහ කල බව සමස්ත ලංකා කජු සංගමයේ සාමාජික මහතකු අප වෙත පවසා සිටියේය.

2025 වර්ෂය සඳහා කජු ආනයනය සඳහා බලපත්‍ර නිකුත්කිරීමට සැප්තැම්බර් මාසය දක්වා කල් මැරීමත් ශ්‍රී ලංකාවේ කජු තොග වෙළඳපළට ලැබෙන්නේ මැයි ජූනි මාස වලදී බැවින් මැයි මාසය දක්වා දේශීය වෙළඳපළේ දැඩි කජු හිගයක් ඇතිවිය හැකි බව වෙළඳපල විශ්ලේෂකයන් වැවිලි කර්මාන්ත ඇමතිවරයාට පෙන්වාදී ඇති බව අප වෙත වාර්තා වෙයි.

ශ්‍රී ලංකාවට ලෙලි කජු ගෙන්වීම නැවැත්වීමෙන් විශාල පිරිසක් අතරමං වී ඇත.

කජු කිලෝවක මිලත් ඉහළටම යන ලකුණු ?

ලෙලි කජු ආනයනය ඇනහිටීම නිසා එම ක්ෂේත්‍රයේ රැකියාවල නියුතු විශාල පිරිසක් රැකියා අහිමිවීමේ අනතුරකට මුහුණපා ඇත. මෙරට කජු නිෂ්පාදනය ප්‍රමාණවත් නොමැති නිසා ටැන්සානියාව ,  ඝානාව ඉන්දියාව ඇතුළු විදේශ රටවලින් මෙරටට කජු ආනයනය කර තිබේ. ඒවා පියලි කිරීම මෙරටදී සිදු කෙරෙන අතර එය තම ජීවනෝපාය කරගත් දහස් සංඛ්‍යාත පිරිසක් දිවයිනේ විවිධ ප්‍රදේශවල සිටිති.

කජු සඳහා මෙරට මෙන්ම විදේශික සංචාරකයින් අතර ඉල්ලුමක් පැවතියද එම ඉල්ලුම සපුරාලීමට නොහැකි වීම නිසා මේ වන විට එම ක්ෂේත්‍රයේ ප්‍රශ්න ගණනාවක් උද්ගතවී තිබේ. මේ රටට පැමිණෙන විදේශිකයන් බහුතරයක් ඔවුන්ගේ ප්‍රියතම ආහාරයක් බවට කජු පත් කරගෙන ඇත. එසේම දේශීය වශයෙන් නිෂ්පාදනය කරන විවිධ ආහාර වර්ග සඳහා සේම ව්‍යාපාරික ක්ෂේත්‍රයේ මෙන්ම රටේ අනෙකුත් ක්ෂේත්‍රවල කජු ජනප්‍රිය ආහාරයක් බවට පත්ව තිබේ.

සංචාරකයන් බහුලව මෙරටට පැමිණෙන කාල වලදී මෙන්ම උත්සව සමයේදීද කජු සඳහා ඇති ඉල්ලුම විශාල ලෙස ඉහළ යන බව කජු වෙළඳාම ජීවන වෘත්තිය කරගත් පිරිස් පවසති. නමුත් අවාසනාවකට මෙන් පහුගිය වසර තුළ කජු ආනයනය ප්‍රමාණවත් පරිදි සිදු නොවූ නිසා අප්‍රේල් උත්සව සමය වන විට කජු හිඟයක් රට තුළ ඇතිවිය හැකි බව එම ක්ෂේත්‍රයේ නියුතු වෙළදුන් පෙන්වා දෙයි.

මෙරට කජු හිඟයට ප්‍රධානතම හේතුවක් වී ඇත්තේ පසුගිය කාලය තුළ කජු ආනයනය කිරීම සඳහා බලපත්‍ර ලබාගත් කුඩා පරිමාණ ව්‍යාපාරිකයන් ප්‍රමාණවත් පරිදි කජු ආනයනය නොකිරීම නිසා බව ද හෙළි වී තිබේ.

කජු ආනයනය කිරීම සඳහා ලබාදී තිබූ කාලය පසුගිය දෙසැම්බර් 31 වන විට අවසන් වී තිබිණි.

අවසන් මොහොතේ හෝ ලෙලි කජු ආනයනය කිරීමට අමාත්‍යාංශය කටයුතු කිරීම ඉතා යහපත් පියවරක් වූ අතර එසේ කිරීම නිසා රටේ පවතින කජු හිඟය යම්තාක් දුරට සමනය කර ගැනීමට හැකිවී තිබේ.

මේ සම්බන්ධයෙන් කජු ආනයනය කරන බලපත්‍රලාභීන් ප්‍රකාශ කරන්නේ පසුගිය කාලය තුළ රට මුහුණ පෑ විවිධ විපත් හේතුවෙන් ආනයන කටයුතු නිසි ලෙස කිරීමට නොහැකි වූ බවයි.

” කජු ආනයනය කිරීම සඳහා අපට බලපත්‍ර ලබා දී තිබුණත් ස්වාභාවික විපත් සහ වෙනත් ගැටලු කිහිපයක් හේතුවෙන් ආනයන කටයුතු නිසි ලෙස ඉටුකර දීමට අපට නොහැකි වුණා. අපට ලබාදී ඇති බලපත්‍ර දෙසැම්බර් මාසේ 31 වැනි දිනෙන් අවසන් වුනා. ඒ නිසා අපි රජයෙන් ඉල්ලා සිටින්නේ අඩුම වශයෙන් අපේ බලපත්‍රවල කාලය ලබන පෙබරවාරි, මාර්තු මාස දෙක තුනක් හෝ දීර්ඝ කරදෙන ලෙසයි. අමාත්‍යාංශයට පුලුවන් එක අමාත්‍යාංශ පත්ත්‍රිකාවකින් මෙම කාලසීමාව මාර්තු මාසය දක්වා දීර්ඝ කරන්න . එහෙම වුනොත් අප්‍රෙල් උත්සව සමය වන විට කජු ප්‍රමාණවත් පරිදි ආනයනය කිරීමට හැකි වෙනවා සේම හා කජු මිල පහත වැටීම සිදුවෙනවා.” යැයි අප කළ විමසුමකදී ආනයනකරුවෝ කිහිප දෙනෙක් පැවසූහ.

ආනයනය කිරීම සඳහා කජු පියළි කිරීම ජීවනෝපාය කරගත් පිරිස් ගම්පහ, කුරුණෑගල, කුලියාපිටිය, ඉරාවූර් හලාවත වැනි ප්‍රදේශවල බහුල වශයෙන් ජීවත් වන අතර ඔවුන් පවසන්නේ මෑතක සිට තම ජීවන වෘත්තිය දැඩි අනතුරකට පත්ව ඇති බවයි.

” අපි වසර ගණනාවක් තිස්සේ කජු පියළි කිරීම රැකියාව මෙන්ම අපේ ප්‍රධාන ආදායම් මාර්ගය බවට පත්කරගෙන ජීවත් වුණා. එහෙත් පසුගිය කාලය තුළ කජු නොලැබීම නිසා අපේ රැකියා අහිමිවී දැඩි ආර්ථික අර්බුදවලට මුහුණපා සිටිනවා. කජු පියලි කිරීම සඳහා බැංකු වලින් නය ලබාගෙන මැෂින් මිලදී ගත්තා. අද ඒ මැෂින් පාවිච්චි නොකර පැත්තකට දමා තිබෙනවා. ගෙවීමේ පදනම යටතේ එම මැෂින් ලබා ගත්තත් අද ඒවට ගෙවන්න විදිහක් නැහැ. අපි පත්ව සිටින තත්ත්වය ගැන බලන්න කවුරුත් ඇත්තේ නැහැ. මේ නිසා ගරු ජනාධිපතිතුමාගෙන් මෙන්ම ආණ්ඩුවෙන් සහ මෙරටට කජු ගෙන්වන මහත්වරුන්ගෙන් අප ඉල්ලා සිටින්නේ අපේ ජීවන වෘත්තිය ආරක්‍ෂා කර දෙන ලෙසයි.

වසර ගණනාවක් තිස්සේ කරගෙන එන මේ රැකියාව අහිමි වුනොත් අපේ දූ දරුවන්ගේ ප්‍රශ්න වලට විසඳුම් ලබාදීමටවත් දරු පවුල් නඩත්තු කිරීමටවත් වෙනත් මාර්ගයක් නැහැ. ඒ නිසා අප මුහුණපා ඇති මේ ගැටලු විසඳා දෙන ලෙස ජනාධිපතිතුමා ඇතුළු සියලු පාර්ෂවයන්ගෙන් ඉල්ලා සිටිනවා යැයි එම ක්ෂේත්‍රයේ රැකියාවල නියුතු පිරිස පවසා සිටිනවා.

විශේෂ ලියුම්කරුවකු විසින් .

SendShareShare
Previous Post

මොන මෝඩ කතාවක්ද ඒ? අවුරුදු 7ක් අපි පාසල්වල ඉගැන්නුවා! විශ්වවිද්‍යාලයේ සියලු විභාග පාස් වුණා! ගුරු සංවර්ධන නිලධාරීන් දහස් ගාණක් කොළඹට! කොටුවේ ඉඳන් පයින්ම ජනපති කාර්යාලය ළඟට යයි! අපි අරගලය ජයග්‍රහණයෙන් කෙළවර කරන්න ලෑස්තියි! VIDEO I Sri Lanka Latest News

Next Post

පරණ ක්‍රමයට තියන්නෙත් නෑ! අලුත් ක්‍රමයක් හදලත් නෑ! තේරීම් කාරක සභාත් නෑ! පළාත් සභා ඡන්දය ගැන අහලා මැතිවරණ කොමිසම යවපු ලියුම් 4ට ජනාධිපති කාර්යාලයෙන් තවම උත්තරයක්වත් නෑ! I Sri Lanka Latest News

MORE NEWS

අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News
Exclusive

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News
Exclusive

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

බයික් එක පාර අයිනෙ නතර කරපු කොල්ලට නිකරුණේ සද්දෙ දාපු වතුපිටිවල SI මතකද? කොල්ලත් අතෑරියේ නෑ! වීඩියෝ එක එළියට දැම්මට පස්සේ අන්න වැඩ තහනම් වෙලා! චෝදනාව රාජකාරියට නුසුදුසු වන ආකාරයට හැසිරෙමින් මහජනතාවට තර්ජනාත්මක ප්‍රකාශ සිදුකිරීම! VIDEO I Sri Lanka Latest News

Load More
අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News
Exclusive

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ දිසා විනිසුරුවරුන් සහ මහේස්ත්‍රාත්වරුන් නියෝජනය කරන ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය (JSA) විනිසුරුවරුන්ගේ ව්‍යවස්ථාපිත විශ්‍රාම වයස දීර්ඝ කිරීම...

Read more
රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.