ගාල්ල දිස්ත්‍රික්කයේ කරන්දෙනිය ආසනයේ වැලිවිටිය දිවිතුර සමූපකාර ඡන්දයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂයට හැකි වී තිබේ.Sri Lanka Latest News
සමූපකාර ප්‍රාදේශික 18කින් යුත් මෙම ප්‍රදේශයේ පසුගිය ජනවාරි මස 5 වැනි දින පැවැති එම කාරක සභා මැතිවරණයේ දී ප්‍රාදේශීක 16ක බලය සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය දිනා ගැනීමට සමත් වී තිබේ. රජය බලය හිමි ජාතික ජන බලවේගයට හිමි වූයේ ඉන් ප්‍රාදේශික 2 බලය පමණි.
මෙහි විශේෂත්වය වන්නේ ජාතික ජන බලවේගයේ ආධාරකරුවන් විසින් මැතිවරණයට පෙර මුද්‍රණය කරන ලද පත්‍රිකාවක් ද සහිතව ගෙන් ගෙට ගොස් තමන්ට බලය දෙන ලෙස ඉල්ලා සිටියත් එම ඡන්දයෙන් ජාතික ජන බලවේගයේ අපේක්ෂකයන් අන්ත පරාජයට පත් වීම යි.










