• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඉන්දියාවේ බිලියනපතිනියක් පෞද්ගලික ජෙට් එකකින් හොරරහසේම ලංකාවට එයි! යානයට පටවගත් පෙට්ටිවල තිබුණේ මොනවාද? හමුවූ ක්‍රිකට් ක්‍රීඩකයා කව්ද?

August 18, 2021
in Exclusive
Reading Time: 7 mins read
A A
ඉන්දියාවේ බිලියනපතිනියක් පෞද්ගලික ජෙට් එකකින් හොරරහසේම ලංකාවට එයි! යානයට පටවගත් පෙට්ටිවල තිබුණේ මොනවාද? හමුවූ ක්‍රිකට් ක්‍රීඩකයා කව්ද?
Share on WhatsAppShare on Facebook

1984 වසරේ එක්තරා දිනයක, රන්වන් හිරු බැස යන සන්ධ්‍යාවකි. ඉන්දියාවේ මුම්බායි නුවර නගර ශාලාවේ නෘත්‍යාගාරය ජනයාගෙන් අතුරු, සිදුරු නැතිව පිරී ගියේ, සුරූපී තරුණ නාටිකාංගනාවකගේ නැටුම් බලන්නටය. ශාලාවේ ඉදිරිපස පේළියේ මැද අසුනගෙන සිටියේ, මෙම මංගල නැටුම් දර්ශනයට ආරාධනය කර තිබූ ප්‍රධාන අමුත්තාය. නමින් දිරුබායි අබ්බානි වූ ඔහු මහා ධන කුවේරයා දෙපස තවත් උසස් පෙළේ අමුත්තන් කිහිප දෙනෙකුම වූහ. කාලය ආසන්න වත්ම ශාලාවේ විදුලි ආලෝකය නිවී ගොස් අඳුර රජ කරන්නට ගත්තේය. අඳුර තුළ ඇති දෙනෙත් දැන් දැල්වී ඇත්තේ වේදිකාව දෙසටය. මහා භාරතයේ ඉතාමත්ම සුප්‍රකට නැටුම් සම්ප්‍රදායක් වන ‘අරංගේත්ත්‍රම්’ භාරත නැටුම් ප්‍රසංගයකට වේදිකාව ලක, ලැහැස්තිව තිබිණි. ප්‍රසංගයේ කෙටි හඳුන්වා දීමකින් පසුව තිරය වැසී ගොස්, නැවැත සැණින් විවෘත විය. වේදිකාව මතට පැමිණි තරුණ සුරූපී නාටිකාංගනාව, සජීවීව නැඟෙන සංගීතයට අනුව තම සියුමැලි ගත රංගනයෙන් ඔප කරන්නට ගත්තේය.

එදා ඇය 20 වැනි වියෙහි පසුවූ නීටා දලාල් නැමැති සුරූපී තරුණියයි. රන්වන් පැහැති දේහ වර්ණයක් ඇති ඇගේ ගත ඉටියෙන් තැනූ රූපයක් මෙන් වශීකෘතය. දිගු කඩා හැලෙන ඇගේ වරලස තවත් ඇගේ රුවට ලාලිත්‍ය එක් කරයි. ඇය තම සියුමැලි අත්, පා රිද්මයට නටවමින් ‘අරංගේත්ත්‍රම්’ නෘත්‍යය පටන් ගත්තාය. ඇයගේ සුකුමාල රිද්මයානුකූල රංගනය ශාලාවේ රැස්වූවන්ගේ දෙනෙත් මනමෝහනයට පත් කළේය. ඉදිරි පෙළෙහි සිටින ධන කුවේර ආරාධිත අමුත්තාද ඇයගේ රංගනය ඇසිපිය නොහෙළා බලා සිටියි. එකල ඔහු අවුරුදු 52ක වයසේ පසුවූ දරුවන් සිවුදෙනකුගේ පියෙකි. පැයකට මඳක් අධික කාලයක් පුරා ‘අරංගේත්ත්‍රම්’ රංගනය ගලා ගියේය. නීටා දලාල් නැමැති සුරූපී යෞවනියගේ රංගන ප්‍රසංගය නිමාවට පත්විය. අවසාන දර්ශනයෙන් පසු තිරය වැසී නැවැත තිරය විවර වුණේ, ප්‍රධාන ආරාධිත අමුත්තාගෙන් විශේෂ ත්‍යාගයක් නෘත්‍ය ශිල්පිනිය වෙත ලබා දීමටය. ධන කුවේර ප්‍රධාන අමුත්තා වේදිකාව වෙතට කැඳවාගෙන ඇවිත් ඇයට ත්‍යාගය ඔහු අතින් ලබා දුන්නේය. ඔහු ඇයට ත්‍යාගය දුන් සැණෙන් ඇයගෙන් බොහෝ පැහැදිලිව යමක් විමසා සිටියේය.

‘දුව නීටා, මම ඔබගේ රංගනයෙන් ඉතාමත්ම වශීකෘත වුණා. මට ඔබ ගැන ඉතාමත්ම සතුටුයි. මම කැමැතියි ඔබගෙන් යමක් දැනගන්න. මම කැමැතියි මගේ වැඩිමල් පුතා ඔබට විවාහ කර දෙන්න, ඔබ එයට කැමැතිද?

සාමාන්‍ය මධ්‍යම පන්තියක තරුණියක වූ නීටා දලාල්, තමන්ට මේ සුවිශේෂී මිනිසා පවසන්නේ කුමක් දැයි අදහාගත නොහැකි වූවේය. ඒ සමගම සැණෙන් ඇයට සිතුණේ මේ ධන කුවේරයා තමන්ට සරදමක් සිදු කරනවා වෙන්නට ඇතිය යන හැඟීමක්ය. ‘මෙපමණ මහා ධන කුවේරයකුගේ පුතෙකු මම වැනි සාමාන්‍ය පවුලක තරුණියකට විවාහ කර දෙනවාද? මෙය නම් මුළුමනින්ම විහිළුවකට ඇසූ කතාවක් තමයි’ නීටාට සැණෙන් සිතිණි.

එහෙම වෙන්නේ කොහොමද? මට ඒ ගැන මොනවත් කියන්න බැහැ ඔබතුමාට’ නීටා විසින් දිරුබායි අම්බානිට පැවැසුවාය.

කමක් නැහැ දුව, මම ඔබව පසුව අමතන්නම්. මම කළේ විහිළුවක් නෙවෙයි.’ අම්බානි කියන්නට විය.

වදන් හතරකට පමණක් සීමා වූ දෙබස එතැනින් නිමා විය. ධන කුවේර අම්බානි බොහෝ සාවධානව නීටාගෙන් ඇසූ පැනය එතැන අසල සිටි කිහිප දෙනොට එතරම් පැහැදිලි වූයේ නැත. අඩු තරමේ ඇයගේ මවුපියන්ටද එය අවබෝධ වූයේ නැත. සුරූපී යෞවනිය නීටා දලාල්ට එදා රාත්‍රිය නින්ද ගියේ නැත. තමන්ට සිදුවන්නට යන්නේ කුමක්දැයි ඇය තුෂ්ණිම්භූතවී සිටියාය. එහෙත් තමන් මේ ගැන ඇයගේ මවුපියන්ට පැවැසිය යුතුය. ඇය පසු දිනම තමන් මුහුණ දුන් සිදුවීම මවුපියන්ට කියා සිටියාය. එම මවුපියන්ද මෙම වගතුග ඇසූ සැණින් සතුටට පත්වනවාට වඩා මහත් චකිතයකට පත්විය. එකල නීටා දලාල්ට පෙම්වතකු හෝ නොසිටියේය. ‘අප කෙසේ කෝටිපති අම්බානි පවුලට සම්බන්ධ වන්නද? මෙය එක අතකින් බියකරු ප්‍රශ්නයක්ද වන්නට බැරි නැත. ‘නීටාගේ මවුපියන් සිතන්නට ගත්තේය. එහෙත් ගතවූයේ දින කිහිපයක් පමණි. දිරුබායි අම්බානි තම අදහස තමන්ගේ වැඩිමල් පුතු වන මුකේෂ් අම්බානි වෙත පැවැසුවේය. එකල ඔහු වයස අවුරුදු 27ක තරුණයෙකි.

ධනවත් පවුලක නොවූවත්, තමන්ට මෙතරම් සුරූපී යුවතියක් විවාහ කර ගන්නට ලැබීම ගැන මුකේෂ් සතුටු විය. දින ගණනාවක් වේගයෙන් ගෙවී ගියේය. අම්බානි පවුලේ කැමැත්ත දලාල් පවුල වෙත ප්‍රකාශ විය. මුකේෂ් සහ නීටා විවාහ ගිවිස ගැනීමට තීරණය විය. මාස කිහිපයක් පෙම්වතුන් මෙන් සිටි තරුණ යුවළ පසුව මහත් උත්සවශ්‍රීයෙන් විවාහ දිවියට පත්විය. තම පියාගේ විශාල ව්‍යාපාරවල වගකීම් රැසක් මුකේෂ් වෙත පැවරුණේය. නීටාද තම ස්වාමියාට බොහෝ ආදර භක්තියෙන්, ගෞරවයෙන් කටයුතු කරන්නට ගත්තාය.

2002 වසරේදී දිරුබායි අම්බානි වයස 69දී අභාවප්‍රාප්ත විය. එතැන් සිට ව්‍යාපාරවල ප්‍රධාන පරිපාලනය සිදුකළේ මුකේෂ් අම්බානි විසිනි. කාලය තව, තවත් ගෙවී ගියේය. මුකේෂ් අම්බානි ඉන්දියාවේ අංක එකේ සුපිරි ධන කුවේරයා විය. එතැනින්ද නැවැතුණේ නැත. ඔහු ආසියාවේද අංක එකේ සුපිරි බිලියනපතියා විය. අද ඔහුගේ බිරිය නීටා අම්බානි යනු ආසියාවේ අංක එකට සිටින මහා බිලියනපතිනියද වෙයි. එදා රංග ශාලාවේදී පැවැති නෘත්‍ය ප්‍රසංගය තම ජීවිතය මුළුමනින්ම කණපිට හැරවූවාය. අද ඇය 57 වැනි වියෙහි පසුවන්නීය.

අපගේ යාබද භාරතයෙන් (ඉන්දියාවෙන්) ඇසෙන මෙම කතාව සැබෑ ලෙසම සුවිශේෂී වගතුගකි. අද ඔබට මෙය මුලින්ම ලියා තැබුවේ, නීටා අම්බානි නම් සුපිරි ධනපතිනියගෙන් පසුගියදා අසන්නට ලැබුණු අලුත්ම වගතුගක් හේතුවෙනි. ඇය බොහෝ විට තමන්ට අවශ්‍ය විවිධ කාර්යයන් සඳහා ලොව විවිධ රටවල් කරා යන්නේ, තමන් සතු පෞද්ගලික ජෙට් ගුවන් යානයක් මගිනි. මෙය ඉන්දියානු රුපියල් කෝටි 270ක් (ශ්‍රී ලංකා රුපියල් කෝටි 675ක්) වටිනා සුපිරි ජෙට් යානාවකි.

පසුගියදා ඉන්දියානු මාධ්‍ය කිහිපයක් හරහා හෙළි වූ විශේෂ රහසක් වූයේ, ඇය මෙයට වසර කිහිපයකට ඉහතදී ශ්‍රී ලංකාවටද හදිසියේම මෙම ජෙට් යානයෙන් පැමිණි බවයි. ඇය මෙසේ පැමිණ ඇත්තේ ශ්‍රී ලංකාවෙන් යම් සුපිරි මට්ටමේ ගෘහ උපකරණ තොගයක් මිලදී ගැනීම සඳහාය. මෙයට වසර කිහිපයකට ඉහතදී බිලියනපති අම්බානි යුවළ විසින් ගොඩනැඟූ අති සුපිරි සුවිසල් නිවාසය සඳහා අවශ්‍ය වන පිඟන් භාණ්ඩ තොගයක් මිලදී ගැනීම සඳහා මෙසේ නීටා අම්බානි ශ්‍රී ලංකාවට පැමිණියාය. මෙලෙස ශ්‍රී ලංකාවෙන් ඇය ලබාගත් සුපිරි මට්ටමේ පිඟන් භාණ්ඩ තොගය මොනවාද? එනම් එය මිලදී ගැනීමට ඇය ශ්‍රී ලංකාවට පැමිණියේ ඇයි?

නීටා අම්බානි නැමැති ආසියාවේ අංක එකේ ධනකුවේරිකාව තමන්ගේ පෞද්ගලික ජෙට් යානාවෙන් ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ ලෝක ප්‍රකට ‘නොරිටාකේ’ පිඟන් භාණ්ඩ තොගයක් මිලදී ගැනීම සඳහාය. එනම් වසර 1000කට අධික ඉතිහාසයක් ඇති ලොව අතිශය කීර්තියට පත්ව තිබෙන, ජපානයේ ආවේණික පිඟන් භාණ්ඩ නිෂ්පාදනයක් වන ‘නොරිටාකේ’ යනු ලොව මිල අධිකම පිඟන් භාණ්ඩ වෙයි. මෙම ජපන් සමාගමෙහි විශාලතම කර්මාන්තශාලාවක් පිහිටුවා ඇත්තේ ශ්‍රී ලංකාවේය. කෙසේ හෝ මේ හෙයින් ලොව අනෙකුත් බොහෝ රටවලට වඩා ශ්‍රී ලංකාවේදී එම නිෂ්පාදන ඉතා අඩු මුදලකට ලබාගත හැකිය. මෙහිදී ‘නොරිටාකේ’ සමාගම විසින් ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය කරනු ලබන සාමාන්‍ය නිෂ්පාදනවලට අමතරව, විවිධ ධනවත් පාරිභෝගිකයන් උදෙසාද විශේෂිත නිෂ්පාදන බිහිකරනු ලබයි. මෙම පිඟන් භාණ්ඩවල විශේෂත්වය වන්නේ, ඒවායෙහි යම් ස්ථානවලින් වෘත්තාකාරව (වක්‍රාකාරව) දිස්වෙන රන්වන් පැහැති රේඛාවන්ය. මෙම රන්වන් රේඛාවන් නිර්මාණය කරනු ලබන්නේ සැබෑ කැරට් 24 රත්තරන් භාවිත කරමිනි. එනම් සැබෑ රත්තරන් ආලේප කිරීමක් එමගින් සිදුවෙයි. එසේම එම වෘත්තාකාර රේඛාවන් විවිධ පළලින්ද යුක්ත වෙයි.

පසුගිය කාලයේ ඉදිකිරීම් අවසන් කළ අම්බානි යුවළගේ නව නිවෙසේ භාවිතය සඳහා සහ දීපවාලි උත්සවය සඳහා තෑගි දීම් උදෙසාද, රීටා අම්බානි මෙලෙස ශ්‍රී ලංකාවේ නොරිටාකේ සමාගමෙන් විවිධ විලාසිතාවේ පිඟන් කට්ටල 25,000ක් මිලදී ගෙන ඇත. ඇය මෙහිදී කැරට් 24 රත්තරනින් සහ රත්තරන්වලට වඩා මිල අධික ලෝහයක් වන ප්ලැටිනම්වලින්ද නිර්මාණය කරන ලද පිඟන් භාණ්ඩ කට්ටලද මිලදී ගෙන ඇත. ඉන්දියාවේ මුම්බායි නුවර තමන්ගේ නිවෙසට පෙනෙන දුරින් සුවිශාල ‘නොරිටාකේ’ ප්‍රදර්ශනාගාරයක් පිහිටුවා ඇතත්, ඇය මේ සඳහා ශ්‍රී ලංකාවටම පැමිණ ඇත්තේ එම භාණ්ඩ මෙහිදී 70%ක පමණ අඩු මුදලකට ලබාගත හැකි හෙයිනි. ලෝකයේ අනෙකුත් රටවල මෙම උපකරණ තවත් ඉතා මිල අධිකය. කැරට් 24 රන් රේඛා නිර්මාණය කරන ලද එක් පිඟන් බඩු කට්ටලයක් ශ්‍රී ලංකාවේදී ඇමෙරිකානු ඩොලර් 300 – 700ත් අතර මුදලකට ලබාගත හැකි වුවත්, ඉන්දියාවේදී එය ලබාගත හැක්කේ ඩොලර් 800 – 2000 වැනි ඉතා අධික මුදලකටය. ඒ හෙයින් එය විශාල ලාභ පරතරයකි.

පසුගිය කාලයෙය් මෙම සිදුවීම ගැන ශ්‍රී ලංකාවේ ඇති නොරිටාකේ සමාගම ප්‍රකාශ කර තිබුණේ, ඉන්දියාවේ අම්බානි පවුල විසින් මෙසේ ඇණවුමක් ශ්‍රී ලංකාවට ලබා දුන් බැව්ය. එම පවුල විසින් විවිධ පිඟන් කට්ටල 20,000කට අධික ප්‍රමාණයක් ඇණවුම් කර ඇති බවත්, එක් කට්ටලයක් දළ වශයෙන් රුපියල් ලක්‍ෂයකට අධික බවත් ප්‍රකාශ වී තිබිණි. කෙසේ හෝ ධන කුවේර නීටා අම්බානිගේ මෙම ශ්‍රී ලංකා ගමන ඉතා රහසිගත අයුරින් දිනක් ඇතුළතදී සිදුවී ඇත. ශ්‍රී ලංකාවේ යම් අත්‍යාවශ්‍ය පාර්ශ්ව කිහිපයක් පමණක් එම ගමන ගැන දැනුවත්වී තිබුණු අතර, නීටා අම්බානි විසින් පෞද්ගලිකව තමන්ට අවශ්‍ය පිඟන් කට්ටල පරීක්‍ෂා කිරීමෙන් පසු එම තොගය තමන්ගේ ජෙට් යානයෙහි පටවාගෙන රැගෙන ගොස් ඇත. අම්බානි යුවළ පසුගිය කාලයේ මුම්බායි නුවර ඉදිකරනු ලැබූ තම පුද්ගලික නිවෙස ‘ඇන්ටිලියා’ ලෙසින් නම් කර ඇති අතර, එය තට්ටු (මහල්) 27කින් යුත් අති සුපිරි නිවෙසකි. මෙය ගොඩනැඟීමට ඇමෙරිකානු ඩොලර් බිලියන 2.6ක මහා ධනස්කන්ධයක් වැයවී ඇති අතර, එය දැනට ලෝකයේ ඇති අංක එකේ සුපිරි මිල අධිකම පුද්ගලික නිවෙස ලෙසද සැලකෙයි.

නීටා අම්බානිගේ සැමියා වන මුකේෂ් අම්බානි අද ආසියාවේ අංක එකේ ධන කුවේරයා මෙන්ම, ලෝකයෙහි 13 වැනි ධනවත්ම පුද්ගලයාද වෙයි. ඔහුගේ ධන වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 78.6ක අදහාගත නොහැකි ධන සම්භාරයකි. පසුගිය කාලයේ නීටා අම්බානි ශ්‍රී ලංකාවට පැමිණි ජෙට් ගුවන් යානය මුකේෂ් අම්බානි විසින් ඇයගේ උපන් දිනයකදී ලබාදුන් ත්‍යාගයක් වෙයි. කුසට නිසි අහරක් නැති, ගතට නිසි වස්ත්‍රයක් නැති මිනිසුන් කෝටි ගණනාවක් සිටින යාබද ඉන්දියාවේ මෙවැනි ධන කුවේරයන්ද බොහෝ ඇත. මෙහිදී තවත් විශේෂ වගතුගක් ලෙස හෙළිවන්නේ, නීටා අම්බානි ක්‍රිකට් ක්‍රීඩාවේ ‘පිස්සියක්’ද බැව්ය. ඉන්දියාවේ ප්‍රකට ක්‍රිකට් කණ්ඩායමක් වන ‘මුම්බායි ඉන්ඩියන්ස්’හි උප අයිතිකාරිය වන්නේ ඇය වන අතර, තම ස්වාමියා එහි අයිතිකරුය. ශ්‍රී ලංකාවේ සුප්‍රකට ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග මෙම කණ්ඩායම සඳහා වසර කිහිපයක්ම ක්‍රීඩා කළේය. නීටා අම්බානි එහිදී ලසිත් මාලිංග සමග බොහෝ සමීපව කටයුතු කළාය. කෙසේ හෝ පසුගිය කාලයේ රසවත් පුවතක් ලෙස හෙළිවී තිබුණේ, නීටා අම්බානි රහසෙන් එම ගමනේදී ප්‍රකට ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයකු හමුවූ බවත්ය.

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

කාදිනල් හිමි යැවූ ලියුම පාප් වහන්සේ බලලා! වතිකානුවෙන් නිල දැනුම්දීමක්!

Next Post

අනුරාධපුර-වැලිමඩත් වහයි!

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරියයි පුත්‍රයායි මල්වතු-අස්ගිරි මහනාහිමිවරු හමුවෙයි! ලොකු ඉල්ලීමක් කරයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරියයි පුත්‍රයායි මල්වතු-අස්ගිරි මහනාහිමිවරු හමුවෙයි! ලොකු ඉල්ලීමක් කරයි! I Sri Lanka Latest News

විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේට සාධාරණයක් ඉටු කිරීම සඳහා මැදිහත් වන ලෙස ඉල්ලා ඔහුගේ බිරිඳ මනෝරි සලේ සහ පුතා මල්වතු...

Read more
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.