සඳෙහි දක්ෂිණ ධ්‍රැවයට ළගා වූ පළමු රට බවට පත්වෙමින් වාර්තාගත මෙහෙයුමක් සිදුකර දින කිහිපයකට පසු ඉන්දියාව සිය පළමු සූර්ය මෙහෙයුම අද (02) දියත් කළේය.Sri Lanka Latest News
ඒ අනුව එම මෙහෙයුම සඳහා නිෂ්පාදනය කළ ‘ආදිත්‍යා එල් වන්’ යානය ඉන්දීය වේලාවෙන් අද (02) උදෑසන 11:50ට ශ්‍රීහරිකොටා මධ්‍යස්ථානයෙන් දියත් වූ බව විදෙස් මාධ්‍යය වාර්තා කළේය.
එම යානය පෘථිවියේ සිට කිලෝ මීටර් මිලියන 1.5ක දුරකින් ස්ථානගත කර සිය සූර්‍ය මෙහෙයුම සිදුකිරීමට නියමිතයි.
එම දුර පෘථිවිය සහ සූර්යයා අතර දුරින් සියයට එකක ප්‍රමාණයක් වන අතර එම දුර ගමන් කිරීමට මාස හතරක කාලයක් ගතවනු ඇති බව ඉන්දිය අභ්‍යවකාශ ඒජන්සිය පවසයි.
2008 වසරේ නිෂ්පාදනය ආරම්භ කළ ආදිත්‍යා එල් වන් සුර්ය මෙහෙයුම් යානය වෙනුවෙන් ඉන්දීය රුපියල් කෝටි 378ක් වැය කර ඇති බව සඳහන් වේ.











