ඊශ්‍රායලය හා අමෙරිකාව එක්ව ඉරානයට එල්ලකළ මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස ඉරානය විසින් මැදපෙරදිග කලාපයේ අමෙරිකානු කඳවුරු පිහිටා ඇති රටවල් කිහිපයකට මේ වනවිට ප්‍රහාර එල්ලකර තිබේ.Sri Lanka Latest News
විදෙස් මාධ්‍ය වාර්තාවන් අනුව ඉරානය පළමුවෙන් බහරේනයේ පිහිටි අමෙරිකානු කඳවුරු පිහිටා ඇති මනමා අගනුවරට ප්‍රහාරයක් එල්ල කර ඇත.
ඉන් අනතුරුව ඔවුන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) අබුඩාබි වෙත ප්‍රහාරයක් දියත් කළේය.
එමෙන්ම කුවේට් දේශය හා සෞදි අරාබියටත් මේ වනවිට ඔවුන් ප්‍රහාර එල්ල කර ඇති බව සඳහන්.
මේ වනවිට කටාර්, කුවෙට්, එක්සත් අරාබි මෙන්ම සෞදි අරාබිය සිය ගුවන් කලාප මේ වනවිට වසාදමා තිබේ.










