මැදපෙරදිග කලාපයේ පිහිටි විශාලතම අමෙරිකානු හමුදා මධ්‍යස්ථානය වන කටාර්හි අල්-උදෙයිද් (Al-Udeid) ගුවන් කඳවුර ඉලක්ක කරගනිමින් ඉරානය විසින් බැලස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබේ. මෙම ප්‍රහාරය ඊයේ (මාර්තු 03) අඟහරුවාදා පස්වරුවේ එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.Sri Lanka Latest News
කටාර් ආරක්ෂක අමාත්‍යාංශය උපුටා දක්වමින් වාර්තා වන්නේ මෙම මිසයිල ප්‍රහාරයෙන් කිසිදු ජීවිත හානියක් සිදුව නොමැති බවයි. කෙසේ වෙතත්, අතිශය උපායමාර්ගික වැදගත්කමකින් යුත් මෙම ගුවන් කඳවුරට එල්ල වූ ප්‍රහාරයත් සමඟ කලාපීය ආරක්ෂක තත්ත්වය දැඩි නොසන්සුන්කාරී මුහුණුවරක් ගෙන තිබේ.
අල්-උදෙයිද් ගුවන් කඳවුරේ අමෙරිකානු සෙබළුන් 10,000කට අධික පිරිසක් රඳවා සිටින අතර, එය මැදපෙරදිග අමෙරිකානු මෙහෙයුම්වල ප්‍රධාන මධ්‍යස්ථානය ලෙස සැලකේ. අමෙරිකානු හමුදා නිලධාරීන් විසින් ට්‍රම්ප් පාලනය ආගමික මූලධර්මවාදී ලෙස අර්ථකථනය කරමින් සිදුකළ ප්‍රකාශ පිළිබඳ පුවත් වාර්තා වන පසුබිමක මෙම ප්‍රහාරය එල්ල වීම විශේෂත්වයකි.










