මේ වසරේ සැප්තැම්බර් මස මුලදී තරුණයින් විසින් දූෂණයට එරෙහිව දියත් කරන ලද මාරාන්තික විරෝධතාවලින් පසු ඉල්ලා අස්වීමට සිදු වූ නේපාලයේ හිටපු අගමැති කේ.පී. ෂර්මා ඔලි තම පක්ෂය සංවිධානය කළ විශාල රැලියක් දෙසැම්බර් 13 දින ඇමතීය.Sri Lanka Latest News
තරුණයින් විසින් මෙහෙයවන ලද විරෝධතා නිසා මාස තුනකට පෙර ඔහුව නෙරපා හැරීමෙන් පසු එරටේ පැවති විශාලතම රැස්වීම දෙසැම්බර් 13 සෙනසුරාදා දස දහස් ගණනකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.එවැනි ජනතාවක් නේපාලයේ නෙරපා හරින ලද අගමැති කේ.පී. ෂර්මා ඔලිගේ පක්ෂය වෙනුවෙන් පෙළ ගැසුණු අයුරු දැකගත හැකිවිය.
නේපාල කොමියුනිස්ට් පක්ෂයේ (එක්සත් මාක්ස්වාදී-ලෙනින්වාදී) දින තුනක සමුළුවක් ආරම්භ කිරීම සඳහා කත්මණ්ඩු අගනුවර අසල භක්තපූර් හි පැවති රැලියට 70,000 ක් සහභාගී වූ බව පොලිසිය ගණන් බලා තිබේ. රැලියට පෙර සංවිධායකයින් පවසා තිබුණේ ඔවුන් 300,000 ක ජනතාවක් එක්රැස් කරන බවයි.
දූෂණ විරෝධී විරෝධතාවලින් පසු නේපාල අගනුවර පැවති විශාලතම රැළිය මෙය බව දේශපාලන විශ්ලේෂක පුරන්ජන් ආචාර්යා පවසා තිබුණි .
සැප්තැම්බර් මාසයේදී “ජෙන් z” විරෝධතා සහ ඉන් පසුව ඇති වූ නොසන්සුන්තාවයෙන් පුද්ගලයින් 77 දෙනෙකු මිය ගිය අතර 2,000 කට වැඩි පිරිසක් තුවාල ලැබූහ. අගමැති කාර්යාලය, ශ්‍රේෂ්ඨාධිකරණය සහ පාර්ලිමේන්තුව ගිනි තැබූ බැවින් ඔලි සහ තවත් දේශපාලනඥයන් කිහිප දෙනෙකු බේරාගෙන දින කිහිපයක් හමුදාව විසින් ආරක්ෂිතව තබා ගැනීමටද සිදු විය.
හිටපු අගවිනිසුරු සුෂිලා කාර්කිගේ නායකත්වයෙන් යුත් අන්තර්කාලීන රජය පාර්ලිමේන්තුව විසුරුවා හැරියේය. නොසන්සුන්තාව හේතුවෙන් නේපාලයේ ඩොලර් බිලියන 42 ක ආර්ථිකයට ඩොලර් මිලියන 586 කට වඩා පාඩු සිදු වූ බව සඳහන්ය.
යූඑම්එල් සභාපති ධුරයට නැවත තේරී පත්වීමට අපේක්ෂා කරන ඔලි පසුගියදා පැවති රැලියේදී පැවසුවේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ව්‍යවස්ථා විරෝධී බවයි. පාර්ලිමේන්තුව නැවත කැදවන ලෙස ඉල්ලා යූඑම්එල් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කර ඇත.
යූ එම් එල් මහලේකම් ශංකර් පොක්රෙල් රැස්ව සිටි පිරිසට පැවසුවේ ඔවුන් බලහත්කාරයෙන් නෙරපා හරින ලද නමුත්, “අපි තවමත් ජනතාවගේ හදවත් තුළ ජීවත් වෙමු” යනුවෙනි. “රැලියේ මෙතරම් පිරිසක් සිටීම මෙයට සාක්ෂියකි.”යැයි ද ඔහු කීය.
සඳුදා පක්ෂ සභාපතිවරයෙකු සඳහා ඡන්දය දීමට UML (නේපාල කොමියුනිස්ට් පක්ෂය )නියෝජිතයින් 2,000 කට වැඩි පිරිසක් සුදුසුකම් ලබා ඇත. පක්ෂ නායකයින් තෝරණ කොමියුනිස්ට් පක්ෂ නිලවරණ චන්දය දෙසැම්බර් 15 දින එනම් සදුදා සිදු කෙරේ.ඔලි ඔහුගේ නියෝජ්‍ය නායක ඊෂ්වර් පොකරෙල් විසින් අභියෝගයට ලක් කරනු ලැබේ.
ජයග්‍රාහකයා මාර්තු 5 වන දින පැවැත්වීමට නියමිත නව පාර්ලිමේන්තු මැතිවරණයට නේපාලයේ විශාලතම කොමියුනිස්ට් කණ්ඩායම මෙහෙයවනු ඇත.










