ඉහළ යන උද්ධමනය සහ විරැකියාව සම්බන්ධයෙන් රජයවිවේචනය කළ හිටපු කොන්ග්‍රස් සභාපති රාහුල් ගාන්ධි ඉන්දියාව “ශ්‍රී ලංකාව මෙන්” පෙනෙන බවත්, ආණ්ඩුව මිනිසුන්ගේ අවධානය වෙනතකට යොමු කරමින් සිටින බවත් පැවසීය.
ආණ්ඩුවේ අසාර්ථකත්වයන් සහ මිල ඉහල යාම සහ විරැකියාව පිලිබඳ ගැටළු වසන් කිරීම සඳහා වෙනත් ගැටළුවලින් මිනිසුන්ගේ අවධානය වෙනතකට යොමු කරන බවට මෙහිදී රාහුල් ගාන්ධි ඉන්දීය මධ්‍යම රජයට චෝදනා කර ඇත.
“මිනිසුන්ගේ අවධානය වෙනතකට යොමු කිරීමෙන් කරුණු වෙනස් නොවේ. ඉන්දියාව බොහෝ දුරට ශ්‍රී ලංකාව හා සමානයි,” යනුවෙන් ගාන්ධි ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේය.










