රජයේ මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාට එරෙහිව කොටුව අධිකරණයේ නඩු කටයුත්ත පැවති පෙරේදා (26) දින අධිකරණය අසලට පිරිස් සංවිධානාත්මකව රැස්කර අධිකරණ කටයුතුවලට බලපෑම් එල්ල කළ විපක්ෂයේ දේශපාලනඥයන් 20කට වැඩි පිරිසක් බුද්ධි අංශ විසින් මේ වන විට පැහැදිලිවම හඳුනාගෙන ඇතැයි දිනමිණ පුවත් පත වාර්තා කර තිබේ.Sri Lanka Latest News
ඒ අය සම්බන්ධයෙන් තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කිරීමට බුද්ධි අංශ කටයුතු කරමින් සිටී.
එම දේශපාලනඥයන් අතර හිටපු මැති ඇමැතිවරුන් මෙන්ම දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන විපක්ෂයේ දේශපාලනඥයෝ ද සිටිති. කොළඹ හා අවට ප්රදේශවලින් බස් රථ යොදා ගනිමින් මේ පිරිස් කොටුව අධිකරණය අසලට ගෙනැවිත් ඇති බවත්, ඒ සඳහා මුදල් වියදම් කළ පුද්ගලයන් හඳුනාගනිමින් සිටින බවත් බුද්ධි අංශ සඳහන් කළේය.
කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණය අසලට රැස්ව සිටි මේ පිරිසට කිරි පැකට්, වතුර බෝතල් සහ ආහාර වර්ග පවා විපක්ෂයේ දේශපාලනඥයන් විසින් බෙදා දී ඇත.
බුද්ධි අංශ නිලධාරීන් ඒ සියල්ලක්ම නිරීක්ෂණය කර සිය වාර්තාවලට ඇතුළත් කර තිබේ.










