කටාර් අගනුවර වන දෝහා අසල පිපිරීම් ඇසුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.Sri Lanka Latest News
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, එක්සත් ජනපදය කටාර් අගනුවර වන දෝහාවල ඇති අමෙරිකානු හමුදා කඳවුර අසල මෙම පිපිරීම් හඩ ඇසුණු බවය.
මේ අතර ඉරානයේ ඉස්ලාමීය ආරක්ෂක බළකාය පවසා ඇත්තේ, කටාර්හි අමෙරිකානු අල් උඩෙයිඩ් ගුවන් කඳවුර ඉලක්ක කර ගනිමින් පලිගැනීමේ මිසයිල ප්‍රහාරයක් දියත් කළ බවය.
තවද ඉරාකයේ අමෙරිකානු කඳවුරු ඉලක්ක කර ගනිමින් මිසයිල මෙහෙයුමක් ආරම්භ කර ඇති බවද ඉරානයේ තස්නීම් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කර තිබේ. මැදපෙරදිග ගුවන් කලාප කිහිපයක ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවන බව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
එලෙස ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවා ඇත්තේ, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බහරේනය, කුවේට්, සවුදි අරාබිය, ලෙබනනය සහ ජෝර්දානයයි.
මේ අතර, වාණිජ ගුවන් ගමන් අවලංගු කිරීම, ප්‍රමාද කිරීම හෝ නැවත හරවා යැවීම සිදුවෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.











