එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පර්යේෂණ නැවට ලංකාවට ඇතුළු වීමට අවසර ලැබුණේ අවසන් මොහොතේය. විදේශ ඇමැති සිරස රූපවාහිනිය සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකදී පවසා සිටියේ පර්යේෂණ නැව් සම්බන්ධයෙන් ස්ටෑන්ඩර්ඩ් ඔපරේෂන් ප්‍රොසීඩියර් එකක් සකස් කර නැති නිසා එම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නැවට අවසර නොදුන් බවය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මේ පර්යේෂණ නැවට ෆන්ඩ් කරන්නේ නෝර්වේය. මේ නැව නෝර්වේ විසින් හදන ලද නැවකි. මේ නැව නෝර්වේ තෙවැනි පර්යේෂණ නැවය. නෝර්වේ හදපු මෙම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පර්යේෂණ නැව ලංකාවට එන්න තීරණය කිරීමට කාලයකට පෙර නෝර්වේ ඔස්ලෝහිදී එවක අගමැති රනිල් සහ නෝර්වේ අගමැති හමුවී ලංකාවට මැරිටයිම් හබ් එකක් බවට පත්කිරීමටත්, දෙරට එක්වී බ්ලූ ඉකොනොමි හරහා ලංකාවේත් නෝර්වේත් ආර්ථික වර්ධනය කරගත හැකි ආකාරයද සාකච්ඡා කෙරුණි. Sri Lanka Latest News
ලංකාවේ ධීවර කර්මාන්තයට පළමුව සම්බන්ධ වූ විදේශ රට නෝර්වේය. සී-නෝර් (Cey-Nor) හරහා නෝර්වේ ලංකාවේ ධීවර කර්මාන්තය දියුණු කිරීමට උදව් දෙන්න පටන් ගත්තේ 1970 දශකයේ බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩු කාලයේය. සී-නෝර් හරහා ලංකාවේ මැරිටයිම් රිසර්ච් පටන් ගැනීමට මූලික අඩිතාලම දැම්මේ ඉන් කලකට පසුවය. එල්.ටී.ටී.ඊ. යුද්ධයත් සමග නෝර්වේ ලංකාවේ සාම ක්‍රියාවලියට මැදිහත් වීමෙන් පසු නෝර්වේ වැඩි අවධානය සාම ක්‍රියාවලියට යොමු විය.
නෝර්වේ අගමැති 2018දී අගමැති රනිල් හමුවූ විට මේ බ්ලූ ඉකොනොමි සහ මැරිටයිම් රිසර්ච් ගැන සාකච්ඡා කළහ. නෝර්වේ චීනය සමග මැරිටයිම් කෝපරේෂන් පටන්ගත්තේ ඉන් පසු කාලයකය. පසුගිය ජුනි මාසයේ නෝර්වේ සහ චීනය ‘සේලින් ටුගෙදර් ටු ග්‍රීන් ෆියුචර්’ සම්මන්ත්‍රණය පවත්වන්නේ නෝර්වේ සහ චීනය අතර මැරිටයිම් කෝපරේෂන් ඉහළ තලයකට ගෙන යමිනි. නෝර්වේ සහ චීනය අතර මෙම මැරිටයිම් කෝපරේෂන් හරහා ලංකාවට ගත හැකි වාසි පිළිබඳ දැනටමත් චීන මැරිටයිම් විශේෂඥයන් අදහස් පළකොට ඇත. එහෙත් පර්යේෂණ නැව් සඳහා ලංකාවට පනවා ඇති තහනම නිසා චීන පර්යේෂණ නැව් සඳහා ලංකාවට ඒමට අවසර ලැබෙනු ඇතැයි සිතිය නොහැකිය. සිරස රූපවාහිනිය සමග විදේශ ඇමැති විජිතගේ සාකච්ඡාවෙන් තේරෙන්නේ පර්යේෂණ නැව් සඳහා වූ SOP සකස් කිරීම තව මාස ගණනාවකට සිදු නොවන බවය. නෝර්වේ සහ චීනය එක්ව ලංකාවේ මැරිටයිම් පර්යේෂණ කිරීමට එකඟතාවක් ඇතිකර ගතහොත් ජාතික නිදහස් පෙරමුණ ආණ්ඩුව එයට කෙලෙස ප්‍රතිචාර දක්වයිද කියා නිශ්චිතව කිව නොහැකිය.
චීනය ලංකාවේ මැරිටයිම් රිසර්ච් ව්‍යාපෘතිය අතහැර දමා ඇත. ඒ සඳහා නෝර්වේ හවුල් කරගෙන ඉන්දීය විරෝධය අවම කරගැනීමේ සැලැස්මක් තිබෙනවාදැයි සැක සහිතය. නෝර්වේ ඉන්දියාව, චීනය සහ ලංකාව අතර පර්යේෂණ නැව් ගැටුමට අත දමයි කියා සිතීමද අසීරුය.










