රටේ සෑම ක්ෂේත්‍රයකම අර්බුද නිර්මාණය වී ඇති පසුබිමක, සාමාන්‍ය ජනතාවට නිදහසේ බැංකුවට යෑමට පවා නොහැකි තැනට රට පත්ව ඇතැයි ජනතාව චෝදනා කරනවා.
ඊයේ (29) කොළඹ කොටුව ප්‍රදේශය බැරියර් දමා අවහිර කර තිබූ අතර, ඒ ආසන්නයේ ඇති බැංකුවක් වෙත යෑමට උත්සාහ දැරූ පුද්ගලයන්ට ඒ හරහා ගමන් කිරීම වැළැක්වීමටයි පොලිසිය පියවර ගෙන තිබුණේ.










