සර්ව පාක්ෂික සමුලුවට සහභාගී වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා අද දින පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වීය.
එහිදී ජයසේකර මහතා තම පක්ෂය විසින් සකස් කළ යෝජනා 22කින් සමන්විත යෝජනාවලිය ජනාධිපතිවරයාට බාර දුන් බවය.
එමෙන්ම පොහොර සහනාධාරයක් ලබා දීම, ඔෂධ හිගය මගහරවාලීම ආදියද මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානය යොමුකරවූ බවද ඒ මහතා කියා සිටියේය.










