සිරගත කර සිටින රන්ජන් රාමනායක මහතා සම්බන්ධයෙන් පැමිණිල්ලක් අන්තර් පාර්ලිමේන්තු සංගමයට ඉදිරිපත් කිරීමට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර යන මහත්වරුන් පියවර ගෙන ඇත.
මෙහිදී එම පැමිණිල්ල බාරගෙන ඇති අන්තර් පාර්ලිමේන්තු සංගමයේ නිලධාරීන් ලංකාවට පැමිණ රන්ජන් රාමනායක මහතාගේ තත්ත්වය නිරීක්ෂණය කිරීමට පියවර ගන්නා බවද දැනුම් දී ඇති බව දැනගන්නට ඇත.










