• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඉන්දීය විදේශ ලේකම් අද රෑ එන්නේ 2023 අපිට හිමිවන ත්‍රි’මලේ තෙල් ටැංකි ගිවිසුම දික් කරගන්න! ගම්මන්පිලත් දැන් ත්‍රි’මලේ ගිහින්! (VIDEO)

October 2, 2021
in Exclusive
Reading Time: 4 mins read
A A
ඉන්දීය විදේශ ලේකම් අද රෑ එන්නේ 2023 අපිට හිමිවන ත්‍රි’මලේ තෙල් ටැංකි ගිවිසුම දික් කරගන්න! ගම්මන්පිලත් දැන් ත්‍රි’මලේ ගිහින්! (VIDEO)
Share on WhatsAppShare on Facebook

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය දීර්ඝකාලීනව ඉන්දියාවට පවරාදීමට රජය සැරසෙන නමුත් තමන් එම ප්‍රයත්නය පරාජය කරන බව ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව අද (02) මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කළේය.

එහිදී වෘත්තිය සමිති පැවසුවේ ඉන්දියානු විදේශ ලේකම්වරයා අද මෙරටට පැමිණෙන්නේ ද ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට බවය.

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවට පවරාදීමට එරෙහිව සංවිධාන කළ මාධ්‍ය හමුවට ඛනිජ තෙල් සංස්ථාවේ සියලු වෘත්තිය සමිති අද එක්ව සිටියේය.  

වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශිලී සේවක සංගයේ, බන්දුල සමන් කුමාර  මහතා මේ සම්බන්ධයෙන් පළ කර සිටියේ මෙවන් අදහසකි.

“මේ මොහොත වනවිට චීන වරායේ තෙල් ටැංකි සංකීර්ණය නැවත වතාවක් ඉන්දියාවට බදු දීමේ සුදානමක් ඛනිජ තෙල් අමාත්‍යාංශයේ, ආණ්ඩුව විදියට මේ වෙලාවේ කටයුතු කරමින් ඉන්නවා. මේ අවස්ථාව වන විට විෂය භාර අමාත්‍යවරයා ප්‍රමුඛ රජයේ අමාත්‍යවරුන් ගණනාවක් ඒ වගේම ඉන්දියන් ඔයිල් සමාගමේ නිලධාරීන් චීන වරාය තෙල් ටැංකි සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවක, හෙට දවසේ තවත් කටයුත්තක නිරතවෙනවා කියන කාරණය ගැන අපිට තොරතුරු ලැබිලා තියෙනවා.”

ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ, සභාපති, ජගත් විජේගුණරත්න මහතා පවසා සිටියේ, “අපිට තියෙන ප්‍රශ්නේ, ඇයි ඉන්දීය විදේශ ලේකම්තුමා හදිසියේ ම ත්‍රිකුණාමලයේ යන්නේ. අපේ විෂයභාර ඇමතිතුමත් එහෙ ගිහින්.” යනුවෙනි.

ජාතික සේවක සංගමයේ, උපසංවිධායක ආනන්ද පාලිත මහතා මෙසේ අදහස් දැක්විය.

“එක්සත් ජාතික රජය කාලයේ ලේකම් එන්නේ තෙල් ටැංකි ගිවිසුම දීර්ළ කරන්න. ටැංකි සංකීර්ණයේ ටැංකි 16ක් ඇතුළු මුහුදු භූමියේ තියෙන බංකර්භූමිය අවුරුදු 50කට ත් ඉහළාංගනයේ ටැංකි 60ක් බදු දෙන්න යන්නේ.”

මේ අතර ඉන්දීය විදේශ ලේකම්  ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා තෙදින නිල සංචාරයක් සඳහා අද රාත්‍රියේ දිවයිනට පැමිණේ.

මෙහිදී ශ්‍රී ලංකා විදේශ ලේකම්වරයා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවට අමතරව, ඉන්දීය විදේශ ලේකම්වරයා ජනාධිපතිවරයා,  අග්‍රාමාත්‍යවරයා, මුදල් අමාත්‍යවරයා සහ විදේශ අමාත්‍යවරයා හමුවීමට ද නියමිතය.

SendShareShare
Previous Post

ඇමැතිතුමා හාල් බිස්නස් කරන නිසා එතුමා ළඟ තියාගෙන ගහන්න හොඳ නෑනෙ! (VIDEO)

Next Post

අතුරුදන් වූ රෝහිතගේ පූසා ‘ස්නෝ’ ගෙදර ඇවිත්!

MORE NEWS

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.