ඉන්දීය විදේශ ලේකම් විනේ මොහාන් ක්වාත්‍රා මහතා දිවයිනට පැමිණ තිබේ.Sri Lanka Latest News
ඉන්දීය ගුවන් හමුදාවට අයත් IFC – 33 දරණ යානයෙන් අද රාත්‍රී 8.55ට පමණ ඒ මහතා කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි බව දැනගන්නට ඇත.
දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි විනේ මොහාන් ක්වාත්‍රා මහතා ඇතුළු සිව්දෙනෙකුගෙන් සමන්විත දූත පිරිස ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් විසින් පිළිගනු ලැබීය.










